Colombo Today Local News

“ඥාණසාර හිමි අත්අඩංගුවට ගනු“ – මුස්ලිම් මැති ඇමතීන් පොලිස් ප්‍රධානීන් හමුවෙයි

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ උන්වහන්සේ සමඟ කටයුතු කරමින් සිටින කණ්ඩායමේ සාමාජිකයින්ද වහාම අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙස ඉල්ලා මුස්ලිම් පක්ෂ කිහිපයක නායකයන් අද සවස පොලිස් ප්‍රධානින්ගෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබේ.

ජනතා කොංග්‍රසයේ (People’s Congress)නායක අමාත්‍ය රීෂාඩ් බදියුදීන්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන නී අමාත්‍ය ෆයිසර් මුස්තාෆා,එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් සහ ජාතික සමගිය පෙරමුණේ(National Unity Front) නායක අසාද් සාලිය පොලිස් මුලස්ථානයට පැමිණ මෙම පැමිණිල්ල කර තිබේ.

මෙහිදි පොලිස් ප්‍රධානින් හමුවේ මුස්ලිම් නායකයන් පෙන්වා දි ඇත්තේ ඥාණසාර හිමියන්ගේ ක්‍රියා කලාපයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනිම හරහා යහපාලනය සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසය බිඳවැටීමට ලක්වන බවයි.

Related posts

“කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවෙන් වහාම නෙරපිය යුතුයි“ – හෙද සහායක රත්නප්‍රිය

colombotoday

සියළුම මන්ත්‍රීන්ට ලක්ෂයක කාර්යාල දීමනාවක්.. පරිපූරකය පාර්ලිමේන්තුවට !

colombotoday

“අස්ගිරියටයි, කාදිනල්ටයි කුඩු වෙන්න ගහන්න ඕන” – දඹර අමිල හිමි

colombotoday

ඕනෑ ගොනකුට උසස් අධ්‍යාපන ඇමැතිකම කරන්නට බෑ – විමල්

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday