Colombo Today Local News

හිර බතත් බරක් වෙයි

බන්ධනාගාර ගත සිරකරුවන්ට ආහාර සැපයීමද පවතින උද්ධමනකාරී වතාවරණය යටතේ දැඩි ගැටළුකාරීවී ඇතැයි වාර්තා වේ.

බන්ධනාගාරවල සිරකරුවන්ට සැපයන ආහාරවල මිල ගණන් වැඩි කරන්නැයි ආහාර සැපයුම්කරුවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා සිටින්නේ, සැපයුම්කරුවන්ගේ එම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි.

බන්ධනාගාරවල සිරකරුවන් සඳහා සැපයෙන ආහාරවල මිල ගණන් දෙගුණයකින් පමණ වැඩිවී ඇතැයි සැපයුම්කරුවන් දැනුම්දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රටපුරා බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව 20,000ක් පමණ වේ. මේ සෑම සිරකරුවකුගේ ආහාර පාන වෙනුවෙන් දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 300 කි.

Related posts

ලසන්ත මැරුවේ ෆොන්සේකා යැයි අපි ඉස්සර සැක කළා.. දැන් එයා ගැන සැකයක් නෑ

colombotoday

තවත්නම් නෑ කියනු බැරිවෙයි.. චම්පිකගේ දුරකථන සංඥා ගමන් මග රාජගිරියේ අනතුර හා පෑහෙයි

colombotoday

සෙරප්පු අඩියේ සුරුට්ටු 70ක් සඟවාගෙන අතුලට පනින්න ගිය රැදවියෙක් මාට්ටු

Admin

මාළු අමුවෙන් කෑ දිලිප් වෙදආරච්චිට තංගල්ල ධීවරයන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල

Admin