ArticlesColombo Today Local News

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

මේ “යුධ අපරාධ” ගැන නිතර ඇහෙන කාලයකි. යුධ අපරාධයක්‌ යනු යම් පුද්ගලයෙකු, ප්‍රජාවක්‌, රටක්‌, හමුදාවක්‌ හෝ සිවිල් වැසියෙකු විසින් යුධ නීතිය උල්ලංඝනය කිරීමයි. යුද්ධයක්‌ පවතින කාලසීමාවක්‌ තුළදී සිවිල් වැසියන් හා යුධ සිරකරුවන්ගේ ආරක්‌ෂාව පිණිස ඇති කරනු ලැබ ඇති ජාත්‍යන්තර සම්මුතීන් කඩ කිරීමද “යුධ අපරාධයකි”. එවන් යුධ අපරාධයක්‌ යනු ජාත්‍යන්තර නීතිය යටතේ දඬුවම් ලැබීය හැකි වරදකි.

එහෙත්, දරුණු ගණයේ යුධ අපරාධ සිදු කළ යුධ අපරාධකරුවන් වන ධනවත්, එමෙන්ම බලවත් ඇමරිකානු පුරවැසියෝ අදටත් ලෝකයෙන් බුහුමන් ලබමින් නිදැල්ලේ සිටිති.

ඔබ දන්නවාදැයි බලන්න. පහතින් දැක්‌වෙන්නේ යුධ අපරාධකරුවන්ගේ ලැයිස්‌තුවේ ඉහළින්ම සදහන් කළ හැකි, එහෙත් අදටත් ලෝකයෙන් බුහුමන් ලබමින් නිදැල්ලේ සිටින යුධ අපරාධකරුවන්ය.

1. රොබට්‌ මැක්‌නමාරා

රොබට්‌ මැක්‌නමාරා යනු හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාය. ඔහු විසින් මරා දමන්නට සහය දුන් අහිංසක සිවිල් වැසියන් සංඛ්‍යාව මිලියන දෙකක්‌ හෝ තුනක්‌ අතර අගයකි. ඒ අතරින් මැරුම් කෑ බහුතරය දුප්පත් වියට්‌නාම් වැසියන්, කාම්බෝජ වැසියන් හා ලාඕසියානුවන්ය. ඔහු විසින් යුද්ධයට යොමු කරනු ලදුව මැරුම් කෑ 58,000 ක්‌ පමණ වූ ඇමරිකානු සෙබළුන් සංඛ්‍යාව ඒ මිලිsයන ගණනට අයත් නැත. එමෙන්ම යුද්ධය නිසා අනියමින් මරණයට පත්වුණු ඇමරිකානු උගතුන් සංඛ්‍යාවද එයට අයත් නැත. රටවල් ගණනාවක සිවිල් වැසියන්ගේ ජීවිතවලට ඒ සා විනාශයක්‌ කළ රොබට්‌ මැක්‌නමාරා අද ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස බුහුමන් ලබමින් නිරුපද්‍රිතව නිදැල්ලේ වෙසෙයි.

2. හෙන්රි කිසින්ගර්

හෙන්රි කිසින්ගර්ද හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයෙකි. ඉහත සඳහන් කළ වියට්‌නාම, කාම්බෝජ, හා ලාඕස වැසියන්ගේ මරණවලට සෘජුවම දායකත්වය දුන් අයෙකි. ඊට අමතරව ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ දායකත්වය යටතේ චිලී රාජ්‍යයේ තවත් දහස්‌ ගණනකගේ ජීවිත විනාශ කරන්නට දායක වූයේය. ඉන්පසු ඔහු ඒ වෙනුවෙන් කළ කාර්යභාරය වෙනුවෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලද්දේය. අද ඔහුද නිදැල්ලේ වෙසෙන ජ්‍යෙෂ්ඨ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

3. බිල් ක්‌ලින්ටන්

හිටපු ඇමරිකානු ජනාධිපතිවරයෙකි. ඉරාකයට හා යුගෝස්‌ලාවියාවට බෝම්බ දැමීමේ ඇරඹුම මොහුය. ඒ බෝම්බ ප්‍රහාර වලින් ආරක්‌ෂා වෙන්නට ඒ රටවල්වලින් කිසිවෙකුට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ දහස්‌ ගණනක්‌ සිවිල් වැසියන් මිය යැමයි. ඉරාකයට එරෙහිව දඬුවම් සම්බාධක පැනවූයේද මොහුගේ මූලිකත්වය යටතේය. එසේම ඇමරිකානු පුරවැසියන්ට එරෙහි යුධ අපරාධයක්‌ වන වැකෝ සමූලඝාතනය සහ ඔක්‌ලහෝමා බෝම්බ ප්‍රහාරය අවස්‌ථාවන්හිදී ජනපතිවරයා වූයේත් බිල් ක්‌ලින්ටන්ය. එහෙත් අදටත් යුධ අපරාධකරුවෙකු ලෙස නම් නොකෙරෙන, නිදහසේ ගෞරවනීයව ජීවත් වෙන ජ්‍යෙෂ්ඨ ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

4. ජෝර්ඡ් එච්. ඩබ්ලිව්. බුෂ්

හිටපු ඇමරිකානු ජනපතිවරයෙකි. Central Intelligence Agency හෙවත් CIA හරහා ඇමරිකානු ජනපතිධුරයට පැමිණි ඔහු CIA මූලස්‌ථානය වෙතින් ලබා ගත් පාඩම් සෘජුවම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තියට එක්‌ කළේය. රොනල්ඩ් රේගන් ජනපතිවරයා යටතේ සේවය කරමින් සිටියදී ඔහු ඉරාක ඉරාන යුද්ධය දිරිමත් කරන්නට කටයුතු කළේය. ඒ යුද්ධයෙන් ඇමරිකානු ආයුධ වෙළෙන්දන් හා තෙල් වෙළෙන්දන් බොහෝ සෙයින් ලාභ ලැබූ අතර ඉරාක ඉරාන වැසියන් මිලියන ගණනකට ජීවිත අහිමි විය. අසූව දශකය තුළ ලතින් ඇමරිකාව තුළ ඇමරිකානු අනුග්‍රහය ඇති හමුදා ආධිපත්‍යයක්‌ බිහි කළේය. ඉන්පසු ඇමරිකානු පුහුණුව ලැබූ මරාගෙන මැරෙන භට පිරිස්‌ නිර්මාණය කිරීමට දායක වූයේය. එමගින් දහස්‌ ගණන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත විනාශ කළේය. පැනමාව සමග ඇති කළ යුද්ධයෙන් සිවිල් වැසියන් හාරදහසක්‌ පමණ පිරිසකට ජීවිත අහිමි විය. එතරම් විනාශයකට දායක වූ යුධ අපරාධකරුවෙකු වන ජෝර්- එච්. ඩබ්ලිව්. බුෂ්ද අද ගෞරවනීය ඇමරිකානු පුරවැසියෙකි.

5. මැඩලීන් ඔල්බ්‍රයිට්‌

ඇමරිකානු ජනපති බිල් ක්‌ලින්ටන් යටතේ සිටි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියකි. ඉරාකයට එරෙහි දඬුවම් සම්බාධක පැනවීමේ මූලිකත්වය දැරූ අතර එයින් ඉරාක දරුවන් ලක්‌ෂ පහකට අධික සංඛ්‍යාවක්‌ මිය යනු ලැබිණ. එහෙත් ඇය නැවත නැවතත් පවසා සිටියේ ඉරාකයට එරෙහිව පැනවූ සම්බාධකය “සාධාරණ එකක්‌” බවයි. ඇයද අද කිසිදු යුධ අපරාධ චෝදනාවක්‌ නැති ගෞරවනීය ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික කාන්තාවකි.

06. ජෝර්ඡ් ඩබ්ලිව්. බුෂ්

දෙවරක්‌ම ඇමරිකාවේ ජනාධිපති ධුරය දැරූ ජෝර්- ඩබ්ලිව්. බුෂ් ජනපති ධුරයට පත් වූයේ “black box” නම් වූ ඉලෙක්‌ට්‍රොනික ඡන්ද ක්‍රමයක්‌ භාවිත කරමිනි. එහිදී සැබෑ ඡන්ද ප්‍රමාණය තහවුරු කරගැනීමක්‌ නොකෙරෙයි. පූර්වක්‍රය යුද්ධ දෙකකට දායකත්වය දී ලක්‌ෂයකට වැඩි ඇමරිකානු, ඉරාක හා ඇෆ්ගනිස්‌ථාන සොල්දාදුවන්ගේ ජීවිත අහිමි කරවීමට සෘජු දායකත්වය දුන් අයෙකි. එළිපිටම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කළ, ජිනීවා සම්මුතිය නොසලකා හැරි, පුද්ගලයෙකි. එහෙත් අදටත් කිසිදු චෝදනාවක්‌ නොලබන ගෞරවනීය ඇමරිකානු පුරවැසියෙකි.

07. ඩික්‌ චෙනෙයි

හිටපු ඇමරිකානු ආරක්‌ෂක ලේකම් වරයෙකි. ඇමරිකානු වැසියන්ට එරෙහි 911 “ත්‍රස්‌ත” ප්‍රහාරයේ මහ මොලකරු යෑයි කියවෙයි. එහෙත් මේ බව තවමත් තහවුරු කර නැත. වොෂින්ටන් පෝස්‌ට්‌ සඟරාව මගින් වරක්‌ ඔහුව “හිංසනයේ උපජනපති” ලෙස නම් කරනු ලැබිණ. චෙනෙයි “නිමා නොවන මැදපෙරදිග යුද්ධ” යේ නිරන්තර දායකයෙකි. වර්තමානයේ ඔහු කිසිදු චෝදනාවක්‌ නොලත් ගරු කටයුතු ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයෙකි.

08. පෝල් වුල්ෆොවිට්‌ස්‌

හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරයෙකි. නිමා නොවන මැදපෙරදිග යුද්ධයේ නිර්මාණ ශිල්පියා කිවහොත් නිවැරදිය. ඒ යුද්ධයෙන් දැනට අහිමිව ඇති ජීවිත ගණන ලක්‌ෂයකට අධිකය. ඒ අතර ඇමරිකානු සොල්දාදුවන්ද දෙදහසක්‌ පමණ වෙති. තුවාල ලැබූ ඇමරිකානු සොල්දාදුවන් ගණන පහළොස්‌ දහසකට අධිකය. පෝල් වුල්ෆොවිට්‌ස්‌ විසින් කළ මේ කාර්යයභාරය හේතුවෙන් ඇමරිකානු රජයෙන් “නිදහස උදෙසා වන ජනාධිපති සම්මානයෙන්” පිදුම් ලැබුවේය. ඉන්පසු ලෝක බැංකුවේ අධිපති තනතුරට උසස්‌ කරනු ලැබිණ.

බලය වෙනුවෙන් අනෙකුත් රටවල අර්බුද නිර්මාණය කරමින් ලක්‌ෂ ගණනින් අහිංසක මිනිස්‌ ජීවිත වැනසූ මේ පාලකයින් සිටින රටවල් අද අනෙක්‌ රටවල යුධ අපරාධයන් ගැන වධ වෙන අයුරු විස්‌මය ජනකය.

නිම්මි මුදිතා හේරත්

Related posts

නීතියට වෙට්ටු දැමූ ඇඹිලිපිටිය ASP රහස් පොලිස් අත්අඩංගුවට

colombotoday

දිස්ත්‍රික්ක කිහිපයක ජල බෙදා හැරීම සීමා කෙරේ…

Admin

මෙරට ධීවරයන්ට කොරියාවේ රැකියා අවස්ථා

colombotoday

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

හැංගි මුත්තන් කල වේදෙනිගම විමලතිස්ස හිමිට විරුද්ධව අපේ ජන බල පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ග – පක්ෂ සම්මේලනයේදී අනුමතයි

colombotoday

සූෆි මුස්ලිම් පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙතැයි අනතුරු ඇඟවීම්

colombotoday