Colombo Today Local Newsextremism & terrorism activities

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

අම්පාර මානික්කමඩු දීඝවාපි පරිවාර චෛත්‍ය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වහාම නවතා දමන්නැයි ඉල්ලා මුස්ලිම් කොංග්‍රස් පළාත්සභා මන්ත්‍රී අරීෆ් සම්සුදීන් විසින් නැගෙනහිර පළාත්සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

එම යෝජනාවට අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දැඩි විරෝධය දැක්වීමත් සමග සභාවේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර සභාව කල් තැබීමට නියෝජ්‍ය සභාපති අයි. නිත්‍යනාදන් කටයුතු කළේය.

පසුගිය 25 වනදා පැවති 76 වන සැසි වාරයට සිය හදිසි යෝජනාව ඉදිරිපත් කරමින් සම්සුදීන් මන්ත්‍රීවරයා කියා සිටියේ, විහාරස්ථානයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් දෙමළ කතා කරන ජනයාට බියක් හා සිත් රිදීමක් ඇතිව තිබෙන බවයි. එබැවින් ප්‍රදේශයේ ජනවාර්ගික සමගියට බාධාවක් වන මෙම ඉදිකිරීම නවතා දැමීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත්ය.

මානික්කමඩු විහාරය සම්බන්ධයෙන් පසුගිය 26 වනදා රාත්‍රියේ විපක්ෂ නායක ආර්. සම්බන්දන් හා ඇමති රවූෆ් හකීම් අතර සාකච්චාවක් පවත්වා ඇති අතර, විහාරයට ඉදිකිරීමට එරෙහිව පළාත් සභාවට යෝජනාවක් ගෙනවිත් සම්මත කරගැනීමට එහිදී දෙපාර්ශවය එකග වී ඇත.

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස ලක්ෂ3 ඉක්මවයි..

Admin

දේවිකා කොඩිතුවක්කුත් සමගි ජන බලවේගයට

Admin

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

colombotoday