World

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

හදිසි ආධාර පැකේජයක් ලෙස ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක් යුක්රේනයට ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

එම මුදල් පැකේජයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් හදිසි ආධාර පැකේජයක් ලෙස මේ වනවිටත් යුක්රේන රජයට ලබා දීමට ලෝක බැංකුව පියවර ගෙන ඇත.

ලෝක බැංකුව මේ බව නිවේදනය කළේ එක්සත් ජාතීන්ගේ මූල්‍ය අරමුදල සමඟ එක් වී ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමිනි.

රුසියන් යුක්රේන අර්බුදය හමුවේ යුක්රේන රජයට සහ වැසියන්ට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන බව ද ලෝක බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related posts

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා” – ISIS ත්‍රස්තයෝ අනතුරුඅගවයි

colombotoday

පලස්තීන ඉස්ලාමීය දේශකයෙකුගෙන් ප්‍රංශයට එරෙහිව යුද්ධයක් ඉල්ලා ත්‍රස්තවාදී ප්‍රකාශයක්.

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

මුවන් මරා හිරගෙට නියම වූ සල්මන් ඛාන්ට ඇප

colombotoday

සුඩාන වෙළඳපොළකට රොකට් ප්‍රහාරයක්

Admin