ArticlesColombo Today Local News

සුදු නෙළුමට පසුව එන බ්‍රදර් චාල්ස් ගේ ධර්ම බජව්ව

1. කව්ද මේ බ්‍රදර් අශිෂ්ට චාල්ස් ??? කාගේ කොන්ත්‍රාත් එකද්ද එයා කරන්නේ? කව්ද මෙතරම් මුදල් දෙන්නේ? කන්අඩි පුපුරන්න ඩ්‍රම් සෙට්, ඔර්ගන්, ගිටාර්, දාගෙන පාට පාට එලිය ගගහ කරන ධර්ම බජව්වක් ඇයි?

2. සංගීත සංදර්ශනයයි පාස්ටර්ගේ දේශනාවයි කලවම් කරපු අලුත් පානයක්. සමහරු මත් වෙනවා , හැබැයි ඉතින් දේශනාවට ගන්නේ සින්දු වල කෑලි. තමන් සිංහල නෙමෙයිලු, බෞද්ධ නෙමෙයිලු. එයාගේ ගීතිකා කියන ගෑනු ළමයි පල්ලියේ ස්වරයට තමයි ගීතය අග අල්ලන්නේ. සිදුවත් පල්ලියේ ගීතිකාවක් කරනවා. චාර්ල්ස් උන්නැහේ සින්දු කෑලියි ධර්ම කෑලියි එකට තමයි කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය එනම් බුදු රජුන්ගේ ඉගැන්වීම හරි බවටත් සහතික නිකුත් කරන්න තරම් මිත්යාදෘටිකයා පොරක් වෙලා. නච්ච ගීත වාදන විශුක දස්සන මාලා අකැප ලෙස ශීලයේ පිහිටා සිටිය යුතු සිවුරු පොරවාගත්තු ඇතැම් අයත් අච්චාරු ධර්මය අහනවා. ඇත්තටම මොවුන් බෞද්ධ සංඝයාමද? නැතිනම් සිවුරු පෙරවූ හොර තක්කඩිද ? සෝයා බලන්න අවශ්‍යයි. අශිෂ්ට චාල්ස් කියන්නේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අනුමැතිය ඇතිවලු මේවා කරන්නේ? මිත්යාදෘටිකයකුගෙන් බන අහන තරමට සංඝයා වහන්සේ පිරිහිලාද කියලා මහනායක හිමිවරුන්ගෙන් අහන්න වෙනවා?

3. ඔන්න ඒ අස්සේ රටට අයිතිවසිකමුත් කියන්න පටන් අරන් බලහත්කාරයෙන්, අනවසරෙන් පදිංචි වෙලා දැන් කියනවා මේ රටේ ඉන්න ශ්‍රී ලංකික පුරවැසියනට සමාන ලෙස රට අයිතිලු. සිංහල බෞධ්යාට රටට විශේෂ අයිතියක් නැතිලු. ඒ නිසා සිංහල දෙමල මුස්ලම් කොටස් 3 සහ බෞද්ධ හින්දු මුස්ලම් ක්‍රිස්තියානි කොටස් 4 ගැටෙන්නේ කුලල් කා ගන්නේ ලේ හලා හන්නේ නැතිව සමගියෙන් සමාදානයෙන් ඉන්නලු. හරියට මෙයා ජේසු තුමා කථා කරනවා වගේ වෙන්න හදනවා . බලහත්කාරෙන් ආගම පතුරවලා පදිංචි වෙලා දැන් අයිතිවසිකමුත් කියා පානවා. ඉදිරියට එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ටාවට සමාන්තරව ඔය විදිහට ඒකීය රට බෙදුවට ගැටෙන්න එපාලු. පර ජඩ වැඩ කරපු උන් සුදනෝ බෞධ්‍යා තමයි දැන් දුදනෝ??? පෙරහැරටත් කස කාරයෝ එනවානේ, ඔන්න අලුත් ව්‍යවස්ථාවේ තව එක කස කාරයෙක්. දෙශ්ප්ලනයට මාධ්‍යට බනිනවා. චාල්ස් පැස්බරා ඔලුව හන්ගගන්නේ ඒ බැනීම තුලින් තමයි.

4. සුගතදාස ස්ටෙඩ්යම් එකට 5000 ආබවත්, ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් හා පොලිස්පති ඇතුළු උසස් පොලිස් නිලධාරීන් ඉස්සරහ vip පේලි දෙකේ සිටිය බවත් , අනුරාධපුර පවත්වන මීළඟ සංදර්ශනයට සිංහල බෞධ්යන් 15,000 ගෙන්වන බවත් පාරම් බානවා. මේක සිංහල බෞධ්යනට කල අභියෝගයක් . එම හපන්කම කරන්නේ කාගේ උදව්වෙන්ද? ඉස්සරහ පේලියේ ඉන්න පොලිසියේ ලොක්කා කියන්නේ ආණ්ඩුව එතැන සිටින බව නොවේද? අපි නොදන්නා පොලිසිය!

5. අතීතය අමතක කරන්නලු. අතීතය හැම විටම කරදර කාරිලු. එකට නිදර්ශ්නත් පෙන්වනවා. මේ තක්කඩියා අතීතය කියන්නේ ඉතිහාසයට. අනේ අම්මපා මුන් සිංහල බෞධ්යෝ අමු අමුවේ මරලා ළමයි බයිනෙත්තුවේ ගහලා මරලා ගැනු දුෂණය කරලා කරුපු දේවල් මතක නැහැ. සුදගේ වහලුන් විධිහට මෙහෙට ඇවිල්ලා අනවසර පදිංචි වුනු මුන් අපිට ඒවා අමතක කරන්න උත්සහ කරන්නේ ඒ ඇත්ත කථා කරනකොට මුන්ට කරදරකාරී තමයි. මේ රට හැමෝටම අයිති කියන තර්කයට ඉතිහාසය තමයි කොස්ස. මුන්ට ඕනේ අපිට ඉතිහාසය අමතක කරවලා මුන්ගේ රැගුම් ටික මෙහෙ රගන්න. අතීත විෂය පාසලෙන් ඉවත් කරපු බද්-උද්- ඩින් මොහොමඩ් උත්සහ කලෙත් ඕක කරන්න.

6. සුගතදාස ස්ටේදියම් එකේ සංදර්ශනයේදී අනුග්‍රාහක පොලිසිය වෙනුවෙන් කථා කල ලොක්කා චාල්ස්ව නුතන අනගාරික ධර්මපාල ලෙස හඳුන්වා දුන්නා. මේ ටික කිව්වේ නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් හා පොලිස්පති ඉදිරි පෙළ අනුන්වල සිටියදීමයි. අමාත්‍යංශ ලේකම් සන්දරශ්නයට පැමිණියේ ආරාධනා පත්‍රය නිසාමද? ගොනා කොතනටද හැරෙන්නේ කියා අපි අවභොඩ කර ගත යුතුය.
7. චාල්ස්ගේ දහම් පහනේ ආදර්ශ පාඨය වන්නේ “ දහම බලවත් වූ දේශයක් කරාය” නම් යන්නයි. ධර්මය යනු බලවත් හෝ දුර්වල වන දෙයක් නොව එය ලොව පරම සත්‍යයි. ධර්මය යන්නෙහි අර්ථය නොදත් ක්‍රිස්තියානිය නම් නීති පද්ධතියක් වූ දර්ශනයක කොටුවූ මිත්යාදෘටිකයා අපිට දහම කියා දෙන්න එනවා.

8. මොහු කියන විදිහට සංඝයා වහන්සේ කිහිප නමක්, නිතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, ශ්‍රී පොලිසිය හා ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් තමයි ලු සුගතදාසේ බජව්වට අනුග්‍රහය.
එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගනින් කිව්වලු.

– සූර්යවංශය යළි ගොඩනැගීම –

Related posts

රන්ජන්ගේ මන්ත්‍රී ධුරයට මොනවා වෙයිද? නියෝගය අද.

colombotoday

අත්-කට ගැට ගසා සිදුකළ අමානුෂික ඝාතනය ගැන හෙළිදරව්වක්

Admin

නවක වදය දුන් සිසුන් 15 යළි රිමාන්ඩ්

colombotoday

දුප්පත් මිනිහගේ සාක්කුවටත් ඇරියා… හිගාකෑවනම් මීට නම්බුයි.. අගමැති වහා ඉල්ලා අස්වෙනු !

colombotoday

තෙවරප්පෙරුම ඉල්ලා අස්වෙයි…

colombotoday

නිල රාජ්‍ය මුද්‍රා 21ක් සමග ව්‍යාජ ලේඛන සෑදු පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday