Colombo Today Local News

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමෙන් දෙදෙනෙක් රෝහලේ… එකක් කූඩුවේ

ගම්පහ, බැලුම්මහර ඉන්ධන පිරවුම්හලක් අසල රැඳී සිට ඇති රියදුරන් පිරිසක් සහ ප්‍රදේශවාසියෙකු අතර ඇතිවූ කතාබහක් දුරදිග ගොස් පහර කෑමට ලක්වූ දෙදෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් යක්කල පොලීසිය පවසයි.

ඊයේ (29) රාත්‍රීයේදී ඉන්ධන ලබාගැනීමට පෝලිමෙහි සිටි රියදුරන් පිරිසක් මත් පැන් පානය කොට හිස් බෝතලයක් අසල තිබූ කාණුවකට දැමීමේදී කුඩුවී යාම මත අසල්වාසී පුද්ගලයෙකු ඊට එරෙහිව කතා කොට ඇති අතර එම කතාබහ ගැටුමක් දක්වා දුරදිග යාම මත දෙදෙනෙකු රෝහල්ගත කිරීමට සිදුව ඇති බවද පොලීසිය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ යක්කල පොලීසිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතා ගේ උපදෙස් පරිදි පරීක්‍ෂණ සිදු කෙරේ.

Related posts

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday

සෞඛ්‍ය ඇමතිටත් ෂුවර් නැති ලංකාවේ සෞඛ්‍ය සේවය!

colombotoday

යහපාලන ආණ්ඩුවේ 35ක් අලුත් පක්ෂයට !

colombotoday

“දැයම එක රොදකට”- ගම්පහ විද්වත් කතිකාව. Live

colombotoday

PCR ප්‍රතිඵල ප්‍රමාද වීම නිවැරදි තීන්දු ගැනීමට බාධාවක්

colombotoday

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

colombotoday