Colombo Today Local News

ඥාණසාර හිමි මාණික්කමඩුවට.. අන්තවාදීන්ට යට වූ නිලධාරීන්ට සැරටම අමතයි (Video)

අම්පාර ඉරක්කාමම්, මාණික්කමඩු විහාරස්ථානය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරි තත්ත්වය පිළිබදව බොදු බල සේනා ඇතුළු ජාතික සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේලා, ප්‍රාදේශීය මහා සංඝරත්නය රජයේ නිලධාරීන් සමග අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (25) සාකච්ඡාවක් පැවැත්වීණි.

ඓතිහාසික දීඝවාපියට අයත් පරිවාර දාගැබක් පිහිටි අම්පාර මාණික්කමඩු විහාර භූමියේ පසුගිය දා නව සංඝාවාසයක් ඉදි කිරීමට යාමේදී එම භූමියට අයිතිවාසිකම් ඉල්ලමින් මුස්ලිම් ජාතික පරිසක් එම ඉදිකිරීමට විරෝධය පලකිරීම නිසා ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත විය.

ඒ සම්බන්ධයෙන් කැදවා තිබුණු එම සාකච්ඡාවේදී, පුරාවිද්‍යා රක්ෂිත භූමියක ඉඩම් වංචනික බලපත්‍ර සකසා එම ඉඩම් ලෙස සිවිල් පුද්ගලයන්ට පවරා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස්වරයා සහ නිලධාරීන්ට බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දැඩි ලෙස දෝෂාරෝපණය කර සිටියේය.

ඥාණසාර හිමියන් එහිදී දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය.

https://youtu.be/M70LiK283vg?t=113

Related posts

පිල්ලෙයාන්ගේ උපදෙස් අනුව එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානි වූ සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් සංවිධානයට පියවර ගත්තා – චැනල් ෆෝ වීඩියෝව නිකුත් කෙරේ..

Admin

බස්නාහිරින් යන එන අයට අද සිට Antigen පරීක්ෂණ

colombotoday

“මාධ්‍ය කියන්නේ බොරු.. දරුවන් 130ක් පමණ අතුරුදන්“ – මීතොටමුල්ල ප්‍රදේශවාසීන් (Video)

colombotoday

අදත් තද වැසි – දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“බුදුන්ගේ රස්තියාදුව” කියලා අසභ්‍ය භාෂාවෙන් ග්‍රන්ථයක්, ඒක ලියපු මිනිහත් කලාකරුවෙක් කියලා හඳුන්වනවා. ඇමති විජේදාස

colombotoday

ග්ලයිෆොසේට් ආනයනයට අවසර

colombotoday