Colombo Today Local News

සෞඛ්‍ය නිලධාරිනියකට “හිරු CIA“ ප්‍රහාරයක්.. ගම් වැසියන්ගෙන් හිරුට විරෝධය (Video)

කුරුණෑගල දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ CIA වැඩසටහනෙන් අප්‍රේල් 13 වනදා ප්‍රචාරය කළ සාවද්‍ය පුවතක් නිසා එම නිලධාරිණිය දැඩි අපහසුතාවකට සහ අසාධාරණයකට ලක් සිටින බව වාර්තා වනවා.

මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකරණය සදහා ගැබිණි මව්වරුන්ට මල් පෝච්චි රැගෙන ඒමට එහි පවුල් සෞඛ්‍ය නිලධාරිණිය නීතියක් පනවා තිබෙන බවත්, එම නීතිය කඩකරන මව් වරුන්ට රජයෙන් නොමිලේ ලබා දෙන ත්‍රී පෝෂ පැකට්ටුව ලබා නොදීමට ඇය කටයුතු කරන බවත් එම වැඩසටහනෙන් චෝදනා කර තිබිණි.

නමුත් මේ පිළිබදව  මාතෘ සායනයට පැමිණෙන මව්වරුන් සහ, ප්‍රදේශවාසීන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. කුරුණෑගල දිස්ත්‍රිකයේ අති දුෂ්කර ප්‍රදේශයක් වූ දේවගිරිය, දඹහැර, පහළ දඹහැර, දිද්දෙනිය ඇතුළු ගම්මාන කිහිපයක්ම මාතෘ සායන වෙනුවෙන් සේවාව සැපයෙන්නේ දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයෙනි. ප්‍රදේශයේ පවතින දුෂ්කරතාව නිසාම පිට ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් මෙහි පැමිණිමට මැලිකමක් දක්වන අතර, දැනට එහි සේවයේ නියුතුව සිටින එකම සෞඛ්‍ය නිලධාරිනිය ද සිය රාජකාරි කටයුතු කරනුයේ දැඩි දුෂ්කරතාවන් මධ්‍යයේයි.

සෞඛ්‍ය අමාත්‍යංශය හෝ රජයේ වෙනක් කිසිදු වගකිව යුතු ආයතනයක් විසින් දේවගිරිය මාතෘ සායන මධ්‍යස්ථානයේ විදුලි බිල හෝ ගෙවා ගැනීමට මුදල් වෙන් කර නොමැති අතර කිසිදු නඩත්තු කටයුත්තක් හෝ සිදු නොකරන පසුබිමක වසර එක හමාරක් පමණ මධ්‍යස්ථානයේ විදුලි බිල පවා ගෙවා ඇත්තේ චෝදනාවට ලක් කරන පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ පෞද්ගලික මුදලිනි.

මාතෘ සායන මධ්‍යස්ථානයේ අලංකාරය සදහා මල් පෝචිචි තැබීමට සායනයට පැමිණෙන මව්වරුන් යෝජනා කර ඇති අතර, මල්පෝච්චි ගෙන එන්නැයි සෞඛ්‍ය නිලධාරිනිය විසින් අනිවාර්ය නිතීයක් පනවා නොමැති බවද එම මව්වරුන් පවසයි. හිරු CIA වැඩසටහනේ ප්‍රචාරය කළ වීඩියෝ පට සංස්කරණය කර සාවද්‍ය පුවතක් නිර්මාණය කරමින් ප්‍රචාරය කර ඇති බවද මව්වරුන් චෝදනා කරයි.

මාතෘ සායනයට පැමිණෙන මව්වරුන්ගේ ජල අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව තිබෙන අතර, මධ්‍යස්ථානයේ කොතෙකුත් අඩුපාඩු තිබියදී, ඒවා පෙන්වා නොදී, සාවද්‍ය තොරතුරු මත, රැකියාව සේවයක් කොට සලකමින් මහත් දුෂ්කරතා මධ්‍යයේ සේවය කරන මෙවැනි නිලධරීන්ට මඩ ප්‍රහාර එල්ල කර, ඔවුන් සහ තවත් එවැනි නිලධාරීන් අපහාසයට සහ අධෛර්යයට පත් කිරීමට වගකිය යුතු මාධ්‍ය ආයතනයක් කටයුතු කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවද එම ප්‍රදේශවාසීන් සහ මව්වරුන් පවසති.

කෝටි ගණන් මහජන ධනය කොල්ල කන දේශපාලකයන් හා ඔවුන්ට උඩගෙඩි දෙන සමහරක් රාජ්‍ය නිලධාරීන් ගැන හෙළිදරව් කිරීමට පිටකොන්දක් නැති, තම පුද්ගලික අරමුණු වෙනුවෙන් මහා පරිමාණ ජාවාරම්කරුවන් රකින, තක්කඩි දේශපාලකයන් පුම්බන මාධ්‍ය ආයතන, රැකියාවට පමණක් සීමා නොවී ස්වෙච්ඡාවෙන්ම නිහඩව සේවය කරන සුළු නිලධාරීන්ට පහර දී, නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් මහ උජාරුවෙන් රටට පෙන්වීම ලැජ්ජා සහගතය. ඔබලාගේ මාධ්‍ය සදාචාරය මෙයදැයි හිරු මාධ්‍ය ජාලයේ පාලනාධිකාරියෙන් විමසිය යුතුය.

ගාමිණි විජේසිංහ – මැල්සිරිපුර

Related posts

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday

නිදහස ලැබූ ඥානසාර හිමි පැවසූ දේ…

colombotoday

පළාත් 9ට සෞඛ්‍ය ප්‍රතිපත්ති 9ක්.. අලුත් ව්‍යවස්ථාවෙන් සෞඛ්‍ය සේවයත් අවුලෙන් අවුලට !

colombotoday

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් අල්ලාහ්ගේ නාමයෙන් තවුහිඩ් ජමාත් ඉල්ලයි

colombotoday

අවතැන් ජනයාට ආධාර පතා භික්ෂුන්වහන්සේ සියක් නමක් පිණ්ඩපාත චාරිකාවේ

colombotoday

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

colombotoday