Colombo Today Local News

BIMSTEC සමුළුව අද කොළඹදී

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) පස්වැනි සමුළුව අද දින සිට තෙදිනක් පුරා කොළඹදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙවර පැවැත්වීමට නියමිත මෙම සමුළුවට බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය සහ තායිලන්තය යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ අමාත්‍යවරු සහභාගී වන අතර මියන්මාර විදේශ අමාත්‍යවරයා අතථ්‍ය ලෙස ඊට සහභාගී වනු ඇත.

බිම්ස්ටෙක් සමුළුවේ අවසන් දිනය වන 30 වැනිදා මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුවේ මුලසුන හෙබවීමට නියමිතය.

මෙම සමුළුවේ දී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්මත කර ගැනීමට සහ නීතිමය ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද අපේක්ෂා කෙරේ.

Related posts

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

ලක්ෂ්මන් යාපාගෙන් රවීට කනේ පහරක් (Video)

colombotoday

වත්මන් ආණ්ඩුව බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනවා. දේශපාලන පළිගැනීම්වලට බය නෑ. – පාඨලී චම්පිකර රණවක

colombotoday

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

වෙල්ගම විපක්ෂයෙන්, රතන හිමි සහ වසන්ත ආණ්ඩු පක්ෂයෙන් අසුන් ඉල්ලති

colombotoday

සා/පෙළ විභාගය අදින් අවසන්..

Admin