Colombo Today Local News

ෆයිසර් එන්නත ගන්න අලුත් අවස්ථාවක්

ෆයිසර් එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට ජනතාවට අලුතින් අවස්ථාව සලසාදී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

දරුවන් හැරුණු විට අනෙකුත් අයට ෆයිසර් එන්නත් මාත්‍රාව මෙතෙක් ලබා දුන්නේ තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලෙස පමණි.

සාමාන්‍යයෙන් ඇතැම් රටවලට යෑමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම විශේෂ වාසියක් වන හෙයින් එවැනි අයට නව අවස්ථාවෙන් ලොකු පහසුවක් ඇති වනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.

සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට දැනට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා බොහොමයක් ලබන අගෝස්තු මාසයේදී පමණ කල් ඉකුත්වීමට නියමිතය.

මෙරට මුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තෙවැනි මාත්‍රාව (බූස්ටර්) ලබා ගෙන ඇති සංඛ්‍යාව ලක්ෂ 76 කි.

මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට ඇති ජනතා උනන්දුව ඉතා විශාල ලෙස පහත වැටී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

2021 චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

colombotoday

නවක වදයට විසදුම් සොයමින් පේරාදෙණිය සරසවියෙන් නායකත්ව පුහුණු පාඨමාලා ඇරඹෙයි…

colombotoday

පුළුවන්නම් ඇමතිකමෙන් ඉවත්කර පෙන්වන්න – වසන්තගෙන් එජාපයට අභියෝගයක් !

colombotoday

අමානුෂික ලෙස බිරිඳ ඝාතනය කළ සැමියා වසර 14 කට පසු අල්ලයි

colombotoday

අතේ උණ පරික්ෂා කිරීම වැරදියි. ඔලුවේ උණ බැලුවට මොලේ ගෙඩි ඇතිවෙන්නේ නෑ – වි‍ශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.

colombotoday