Colombo Today Local News

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

විශේෂ අවශ්‍යතා ඇති දැරියක් තැබූ අපූරු වාර්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වාර්තාව තබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායිහි වාසය කරන ජියා රායි නමැති වයස අවුරුදු 13 ක දැරියකි.

ජියා රායි නමැති අපේ කතා නායිකාව කිසිවෙකුටත් ඇදහිය නොහැකි ලෙස තැබූ වාර්තාව වන්නේ තලෙයිමන්නාරම සිට දකුණු ඉන්දියාවේ දනුෂ්කොඩි
දක්වා පොක් සමුද්‍රය සන්ධිය හරහා පිහිනා යාමය.

දනුෂ්කොඩි,අරිච්චල් වෙරළ දක්වා පිහිනා යාමට ඇයට ගතවී ඇත්තේ පැය 13යි විනාඩි 10ක කාලයකි.

දැරිය 20 වැනිදා අලුයම 4.22 ට සිය පිහිනීම ආරම්භ කොට ඇති අතර, ඊයේ(20) සවස 5.32 ට දනුෂ්කොඩි,අරිච්චල් වෙරළට ළගා වි තිබිණි.

තලෙයිමන්නාරම සිට දනුෂ්කොඩි අරිච්චල් දක්වා කිලෝමීටර 29 ක දුරකින් යුතුය.

මෙම දැරිය මීට පෙර මුම්බායි වෙරළ තීරයේ කිලෝමීටර 36 ක දුරක්ද පිහිනා ගොස් වාර්තාවක් තබා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

දැරිය දනුෂ්කොඩි දක්වා පිහිනීමෙන් අනතුරුව තමිල්නාඩු පොලිස් ප්‍රධානියා විසින් දැරිය පිළිගෙන තිබිණි.

දැරිය මීට පෙර ඉන්දීය අගමැතිවරයාගේ පවා පැසසුමට ලක්ව ඇති බවටද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

දැරියගේ පියා ඉන්දීය නාවික හමුදාවේ සාමාජිකයෙකු වන මදන් රායි නමැත්තෙකු වන අතර, මව රෙජිනා රායි වේ.

Related posts

අගමැති එලවන විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීරුන් මෙන්න…

colombotoday

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

අරක්කු බෝතලේ ස්ටිකරයත් හොරට ගහන රටේ බිත්තර වල ප්‍රමිතිය ගැන සහතිකයක් දෙන්නේ කොහොමද?

Admin

තිළිණි ප්‍රියමාලි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Admin

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday