Colombo Today Local News

අන්‍යාගමික ස්‌ථානවලට හිරිහැර කරන අය මර්දනයට අගමැති අණින් විශේෂ පොලිස්‌ ඒකකයක්‌‍

ජාතිවාදී සහ ආගම්වාදී ආකාරයට ක්‍රියාත්මක වෙමින් අන්‍යාගමිකයන්ට හිරිහැර කරන සහ අන්‍යාගමික මධ්‍යස්‌ථානවලට පහරදෙන සංවිධානාත්මක කල්ලිවලට එරෙහිව කටයුතු කිරීමට පූර්ණ බලතල සහිත විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට රජය තීරණය කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ මෙම ඒකකය පිහිටුවන අතර, පොලිස්‌ දෙපාර්තමේන්තුවේ දක්‍ෂ හා කාර්යක්‍ෂම නිලධාරිහු පිරිසක්‌ මෙම ඒකකයට අනුයුක්‌ත කෙරෙති.

අන්‍යාගමික ස්‌ථානවලට පහරදීමක්‌ හෝ යම් කලබලකාරී සිද්ධියක්‌ ඇතිවුවහොත් ක්‍ෂණිකව එම ස්‌ථානවලට පොලිස්‌ නිලධාරීන් යෙදවීම, විමර්ශන කිරීම හා උපදෙස්‌ දීම මෙම ඒකකයේ කාර්යභාරය වේ.

අන්‍යාගමික ස්‌ථානවලට පහරදෙන සංවිධානාත්මක කණ්‌ඩායම් පිළිබඳව සකස්‌ කෙරුණු වාර්තාවක්‌ ද ලබන සතියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත බුද්ධි අංශ මඟින් භාර දීමට ද නියමිතය.

-අකිත පෙරේරා

Related posts

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය සමග ගුවන් යානයක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට !!

colombotoday