Colombo Today Local News

නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න..! ආණ්ඩුවෙන් පූජිතට දැනුම් දෙයි

පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ බලධාරීන් විසින් දන්වා ඇති බව එජාප හිතවාදී ලංකා ඊනිව්ස්  වෙබ් අඩවිය වාර්තා කර ඇත. එම වාර්තාව පහත දැක්වේ.

හපාලන ආණ්ඩුව පත් වීමෙන් පසු 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙන ආ ‘ව්‍යවස්ථා සභාව‘ මගින් පොලිස්පතිවරයා පත්කිරීම  සිදුකෙරුණු අතර එසේ ප්‍රථම වරට පත් වූ පොලිස්පති පූජිත ජයසුන්දර මුලදී විසිළුකාර ‘කෝළමක්‘ බවට පත් වී මේ වන විට ‘වාතයක්‘ බවට පත් වීමත් සමග ඔහුට නම්බුකාර අයුරින් ඉල්ලා අස්වන්න යැයි යහපාලන ආණ්ඩුවේ බලධාරීන් විසින් දැනුම් දී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

එලෙස නම්බුකාර අයුරින් ඉල්ලා අස්වන්නේ නම් ලබන පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීමට අවස්ථාවක් ලබා දී දේශපාලනයට අවතීර්ණ වීමට අවස්ථාවක් හදා දෙන බවටද පොරොන්දු වී තිබේ. පූජිත ජයසුන්දර කුරුණෑගල ප්‍රදේශය ඉල්ලා ඇතත් ඔහුට දඹුල්ල ප්‍රදේශය ලබා දිය හැකි යයි ද දැනුම් දී ඇත. (පක්ෂය කුමක්දැයි දැනට හෙළිදරව් නොකරමු)

පොලිස්පතිවරයෙකු ‘වාතයක්‘ වන්නේ නම් නම්බුකාර අයුරින් ඉල්ලා අස්නොවුන හොත් අස්කළ හැකි එකම ක්‍රමය වන්නේ ඔහුට විරුද්ධව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙන ඒමයි. එවැනි දෝෂාභියෝගයකට ඇවැසි කරුණු දහසක් පමණ පූජිත විසින් සපයා ඇති අතර දෝෂාභියෝගයක් ජය ගැනීමට පාර්ලිමේන්තුවේ සරල බහුතරය සෑහේ. වත්මන් පාර්ලිමේන්තුවේ සම්මුති ආණ්ඩුවට තුනෙන් දෙකක්ම තිබේ.

පූජිත ජයසුන්දර ‘පොලිස්පති කෝළමක්‘ බවට පත් වූ ආකාරය ‘හම්මඩ හුඩු පූජිතත් එහෙනම් අයිජී වුනා ඈ‘ කියමින් මේසයට ගැසූ ආරම්භක සිද්ධියේ සිටම ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත. නමුත් කෝළමෙන් නොනැවතුනු පූජිත කිසිදු ආණ්ඩුවකට දරා ගත නොහැකි තරම් පසුගිය කාලයේ ‘වාතයක්‘ බවට පත් විය.

ඉන් ආසන්න සිදුවීම් කිහිපයකි. පොලිස්පතිවරයා පොලිස් මූලස්ථානයේම කාන්තාවන්ද ඇතුළු පිරිස් වෙත භාවනා නොකෙළේ යයි නොහොබිනා ලෙස කුණුහරුපයෙන් බැන වැදී පහර දීමත්, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එස්ටීඑෆ් ලොක්කා ලවා දින 3 ක් ඇතුලත වාර්තාවක් දෙන්නැයි පොලිසිය බාර ඇමැතිවරයා පොලිස්පතිවරයාට දුන් නියෝගය තුට්ටුවකට නොතකා හැරීමත්, සයිටම් විරෝධී උද්ඝෝෂන ආරම්භයේදීම විසිරුවා හැරීමට අවස්ථාව සහ හැකියාව තිබියදී ඒවා අගනුවර පුරා ඇදි ඇදී පෙන්වන විකාරරූපී නාටක බවට පත් කිරීමත් (විශේෂයෙන්ම පසුගියදා විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීමේ සිද්ධිය) පොලිස්පති පූජිත ජයසුන්දර ආණ්ඩුවට වාතයක් වීමේ ආසන්න කාරණා අතර වෙති. රට පුරා සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොළඹට කැඳවා සම්පූර්ණ වැඩ දිනයක් පුරා පවත්වන ඔහුගේ ගොබ්බ දේශනා මීට අයත් නැත.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක රංගජිව නමැති ඩීල්කරුවා ඝාතනය ඉලක්ක කරමින් එල්ල කළ ප්‍රහාරය ගැන ඇමැති සාගල නියෝග කළ ලෙස එස්ටීඑෆ් කොමඩාන් වරයාට පරීක්ෂණ බාර නොදුන් පූජිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටවත් පරීක්ෂණ බාර දුන්නේ නැත. දින 3 කින් වාර්තාවක් ඇමැතිවරයාට දුන්නේ ද නැත. පූජිත නිදහසට පවසා ඇත්තේ තමාගේ නිලධාරීන් තමාට වාර්තාවක් ලබා නොදුන් බවයි. මේවා වගකිව යුතු පොලිස්පතිවරයෙකු කවදාක හෝ නොකළ දෑ ය. ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට ආණ්ඩුවට බොරු කී පූජිත මේ වන විටත් එකී ඝාතනය පිළිබඳ ප්‍රධාන සැකකරු, එනම් රංගජීව එහි රැගෙන ගිය ‘නසාර්‘ නමැත්තා  සහ තවත් අයෙකු හොර රහසේම රටින් පිට කර තිබේ. ‘නසාර්‘ ප්‍රශ්න කිරීමට ලක් කළ මත්ද්‍රව්‍ය නාශක අංශය එක දවසින් ඔහුව නිදහස් කෙළේය. ‘නසාර්‘ යනු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ලොක්කන් සමග සම්බන්ධතා තිබූ තවත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව ලංකා ඊ නිව්ස් මීට පෙර “නාකොටික් රංගජීවලාට පිළියන්දලදී වෙඩි තැබුවේ ලොක්කන්ගේ කුමන්ත්‍රණයකින්?“ නම් ලිපියකින් හෙළිකෙළේය. දැන් තමන් විසින්ම සැකකරුවන් රටින් පැන්නූ පූජිත ජයසුන්දර ඝාතනයට සම්බන්ධයැයි ඔහු කියන වෙනත් පාතාලයෙකු ඇල්ලීම සඳහා හමුදාවේ උදව් ඉල්ලා ඇතැයි වාර්තා වේ. අපරාධකරුවන් ඇල්ලීමට පොලිසියේ ඇති පදම් දක්ෂයන් සිටියදී ඒ කිසිවෙකුට මෙහි පරීක්ෂණ බාර නොදුන් පොලිස්පතිවරයා හමුදාවෙන් ආධාර පැතීම බහුබූත ක්‍රියාවකි.

මේ අතර රුසියාවේ පැවැති ඉහළ පොලිස් නිලධාරීන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ පොලිස්පති පූජිත අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. මෙම සමුළුවද පොලිස්පතිවරුන් සහභාගී වන සමුළුවක් නොවන අතර එය පොලිස් කොට්ඨාශ අධ්‍යක්ෂවරුන් සහභාගී විය යුතු සම්මන්ත්‍රණයකි. ඒ සඳහා ලංකාවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකු සහභාගී වීම සෑහෙන නමුත් පූජිත විසින් රට සවාරියක් ගැසීම සඳහා මෙය යොදා ගෙන තිබෙන බව රුසියාවේ සිටින ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු කරුවෝ පැවසූහ.

උපුටා ගැනීම – ලංකාඊනිව්ස්

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

colombotoday

එක පැත්තක් විතරක් නෙවෙයි.. අද රටේ හැම ක්ෂේත්‍රයක්ම කඩා වැටිලා – මල්වතු මහානාහිමි

colombotoday

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට…

colombotoday

තව පෝය දෙක තුනයි… මහින්ද ආණ්ඩුවට දින වකවාණු දෙයි (Video)

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday