Colombo Today Local NewsNew Constitution

ශ්‍රී ලංකාව ෆෙඩරල්, බුද්ධාගමේ ප්‍රමුඛස්ථානය පහළට, උතුරට වැඩිපුර මන්ත්‍රීධූර.. අලුත් ව්‍යවස්ථා කෙටුම්පත මෙන්න

ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය එක්ව පවත්වන ලද මාධ්‍ය හමුයේදී පිවිතුරු හෙල උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ශ්‍රී ලංකාව ෆෙඩරල් කිරීමේ කුමණ්ත්‍රණය

එක්සත් ජාතික පක්ෂයේ නායක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති අගමැතිතුමන් විසින් එම මෙහෙයුම් කමිටුවට ව්‍යවස්ථා සම්පාදන කෙටුම්පතක් ඉදිරිපත්කොට තිබෙනවා. එම කෙටුම්පත පිළිබදවයි අද අපි මේ අදහස් දක්වන්නේ.
ඔබට මතකයි මෑත කාලයේ ආණ්ඩුවේ නායකයන්, විශ්‍රාමික දේශප්‍රේමීන් කිව්වා විමල් වීරවංශ මන්ත්‍රීතුමන් හා මම ෆෙඩරල්වාදයක් ගැන තේකෝප්පයේ කිඹුලන් දකිනවා කියලා. ඒ චෝදනාවලට අපි හැමදාමත් ලිඛිත සාක්ෂි සහිතව උත්තර දුන්නා. මෙම ස්ථානයේම අපි කළින් ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඒකාබද්ධව පැවැත්වු මාධ්‍ය හමුවකදී මධ්‍යම පර්යන්ත සබදතා පිළිබද පාර්ලිමේන්තු අනු කමිටුවේ යෝජනාව මාධ්‍යයට ඉදිරිපත් කරලා ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් කිරීමේ ආණ්ඩුවේ කුමණ්ත්‍රණයක දෙවන ලිඛිත සාක්ෂිය ජනගත කළා. මහජන අදහස් විමිසීමේ ලාල් විජේනායක කමිටු වාර්ථාවෙන් ලිඛිතවම රට ෆෙඩරල් කිරීම පිළිබද සාක්ෂි මුල්වරට ඉදිරිපත්වුණා. අගමැතිතුමන් මේ ඉදිරිපත්කල ලේඛණය එහි තුන්වන අවස්ථාවයි.

මෙම ලේඛණය ඉදිරිපත්කිරීමට කලින් ජනපතිතුමන් හා අගමැතිතුමන් මහනායකහිමිවරුන්ට සපතකර කියා සිටියා ඒකීය රාජ්‍යයට සහ බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානයට තමන් අත නොතබනවට.

එක්සත් ජාතික පක්ෂය විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අනුමැතිය සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ව්‍යවස්ථාවේ සියළුම වැදගත් වගන්ති වලට විකල්ප වගන්ති ඉදිරිපත් කිරීම හරහා බුදු දහමට ලබා දී තිබෙන ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමටත් ඒකීය රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.

මෙම යෝජනාවලියේ ඒකීය රාජ්‍යයට විකල්ප වගන්ති ඉදිරිපත්කරනවා. එම වගන්තියක කියනවා දැනට තියෙන ඒකීය රාජ්‍යයම පවත්වාගෙන යෑම ගැන. ඊට අමතරව තියෙන යෝජනාවලින් ඒකීය රාජ්‍යය කියන වගන්තිය ඉවත්කිරීමට යෝජනාකර තියෙනවා. එක් විකල්පයක කියනවා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයකි කියලා ඒ ගැන කියනවා නොබෙදු හා බෙදිය නොහැකි රාජ්‍යයක් ලෙස.

නමුත් ඒකීය කියන්නේ බෙදිය නොහැකි කියන එක නොවේ. නීති සම්පාදනය පිලිබඳ තිබෙන්නේ එක් පරමාධිකාරි ආයතනයක් නැතිනම් මධ්‍යගත පාර්ලිමේන්තුවක් පමණක් කියන එකයි. අර බලය ගන්න බොරු කියනව වගේම හදන ව්‍යවස්ථාවේ පිළිබදත් පට්ට පල් බොරුතමයි තියෙන්නේ. අනික් හැම තැනම ඒකීය රාජ්‍යය කියන වචනය ඉවත්කරලා එකීයද ෆෙඩරල්ද කියල සදහන් කරල නෑ. මේක ඉන්දියාවෙන් ණයට ගත්ත උපායක්.

ඉන්දීය ව්‍යවස්ථාවේ ඒකීය ද පෙඩරල් ද කියලා නෑ. ඒක තීරණය කලේ ශ්‍රේෂ්ඨාධිකරණය. මුලින්ම විනිසුරුවරුන් තිදෙනෙක් කිව්වා ඉන්දියාව ඒකීය රාජ්‍යයක් කියලා. ඊට පස්සේ පස්දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් කිව්වා නෑ පෙඩරල් කියලා. හත්දෙනෙකුගේ විනිසුරු මඩුල්ලක් කිව්වා නෑ ඒකීය කියලා. ඔය විධියට 9, 11ක් වශයෙන් විනිසුරුවරුන් වාඩි වෙලා ඒකීය පෙඩරල් දෙපැත්තට ඉන්දියාව විසි කරලා අවසානයේ දී 13 විනිසුරු මඩුල්ලක් කිව්වා පෙඩරල් කියලා. දැන් ඉන්දියාව සලකන්නේ පෙඩරල් රාජ්‍යයක් විධියටයි.

ඒකීය ද පෙඩරල් ද කියන කාරණය ව්‍යවස්ථාවේ සඳහන් නොකර සිටීමේ එජාප අරමුණ වෙන්නේ ඒක තීරණය කිරීම අධිකරණයට භාර දීමටයි. ඒත් ඒ ඉන්දියාවේ වගේ ශ්‍රේෂ්ඨාධිකරණය නොවේ. එන්ජිඕකාරයින්ගෙන් පුරවා සකසා ගැනීමට බලාපොරොත්තු වෙන ව්‍යවස්ථා අධිකරණයටයි. ඉතින් හූනා කියන්නා වගේ කියන්න පුළුවන් ඒකේ තීරණය වන්නේ ලංකාව පෙඩරල් කියන එකයි.

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථාන පහළට

බුද්ධාගම සම්බන්දයෙන් ඉදිරිපත්කරන විකල්පවල තුන්වන විකල්යයේ තියෙනවා ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමණ අතර සියළු ආගම් හා විශ්වාසයන්ය ගෞරවයෙන් සහ අභිමානයෙන් සලකමින් කිසිම ආකාරයක වෙනස් ලෙස සැළකීමකන් තොරව බුද්ධශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය. මා ඉගෙනගත් නීතිය අනුවනම් මේ දෙකම එකවර කරන්න බෑ. ප්‍රමුඛස්ථානය ලබාදීමයි සියල්ලන්ටම ඒකම ආකාරයට සැලකීමයි කියන දෙකම එකවර කරන්නේ කොහොමද? ප්‍රමුඛස්ථානය දෙනකොටම බුද්ධාගමට අනික් අයට වඩා ප්‍රමුඛස්ථානයක් වැඩි තැනක් දීල තියෙනවා. සියල්ල එකසමාන කරපු ගමන් අර බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථාන පහළට ගෙනල්ල සියල්ල සම කරල තියෙනවා.

ඒ වගේම මෙහි හතරවන විකල්පයේ හරි විහිළුවක් තියෙනව. ඉතාම සූක්ෂම අන්දමින් බුදු දහමට ලබා දුන් ප්‍රමුඛස්ථානය ඉවත් කරලා තියෙනවා. එහි කියනවා ත්‍රිපිටකයේ විවරණය කර ඇති අයුරින් බුද්ධාගමට පුමුඛස්ථානය දිය යුතුය කියලා. එහෙම බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දීම ගැනවත් එය දෙන ආකාරය ගැනවත් ත්‍රිපිටකයේ කොතැනකවත් විස්තර කර නෑ.

ත්‍රිපිටකය අකුරක්වත් කියවා නැති මිනිස්සු තමයි බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන මේ වගන්තිය ලියල තියේනනේ කියන එක තමයි මින් පැහැදිලි වන්නේ. බුදු දහමට ප්‍රමුඛස්ථානය තිබිය යුත්තේ රටේ නීතියේ මිස බුද්ධ නීතියේ නොවේ. ත්‍රිපිටකයේ තියෙන විදිහට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නේ ත්‍රිපිටකයේ එහෙම එකක් නැති නිසා බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදීමේ අවශ්‍යතාවය එතැනින්ම අවසන් කරනවා.

ඒ වගේම මෙහි ඇති විකල්ප අතර ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි කියන විකල්පයකුත් තියෙනවා. මේ පිලිබඳ මහ නායක ස්වාමින් වහන්සේලා අවධානය යොමු කරනු ඇතැයි අපි ගෞරවයෙන් බලාපොරාත්තු වෙනවා.

ජාතිවාදී වර්ගවාදී පදනමින් උතුරට වැඩිපුර මන්ත්‍රී ධූර

පුද්ගලයින් අවතැන් වීමේ හේතුවෙන් උතුරු පලාතට වැඩිපුර මන්ත්‍රි ධූර කිහිපයක් වෙන් කරන්න යෝජනා කර තිබෙනවා. යුද්ධය අවසන් වෙලා වසර 8ක් ගෙවී ගිහින්. යුද්ධයෙන් අවතැන් වීම හේතුවෙන් උතුරු පලාත් ජනතාව උතුරෙන් පිට තව දුරටත් ජීවත් වෙන්නේ නැහැ. එසේ තවදුරටත් උතුරින් පිට සිටිනවානම් ඔවුන් උතුරට නොයෑමට තීරණය කල පුද්ගලයන්. පිටරට වල ජීවත්වන පුද්ගලයන් උතුරුරේ අවතැන් ජනතාව ලෙස සලකන්නට මැතිවරණ නීතියෙන්ම ඉඩක් නෑ. උතුරේ ජීවත්වෙලා වෙනත් රටවලට සංක්‍රමණය වුණු ජනතාව ද මේ රටේ ජීවත්වෙනවා යැයි සලකා ඔවුන් වෙනුවෙන් මන්ත්‍රි ධූර වෙන් කිරීමක් මේ සිදු කරන්නට හදන්නේ. උතුරේ දෙමළ ජනතාව වගේම නැගෙනහිර මුස්ලිම් ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් රටින් බැහැර වී තිබෙනවා. ඇයි එහෙමනම් උතුරට විතරත් වැඩිපුර මන්ත්‍රීධුර ලබාදෙන්නේ. මේක සෘජුවම ජාතිවාදී වර්ගවාදී යෝජනාවක්. සංහිදියාව ගැන කතාකරන ආණ්ඩුවක් මෙවැනි ජාතිවාදී වර්ගවාදී යෝජනා ඉදිරිපත්කිරීම කෙතරම් සුදුසුද කියලා අපිට ආණ්ඩුවෙන් අහන්න වෙනවා.

ඒ වගේම ඉන්දියාව බලහත්කාරයෙන් අප මත පැටවු දෙමළ ඊළමේ වස්තු බීජය වන උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ වගන්තිය නැවතත් ගෙන ආ යුුතු බවට දෙමළ ජාතික සංධානය විසින් ගෙන ආ යෝජනාව සළකා බැළිය යුතුයි කියලා මේ එක්සත් ජාතික පක්ෂය ගෙනැවිත් තියෙන මෙහෙයුම් කමිටු අතුරු කෙටුම්පතේ සදහන් කරනවා. මේ කරන්න හදන්නේ රට ෆෙඩරල් කරමින් මධ්‍යම ආණ්ඩුව දුර්වල කරමින් බලය පළාත් සභාවලට ගන්න අතරම උතුරු හා නැගෙනහිර එක්කර තනි පළාත් සභාවක් පිහිුටවීම හරහා දෙමළ ඊලමට යන පාර කැපීමයි. වේළුපිල්ලේ පිරබාහරන්ට උණ්ඩයෙන් කර ගන්න බැරි වුණු දේ සම්බන්දන් ඔබේ ඡන්දයෙන් කර ගන්නයි යන්නේ.

– අරවින්ද අතුකෝරල

 

Related posts

පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයක

Admin

ඤාණසාර හිමියන්ගේ සිරගෙදර ජීවිතය ගැන පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සංවේදී සටහන….

colombotoday

ගම්මිරිස්, කරුංකා, සියඹලා ඇතුළු මෙරට වගා කල හැකි සුළු අපනයන භෝග පිටරටින් ගෙන්වීම මින්පසු තහනම්…. ගැසට් නිවේදනය නිකුත් වෙයි

colombotoday

ජාත්‍යන්තර සහයෝගය අපේක්ෂාවෙන් සිටිද්දී මර්දනකාරී ක්‍රියා අනාගතයට බලපායි

colombotoday

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනීතිය පනවයි. නගරය නොසන්සුන්

colombotoday