
උත්සව සමය වෙනුවෙන්, අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.
එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබාදීමටද ඊයේ (28)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.
මෙම දීමනාව පවුල් ලක්ෂ තිස් එකකට පමණ ගෙවීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com