Colombo Today Local News

රාජිත පිය පුතු දෙපළ යාපනයට ගුවනින් බහී.. දෙමළ ගැටළු වෙනුවෙන් අරගල කරන බව දිවුරයි

උතුර දකුණ යා කෙරෙන මනුෂ්‍යත්වයේ මැයි රැලිය” ලෙසින් ප්‍රජාත්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය දෙවන වරට සංවිධානය කරන ලද මැයි රැලියයාපනය, පේදූරුතුඩුව පාරේ සංකිලියන් පුංගා උද්‍යානයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක පාර්ලිමෙින්තු මන්ත්‍රි චතුර සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විනි.

මෙම මැයි රැලිය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

‘මම ජාති, ආගම්, කුල භේද වලට විරුද්ධයි. මම මනුෂ්‍යත්වයෙන් තමයි කටයුතු කරන්නේ. එල්.ටි.ටි.ඊ සංවිධානයේ යුද්ධය කාලයේත් මම උතුරට පැමිණියා. ඒ යුද්ධය නතර කර සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසදා ගැනීමටයි. මැතිවරණ කාලයේ දීත් මම උතුරට පැමිණියේ ද්‍රවිඩ නායකයින් සමග එකතුව කටයුතු කිරිමටයි. මොකද මම මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන නිසයි. යුද්ධය නතර කර ප්‍රජාතන්ත්‍රවාදීව දෙමළ ජනතාවගේ අයිතිය ලබාදීමටයි මට අවශ්‍ය වුයේ. ඉන්දූ ලංකා ගිවිසුම අත්සන් කරන විටත් අපි බලය බෙදාහරින්න කියා ඉල්ලා සිටියා. එම ව්‍යාපාරයේ සිටි විජය කුමාරතුංග මහතා ඇතුලු නායකයින් 108 ක් පසුකාලීනව මරා දැමුවා. හැබැයි මම ජාතිවාදයට එරෙහි සටන අඛණ්ඩව ගෙන ගියා. එය ජනවාරි 08 වනිදා ජයගත්තා. එහි නියමුවන් වන්නේ ජනතාවයි.

2015 ජනාධිපතිවරණයේ දී අපි උතුරට ඇවිත් ප්‍රකාශ කළා ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙනවා, දේශපාලන සිිරකරුවන් නිදහස් කරනවා, අතුරුදන් වූ දරුවන් සොයා දෙනවා, උතුරේ ජනතාවට රැකියා සහ නිවාස ලබාදෙනවා කියලා. නමුත් යහපාලන රජය තුල එම පොරොන්දූ මෙතෙක් නිසි ආකාරව සිදූ වී නැහැ. මන්දගාමීවයි සිදූ කරන්නේ. ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් වලින් හමුදා කදවුරු ඉවත් කර අදියරෙන් අදියර එම ඉඩම් ජනතාවට ලබාදෙනවා. ඔබලාගේ ඉඩම් අයිතිය කඩිනමින් ලබාදීමට මම පොරොන්දූ වෙනවා. බන්ධනාගාර ගත කර සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුයි. යුද්ධය පැවැති කාලයේ ද්‍රවිඩ ජනතාවටත්, සිංහල ජනතාවටත් විවිධ විනාශයන් අත් වුනා. දැන් යුද්ධය අවසන්. ද්‍රවිඩ ජනතාවගේ මෙන්ම ත්‍රිවිධ හමුදාවෙි ද යුද්ධයෙන් ජිවිතක්ෂයට පත් වුයේ පීඩිත පංතියේ දරුවන්. මෙම ඛෙිදවාචකය අමතක කරන්න බැහැ. දණ්ඩ නීති සංග්‍රහයේ නඩු පැවැරිමට නොහැකි සිරකරුවන් නිදහස් කළ යුතුයි. මම වවුනියාවෙි දී දරුවන් අතුරුදන් වූ දෙමාපියන් හමු වුනා. ඔවුන් සමග සාකචිඡා පැවැත්වූවා. අතුරුදන් වූ දරුවන් පිළිබද වාර්තාවක් අපි ලබාගත්තා. එම දරුවන් පිළිබද සොයාබැලීමට මම රජය සමග කටයුතු කරනවා. මට දේශපාලන වාසි අවශ්‍ය වන්නේ නැහැ. යුද්ධයෙන් ආබාධිත වූ ජනතාව වැඩි වශයෙන් සිටින්නේ උතුරු පළාතේ. මම උතුරු පළාතේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රකාශ කළා එම ආබාධිත වූවන් පිළිබද වාර්තාවක් ලබාදෙන්න කියලා. උතුරේ ඇතැම් ජනතාව පුනරුත්ථාපන කදවුරුවල තවත් ජීවත් වෙනවා. ඔවුන්ට නිවාස ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරනවා. පවතින ප්‍රශ්න විසදාගෙන ඉදිරියට ගමන් කළ යුතුයි.

උතුරේ දරුවන්ට ද රැකියා ලබා දිය යුතුයි. දකුණේ දරුවන්ට රැකියා ලබාදී උතුරේ රාජ්‍ය සේවාවට එක්කර රැකියා ප්‍රශ්ණය උග්‍ර කිරීමට අපට අවශ්‍ය නැහැ. ලබන වසර වනවිට යාපනය මහ රෝහල සංවර්ධනය කිරීමටත් මම පියවර ගන්නවා. ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අයිතිය, දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධනේ මම කැබිනට් මණ්ඩලයේ දී අරගලයක නිරත වෙනවා. ලබන වසරේ මැයි දිනයට පෙර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසදීමට යහපාලන රජය කටයුතු කරනවා.” යනුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම රැලිය අමතා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ද අදහස් පළ කරන ලදි.

සිංහල නායකයින් විසින් දමිළ ජනතාව වෙනුවෙන් යාපනයේ පැවැත් වූ මෙම මැයි රැළියට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ දෙමළ නායක සුදර්ශි විජයකාන්ත් මහතා, වෛද්‍ය කපිල රණසිංහ මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා, ඇතුලු විශාල ජනකායක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

Related posts

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday

මුල්ලේරියාවේ භූගත බංකරයක සැඟව සිටි ‘චීටි’ STF අත්අඩංගුවට

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

colombotoday