Colombo Today Local Newsextremism & terrorism activities

අවසන් සටනේදී පැනගිය කොටි නායකයෝ ලංකාවට.. ඉන්දීය ඔත්තු සේවා අනතුරු අගවයි

අවසන් සටනේදී පිටරටවලට පැනගිය එල්. ටී. ටී. ඊ. යේ බුද්ධි හා සන්නද්ධ නායකයන් ද ඇතුළුව කොටි සාමාජිකයන් විවිධ ක්‍රම ඔස්‌සේ යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බැවින් අවධානයෙන් සිටින්නැයි ඉන්දීය ඔත්තු සේවා රජයට දැනුම් දී තිබේ.

කොටින්ගේ ජෙයන්දන් බළකායේ නායකයා වූ මඩකලපුව එල් ටී ටී ඊ බුද්ධි ප්‍රධානියාව සිටි ජෙයාන්තන් නොහොත් මොහන්දාස්‌ නමැති ත්‍රස්‌තවාදියා ද පසුගිය දිනවල මන්නාරම ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වී තිබිණි.

ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවක්‌ මාර්ගයෙන් ජෙයාන්තන් මන්නාරම වෙඩිකල්තිව් හරහා මෙලෙස රට තුළට පැමිණි බව ද වාර්තා විය.

අවසන් සටන සමයේ පුදුමාතලන් සිට මුහුදු මාර්ග ඔස්‌සේ ඉන්දියාවට පලාගිය ජෙයාන්තන් පසුව ලන්ඩනයට ගිය බව ද ඒ දිනවල බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.

ජෙයාන්තන් නොහොත් මොහාන්දාස්‌ නමැති මෙම ත්‍රස්‌තවාදියා මේ දක්‌වා මෙරටින් පිටව ගොස්‌ නැති බව ද වාර්තා වේ.

මොහු රැඳී සිටින ස්‌ථානය අනාවරණය කර ගැනීම සඳහා මේ වන විට ආරක්‍ෂක අංශවල ද අවධානය යොමුවී ඇති අතර ඉකුත් සතියේ ආරක්‍ෂක මණ්‌ඩලය තුළදී ද ඉන්දියාවේ දැනුම් දීම සහ ජෙයාන්තන්ගේ පැමිණීම ගැන සාකච්ඡාවට බඳුන් වී ඇත.

සමන් ගමගේ – දිවයින

Related posts

විස්තීරණ ණය පහසුකමෙහි දෙවැනි ණය වාරිකය මුදා හැරීමට IMF විධායක කමිටු අනුමැතිය

Admin

කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල උඩුවර ප්‍රදේශයෙන් අද සිට බස් ධාවනය සීමා කෙරේ..

Admin

ලිංගික අල්ලස් ගන්න ගිය කල්මුනේ පොලීසියේ එස් අයි ට වැඩ වරදී

Admin

රොහාගේ මරණය සැමරූ 3ක් අත්අඩංගුවේ – කුඩු අංජුගේ සහෝදරියත් ඒ අතර

colombotoday

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

Admin

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

colombotoday