
ජා-ඇළ කපුවත්ත හන්දියෙන් කොළඹ – මීගමුව මාර්ගය හරස් කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර ඇතැයි අප වාර්තා වෙයි.
සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට ඉන්ධන රැගෙන ආවත් ඉන්ධන ලබා නොදෙන බව කියමින් ඊට විරෝධය පා මේ ආකාරයෙන් විරෝධතාවේ නිරත වෙති.
මේ හේතුවෙන් කොළඹ – මීගමුව මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි ද පොලිසිය කියයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com