Colombo Today Local News

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළක් තුළ තිබෙන බවට සැක කළ තරුණ කාන්තාවකගේ මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර පානදුර අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිළි වළ විවෘත කිරීමේදී හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ සේවකයින් දෙදෙනෙකුද මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 වියැති පුද්ගලයින් බව පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ වීරකැට්ය ප්‍රදේශයේ පදිංචි හෝටල් කළමනාකරු අද උදෑසන හෝටලයෙන් පලාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.

Related posts

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

සිසුවියට අරක්කු පොවා තිදෙනෙක් දූෂණය කරලා

Admin

අදත් විදුලිය නෑ..!!

colombotoday

නවතා තිබෙන ගුවන් යානයකට වසරකට කෝටි 130 ක්‌ ගෙවලා.- ශ්‍රී ලංකන් අභ්‍යන්තර විගණක පිළිගනී

colombotoday

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධූරයට ඩග්ලස් යෝජනා කරයි

Admin