Colombo Today Local News

ගාලුමුවදොර යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන මේ පාරනම් තීරණයක් ගන්නවා !

ගාලුමුවදොර පිටියේදී පවත්වන ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂයේ මැයි දින රැලියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් සහභාගි වුවහොත් ඔවුන් සම්බන්ධයෙන් පක්‌ෂ මධ්‍යම කාරක සභාව තීරණයක්‌ ගන්නා බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒකාබද්ධ විපක්‌ෂය මීට පෙර පැවැත්වූ මැයි රැලිවලට වඩා මෙවර රැලිය සම්පූර්ණයෙන්ම වෙනස්‌ එකක්‌ යෑයි ද, එම රැලිය සංවිධානය කරන්නේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතාගේ සහභාගිත්වයෙන් යුතු ශ්‍රී ලංකා පොදු ජන පක්‌ෂය බැවින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඊට සහභාගි විය නොහැකි බව ද ඊයේ (20 දා) පක්‌ෂ මූලස්‌ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කීය.

මේ නිසා මන්ත්‍රීවරුන් ඊට සහභාගි වුවහොත් මෙවර පැහැදිලි බෙදීම් ඉරක්‌ ඇඳෙනු ඇති බව ද පක්‌ෂ මධ්‍යම කාරක සභාව එම රැලියට යන පිරිසට එරෙහිව පියවර ගනු ඇති බව ද ඇමැතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැයි දින රැලිය මහනුවර, ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බැවින් ඊට පක්‌ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහභාගි විය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

Related posts

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

වැල්ලවත්තෙන් ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්.. මහ පිරිසක් අනතුරේ !

colombotoday

බොදු බල සේනා දිවිසරණ දෙවැනි දිනටත්.. බේදයක් නෑ, අවතැන් මුස්ලිම් ජනතාවටත් අත හිත

colombotoday

බස් ගාස්තුව ජූලියේ සිට ඉහළට !!

colombotoday

සෞදියේ මරණයට කැප වූ ලාංකික කාන්තාවට නිදහස ඉල්ලා අන්තර්ජාල පෙත්සමසක්, ඔබත් අත්සන තබන්න

colombotoday

රිෂාඩ් බදියුදින් පිළිබඳව පාස්කු කොමිසමට දුන් සාක්ෂියක් අසත්‍ය බව පවසමින් නීතිඥ රුෂ්ඩි හබීබ්ගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday