Colombo Today Local News

විදුලි විසන්ධිය හමුවේ අන්තර්ජාල සේවා සැපයුමටත් බාධා…

පැය ගණනාවක් අඛණ්ඩව විදුලි විසන්ධි කිරීම හමුවේ ඇතැම් ප්‍රදේශවල දුරකථන සංඥා ගැටලු මතුව ඇති බව තාක්ෂණ අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් ජයන්ත ද සිල්වා මහතා සදහන් කරන්නේ, සංඥා කුළුණුවල විදුලිය විසන්ධි වූ අවස්ථාවල විදුලිය ලබා ගැනීමට ඇති ජනන යන්ත්‍රවලට ඩීසල් නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මේ හේතුවෙන් එම සංඥා කුළුණු අක්‍රීය වන අතර එහි ආවරණ කලාප ආශ්‍රිතව අන්තර්ජාල සේවා ලබාගැනීමේ ගැටලු ඇතුළු ගැටලු කිහිපයක් පැන නැගී තිබේ.

ඒ අනුව සෑම දුරකථන සංඥා කුළුණකට ඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.

ඒ සඳහා විශේෂ මෘදුකාංගයක් ද සකස් කර ඇති බව ඔහු පවසයි.

Related posts

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

colombotoday

‘කොටි හඬ’ට පණ එයි! යළිත් විකාශණය ඇරඹේ

colombotoday

විරෝධතාවයේ නිරත රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති

colombotoday

විගණන වාර්තා භාර නොදුන් පක්ෂ 4ක් මැතිවරණ කොමිසමට කැඳවයි

colombotoday

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday