Colombo Today Local Newsextremism & terrorism activities

බෞද්ධ හඬ යටපත් කර තලා දමා මුස්‌ලිම් අන්තවාදය සතුටු කරන යහපාලන සංහිදියාව

ජාතිවාදයට, ආගම්වාදයට ඉඩ දෙන්න එපා යෑයි ජාතික තරුණ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය බොහෝ මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යයන්හි ප්‍රචාරය කර තිබිණි. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීම ශිෂ්ට ලෝකයේ යහපැවැත්මට සුදුසු නොවේ. වසර තිහක්‌ තිස්‌සේ ජාතිවාදී යුද්ධයකින් බැටකෑ අපි ජාතිවාදයට හා ආගම්වාදයට විරුද්ධ ජාතියක්‌ වෙමු. ආගම්වාදයේ එක්‌ උමතු ස්‌වභාවය ම්ලේච්ඡ ස්‌වභාවය හොඳින් දැකගන්නට හැකිවූ එක්‌ අවස්‌ථාවක්‌ වන්නේ මැන්චෙස්‌ටර් ප්‍රහාරයයි. මෙම ප්‍රහාරය එල්ල කළ අයිසීස්‌ මුස්‌ලිම් අන්තවාදී සංවිධානය ප්‍රකාශ කළේ කවරක්‌ද? “ඔව් අපි නුඹලාගේ දරුවන් ඝාතනය කළා” යනුවෙන් නොවේද? ලංකාවේ ආගමික යුද්ධයක්‌ නැත. එය පැතිරවීමට උත්සාහ කරන්නේ බෞද්ධයන් නොවේ. යහපාලන ආණ්‌ඩුව ජාත්‍යන්තර වෙසක්‌ දිනය සමරා සති කිහිපයක්‌ යන විට ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ ගන්න එපා යෑයි තර්ජනය කරන්නේ කාටද? බෞද්ධ සංවිධානවලට නොවේද? බොදුබල සේනාව තහනම් කර හෝ ඥනසාර හිමියන් සිරගත කර මෙරට ආගමික සහජීවනය ඇති කළ හැකිද? යහපාලන ආණ්‌ඩුව මුස්‌ලිම් අන්තවාදය සතුටු කිරීම වෙනුවෙන් බෞද්ධ ජාතික ව්‍යාපාරය තලා දැමීමට සූදානම් වන බව පෙනී යයි. එය ආණ්‌ඩුවටම පාරා වළල්ලක්‌ වන බව නම් පැහැදිලිsව සටහන් කළ හැකිය.

නැගෙනහිර පුරාවස්‌තු අන්‍යාගමිකයන් විසින් විනාශ කරද්දී ඒ ගැන හඬ නැගීම වරදක්‌ද? නැගෙනහිර පළාත මෙන්ම විල්පත්තුවද මුස්‌ලිම් අන්තවාදයට බිලිsවෙද්දී ඒ ගැන නිහඬව සිටින ආණ්‌ඩුව මෙයට එරෙහිව බෞද්ධ භික්‍ෂූන් නැගී සිටින විට ඒ හඬ තලා දැමීමට උත්සාහ කරන්නේ සහජීවනය ඇති කිරීමටද? බහුතර බෞද්ධ ජනතාව නිසා මෙරට සහජීවනය රැකෙන බව රහසක්‌ නොවේ. නමුත් බෞද්ධ හඬ සිරගත කර හෝ මර්දනය කර සහජීවනය ඇති කළ හැකිද? එදා මහනුවරදී සිංහලේ සංවිධානය පෙළපාලි යැම ගැන බරපතළ ලෙස කලබල වූ පුරවැසි බලය පසුගිය සතියේදී ප්‍රකාශ කළේ කවරක්‌ද? ඥනසාර නමැති භික්‍ෂුව බැඳ දැමිය යුතු බව නොවේද? මේ පුරවැසි බලයට විල්පත්තුව විනාශ කරන මුස්‌ලිම් ඇමැතිවරයා වෙනුවෙන් නිර්ලඡ්ජිතව පෙනී සිටි අයුරු අපට අමතක නැත. පුරවැසි බලය සැබවින්ම සිංහල බෞද්ධ විරෝධී සංවිධානයකි. එම නිසාම ඔවුන් බදුර්දීන් ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටීම ගැන පුදුම විය යුතු නැත.

සිංහල බෞද්ධ ජනතාවට අනතුරු ඇගවූ ෂිබ්ලි ෆාරුක් මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටිමින්

නැගෙනහිර පළාත් සභාවේ මුස්‌ලිම් මන්ත්‍රීවරයකු වන ශිබ්ලි ෆාරුක්‌ පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබුණේ මුස්‌ලිම් ජනතාවගේ ඉවසීම බිඳ වැටුණහොත් රට බලවත් අනතුරකට ඇද වැටෙන බවයි. මුස්‌ලිම් ඉවසීම කවරක්‌ වෙතත් ශිබ්ලි අනතුරු අඟවන්නේ කාටද? මෛත්‍රිපාල, වික්‍රමසිංහ ආණ්‌ඩුවටද? නැත. මෙරට බහුතර සිංහල බෞද්ධයන්ය. එහෙත් බහුතර සිංහල බෞද්ධයන්ගේ ඉවසීම ගැන කවුරු කතා කරයිද? ඒ ඉවසීම බිඳ වැටුණහොත් එයින් රටට සිදුවන විපත ශිබ්ලි පළාත් සභා මන්ත්‍රී නොව යහපාලන ආණ්‌ඩුව හොඳින් අවබෝධ කර ගත යුතුය. ශිබ්ලිගේ වහසිබස්‌වලින් අපට වැඩක්‌ නැත. ලොව ප්‍රමුඛතම ත්‍රස්‌තවාදී නායකයා වූ ප්‍රභාකරන්ද සිංහලයන් බය කිරීමට දශක තුනක්‌ තිස්‌සේ වහසිබස්‌ දෙඩූ අයුරු අපට මතකය.

ප්‍රභාකරන් මියගොස්‌ අට වසරක්‌ සැපිරුණේ පසුගිය 19 වැනිදාය. එදින වෙල්ලමුල්ලිවයික්‌කාල්හිදී උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් කොපමණ ජාතිවාදී ප්‍රකාශ සිදු කළාද? උතුරු නැගෙනහිර පළාත්වලින් හමුදාව එලවීම සඳහා ජනතාව පාරට බසින දිනය වැඩි ඈතක නොවන බව හෙතෙම පවසා සිටියේය. මේවා සෑම ජාතික පුවත්පතකම පළවිය. මේ ප්‍රකාශ ජාතිය පිනවන ප්‍රකාශද? එසේ නැත්නම් සංහිඳියාව වෙනුවෙන් මේ ප්‍රකාශ ඉවසා වදාරමුද? ඥානසාර හිමියන්ගේ ප්‍රකාශ සංහිඳියාවට අකුල් හෙළන නිසා උන්වහන්සේ පමණක්‌ අත්අඩංගුවට ගත යුතුද? නීතිය සියලු දෙනාටම එකහා සමානද?
බෞද්ධයන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ විශේෂිත වූ ආකාරයෙන්ද? උතුරු මහ ඇමැතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු නැද්ද? සංහිඳියාව වෙනුවෙන් සිංහල බෞද්ධයන් දීන භාවයට පත්කිරීමට මේ යහපාලන ආණ්‌ඩුව සැරසෙන්නේද? එහෙත් බෞද්ධ හඬ යටපත් කිරීමට උත්සාහ ගැනීම තවත් වියවුල් රැසක ආරම්භයක්‌ වන බව අපි අනාවැකි පළ කරමු.

නොබෙල් සාම ත්‍යාග ලාභී අවුන්සාන් සුකීගේ බුරුම ආණ්‌ඩුව එරට සහ ජාතිය වෙනුවෙන් කතා කරන අශ්වින් විරාතු හිමියන්ට බණ කීම තහනම් කර ඇත. උන්වහන්සේගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයද තහනම් කිරීමට එරට මහා සංඝ සභාව කටයුතු කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍යවල පළවිය. යහපාලන ආණ්‌ඩුව බුරුමයෙන් ආදර්ශ ලබාගෙන මෙරට බෞද්ධ බලවේග තලා දැමීමට උත්සාහ කරන්නේ මුස්‌ලිම් අන්තවාදය සතුටු කිරීමටද? එසේ නම් සැබවින්ම ආගම්වාදය හරහා ප්‍රතිලාභ ලබන්නේ කවරෙක්‌ද?

අන්තවාදයට කප්පම් දෙමින් තව කොපමණ කාලයක්‌ මේ යහපාලනය ඉදිරියට පවත්වාගෙන යා හැකිද? බෞද්ධයා මේ ගැන අවදියෙන් සිටිය යුතුය.

චතුර පමුණුව – දිවයින

Related posts

මංගල දැන්වීමකින් 67 හැවිරිදි පෙම්වතාට හමුවූ කත ලක්ෂ 69කට විදලා

Admin

ඇමති මංගලට එරෙහිව මීගමුවේ කතෝලිකයන් වීදි බසී

colombotoday

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday

TNL ලොක්කාගේ දියණිය ඉෂිනි වික්‍රමසිංහ මංගලගේ පෞද්ගලික ලේකම් දූරයට

colombotoday

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට

colombotoday

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

colombotoday