Colombo Today Local News

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල 40%කින් ඉහළට

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම නිසා ඇතැම් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සියයට 30ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සදහන් කරන්නේ පරිප්පු, සීනි, හාල්, වැනි ආහාර ද්‍රව්‍යවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවයි.

අද දිනයේ ඇතැම් වාණිජ බැංකු ඩොලරයේ අගය 290ත් 295ත් අතර අගයකින් ඉහළ දමා තිබුණා.

කෙසේ වෙතත්, ඉන්දියානු ණය පහසුකම මෙරටට ලැබීමත් සමග ඩොලරයට පවතින ඉල්ලුම ඉදිරියේ දී අවම වනු ඇති බවට අපේක්ෂා කරන බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සදහන් කරන්නේ.

ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500ක් පමණ මේ වන විට වරායේ සිර වී ඇති අතර ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් ලද මුදල් උපයෝගී කර ගනිමින් ඒවා නිදහස් කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පවසයි.

Related posts

දූෂිතයන් වටේ තියාගෙන ඉන්න සජිත් දූෂිතයන්ට ඇමැතිකම් දෙන්නෙ නෑ කීවට වැඩක්‌ නෑ

colombotoday

අගමැති කාර්යාලයේ යහපාලනය තිබ්බට ජනපති කාර්යාලයේ එහෙම එකක් නෑ – එජාප මන්ත්‍රීනි

colombotoday

ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතීන්ට යළිත් එම ඇමැති ධුර දෙන්න – අගමැති ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

අධික වර්ෂාවෙන් යාපනයේ ජල ගැලීම් තත්ත්වය ඉහළට.. කිලිනොච්චියේ වැව් දෙකක් වාන් දමයි

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද විරෝධතාවක

colombotoday

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

Admin