Colombo Today Local News

අගමැති නෑ කියූ දේ ඉන්දියාවේදී කරයි.. ලංකාව ඉන්දියාවට අමුණන අධිවේගී මාර්ගය ගැන සාකච්ඡා

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන අධිවේගී මාර්ගය පිළිබදව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍ය නිතින් ගද්කාරී පවසයි.

නවදිල්ලියේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවී මෙම සකච්ඡා පැවැත්වූ බව ඉන්දීය මහාමාර්ග ඇමතිවරයා සිය ට්වීටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත.

ඉන්දියානු ජාතික මාර්ග පද්ධතිය ශ්‍රී ලංකාව දක්වා දීර්ඝ කිරීමේ සැලසුමක් පිළිබදව මීට පෙර කතා බහට ලක්වුණු අතර, එවැනි කිසිදු යෝජනාවකට ශ්‍රී ලංකා රජය හෝ එක්සත් ජාතික පක්ෂය එකග නොවන බවත්, ඒ පිළිබදව සාකච්ඡා කිරීම පවා ප්‍රතික්ෂේප කරන බවත් අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි අග්‍රා සිට ආරම්භ වන එම මහා මාර්ගය උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර, තෙ‍ලංගානා, ආන්ද්‍රා ප්‍රදේශ් , කර්නාටක, තමිල්නාඩුව යන ප්‍රාන්ත පසු කරමින් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම, කොළඹ හරහා මාතර දක්වා ඉදි කිරීමට සැලසුම් ඉදිරිපත් වී තිබිණි.

Related posts

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

නවසීලන්ත අගමැති එයි

colombotoday

නිවෙස්ගත නිරෝධායනය නිරීක්ෂණයට යාන්ත්‍රණයක්

colombotoday

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin

යහපාලන ඇමති මණ්ඩලයත් ලෝකය දිනයි.. රටවල් 191ක් පරදා අංක 1ට එයි !

colombotoday

නියඟයෙන් වගා හානි වුණු ගොවීන්ට රු.17000ක ඩීසල් නොමිලේ

Admin