Colombo Today Local News

කුණු වලට විරුද්ධ වුවොත් වරෙන්තු නැතිවම අත්අඩංගුවට.. ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලු පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

මහජන ආරක්ෂක පනතේ 17 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝග අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් වේ.

මෙවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීම මෙන්ම ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එවැනි වරදක් කරන ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට ඇතැයි ද එම අංශය කියයි.

මෙම නියෝග ඊයේ මධ්‍යම රාත්‍රී සිට වලංගු වේ.

Related posts

20 ට වැඩි අයටත් බූස්ටර් එන්නත

colombotoday

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

හිටපු ජනපති මහින්ද ළඟදීම ශ්‍රිලනිපයෙන් නෙරපන්න යයි !

colombotoday

LTTE යැයි අත්අඩංගුවේ සිටින පුද්ගලයින් නිදහස් කිරීම “කලයුත්තක්”.. ජනාධිපති ඉන්නෙත් ඒ මතයේමයි.

colombotoday

11සහ 12 බැංකු කටයුතු සාමාන්‍ය පරිදි

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday