Colombo Today Local News

දරුවන් දෙදෙනාට නිරුවත් කර ගස් බැද අමානුෂික ලෙස වද දුන් පියා රක්ෂිත බන්ධනාගාරයට.

තම දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැද ඇගට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදු කල පියෙක් හැටන් පොලිසිය විසින් පසුගිය (02) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.එල්.හෙට්ටිවත්ත මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මේ මස (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කලහ.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු වශයෙන් සේවය කරන කුඩාගම සමගි මාවතේ පදිංචි මුත්තයියා විජේකුමාර් (36) නැමති සිව්දරු පියයි.

සැකකරු (02) දින පස්වරුවේ බිමත්ව නිවසට පැමිණ බිරිදට පහර දි දරුවන් දෙදෙනා ගසක බැද දරුවන් දෙදෙනාගේ ඇගට මිරිස් කුඩු ඉස අමානුෂික ලෙස වද හිංසා සිදු කිරිම හේතුවෙන් හැටන් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වද හිංසාවට ලක් වු දරුවන් දෙදෙනා සහ මව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සදහා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබුණි.

Related posts

මේ රට ගොඩනැගිය හැක්කේ හොරකම් නොකරන ජවිපෙ අපට පමණයි…

colombotoday

ඇමරිකානු තානාපති හැසිරෙන්නේ මේ රටේ යුව රජු වගෙයි.. ජනපතිට නියෝග දෙන්නේ ඔහුයි…

colombotoday

රාජ්‍ය ආයතන රැසක්‌ විකුණයි – ඉලක්‌ක ආදායම කෝටි 15000 ක්‌

colombotoday

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට

colombotoday

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

colombotoday