Colombo Today Local News

උතුරු පළාතේ සංවර්ධනය සදහා ආයෝජනයට ජනපතිගෙන් ඩයස්පෝරාවට ඇරයුම්

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඊයේ(23) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

සර්ව පාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වූ කරුණු සහ එහි ප්‍රගතිය මෙන්ම දෙමළ ජාතික සන්ධානය සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයා විසින් උපලේකම්වරිය දැනුවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කර ඇති ඇය කැනඩාව, ඇමරිකාව සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමඟ සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම ද පෙන්වා දී ඇති බව සඳහන්.

එමෙන්ම, ජනාධිපතිවරයා එහි දී සඳහන් කර ඇත්තේ තමන්ද ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් පසුවන බවයි.

උතුරු පළාතේ සංවර්ධනය සඳහා ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඇමරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වාදීමටත්, සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහය ලබාදීමටත් ඇය මෙහි දී එකඟතාව පළ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා ඇයගෙන් ඉල්ලා ඇත්තේ, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් විදුලිය උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහාය වන ලෙසට යි.

Related posts

පාඨලීගේ 43 සේනාංකය සහ වෙල්ගමගේ පක්ෂය ඉදිරි ඡන්දයට එක්වෙයි

Admin

මේක ඔිනැකමින් කල කූඨ වෑයමක්… ශ්‍රී ලංකාවේ රදවාගත් රුසියාවේ ගුවන් යානය ගැන හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර සිදුකල විශේෂ ප්‍රකාශය…

colombotoday

මීගමුව නොසන්සුන්වීමට හේතුව බහින්බස්වීමක්… වැරදි තොරතුරු ප්‍රචාරය කළොත් දැඩි දඩුවම්

colombotoday

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 188කට සීමා වේ

Admin

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

colombotoday

අධිකරණයට අපහාස කල ලංකා ඊ නිව්ස් මඩ කතෘට යලිත් නොතීසි

colombotoday