Colombo Today Local News

සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිගෙන් ජනතාවට සහන දෙන අය වැයක්

බැංකු ක්ෂේත්‍රය බිඳ වැටීමේ ආසන්න මොහොතක සිටින අතර කඩා වැටීම වැලැක්වීම සඳහා බැංකු සඳහා ආරක්ෂිත දැලක් සම්පාදනය කිරීමට රජය සහතික විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් ලෙස මිල ගැලපීම ජනතාව මත විශාල බරක් පටවා ඇති නිසා මහජනතාවට සැලකීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව අමතමින් හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ සිය අදහස් පල කළේය.

2022 අයවැය සකස් කරන අවස්ථාවේ මෙවැනි අර්බුදයක් නොපැවති අතර නව අයවැයක් සකස් කරන්නේ නම් අත්‍යවශ්‍ය වියදම් පමණක් අන්තර් ගත කර සහන දෙන අයවැයක් සකස් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා සර්ව පාක්ෂික සමුළුවේ දී සිදු කළ ප්‍රකාශයේ කොටසක් පහතින් දැක්වේ.

“මුදල් අමාත්‍යාංශයේ මාසික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි දැනට ක්‍රියාත්මක පාලනයක් නැති හිඟ මූළ්‍යකරණය වැලැක්වීම සඳහා මහා බැංකුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අධීක්ෂණ කාර්ය භාරයක් පැනවීමට නව නීති සම්පාදනය කිරීම අවශ්‍ය වේ.

මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එකම උපායමාර්ගයකට අනුගත විය යුතු අතර ප්‍රසිද්ධියේ එක හඬකින් කතා කල යුතුය. ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව නම් කරන පුද්ගලයා මුදල් අමාත්‍යවරයා වන බැවින් මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වය ගත යුතුය. නව විනිමය අනුපාත බැංකු මත බැංකු මත පීඩනයක් ගෙන ඇත. පුද්ගලික බැංකු මේ වනවිට ඩොලර් ණය විශාල ප්‍රමාණයක් රඳවා ගෙන සිටි අතර රාජ්‍ය බැංකු රාජ්‍ය සතු ව්‍යවසායකයන් කීපයක්ම විශාල විදේශ ණය ගනිමින් සිටියි.

ඩොලර් ණය වත්මන් විණිමය අනුපාතිකයන්ට පරිවර්ථනය වීම නිසා බැංකුවල ශේෂ පත්‍රය පිලිබඳ ප්‍රශ්නයක් මතුව ඇත. බැංකු ක්ෂේත්‍රය බිඳ වැටීමේ ආසන්න මොහොතක සිටින අතර කඩා වැටීම වැලැක්වීම සඳහා බැංකු සඳහා ආරක්ෂිත දැලක් සම්පාදනය කිරීමට රජය සහතික විය යුතුය.

රජයේ ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිපලයක් ලෙස මිල ගැලපීම ජනතාව මත විශාල බරක් පටවා ඇත. ඒ නිසා මහජනතාවට සැලකීම අත්‍යවශ්‍යයි. ජාත්‍යන්තර මූළ්‍ය අරමුදල විසින් සාර්ව ආර්ථිකය සහ ණය තිරසාරත්වය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් නිර්දේශ කර ඇති අතර අවධානමට ලක්ව ඇති කණ්ඩායම් ආරක්ෂා කිරීම හා ශක්තිමත් කරන ලද හොඳින් ඉලක්ක කර ගත් සමාජ ආරක්ෂණ දැල හරහා දරිද්‍රතාවය අඩු කිරීමට නිර්දේශ කර ඇත.

2022 අය වැය සකස්කලේ මේ උග්‍ර අර්බුදයට පෙර ඒ අයවැයත් මේ අර්බුදයත් අතර සම්බන්ධයක් නෑ මම කියන්නේ අළුත් අයවැයක් අපි සකස් කරනවානම් අත්‍යවශ්‍ය වියදම් විතරක් හඳුනාගන්න. අනික් වියදම් සියල්ලම අඩු කරන්න. ඒක අයින් කරන්න කියන්නේ නෑ. ඒ සියල්ල ජනතාවට සහන දෙන්න ලබලා දෙන්න. මම හිතන්නේ රටේ සියයට 50කට සහන දෙන්න අපට සිදුවෙනවා. අපි සංවර්ධන අයවැයක් අපි අත්හැරලා සහන දෙන අයවැයකට යන්න. යුද්ධයක් තිබුනානනම් සංවර්ධන අයවැයකට නැතිව අපි යුද අයවැයකට යනවා. දැන් මෙතන සහන දෙන්න. මේ කරන ක්‍රියාවලිය සාර්ථක වෙන්න නම් අපි ජනතාවට සහන දෙන්න ඕනේ. සහන දෙන්නේ නැතිව මේක කරන්න බෑ.”

Related posts

ලුතින්න් කර්නල් ගෝඨාභය සමග යාපනය කොටුව බේරා ගැනීමට ගිය මාරාන්තික මෙහෙයුම !

colombotoday

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය නාමල් රාජපක්ෂට

Admin

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

භාණ්ඩ හයක මිළ පහතට !

colombotoday

අද සහ හෙට පාර්ලිමේන්තුව වැසේ : ආරක්ෂාවට සිටි STF කණ්ඩායමත් ඉවත් කරයි

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී දරුවෙකුට තුවාල

Admin