Colombo Today Local News

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කරයි

දිස්ත්‍රික්ක හතකට නායයෑමේ අවදානමක් තිබෙන බව සඳහන් කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අද 27 රතු නිවේදනයක් නිකුත් කළේය.

ඉදිරි පැය 24 කාලයේදීත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතිය හොත් නායයෑමේ අවදානම සහිත කඳුබෑවුම්වලින් ඉවත් වන්නැයි ද එම ආයතනය මහජනතාවට දැනුම් දුන් අතර අදාළ නිවේදනය හෙට 29 දහවල් 1 දක්වා වලංගු වේ.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම පවතියි. නායයෑම් අවදානම තිබෙන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙසේය.

රත්නපුර දිස්ත්‍රික්කය –
රත්නපුර, ඇලපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැළියගොඩ, ඉඹුල්පේ, කිරිඇල්ල, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න හා නිවිතිගල

කෑගල්ල –
බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට හා දෙහිඕවිට

ගාල්ල –
බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියගම සහ නාගොඩ

කළුතර –
බුලත්සිංහල, වල්ලාවිට, අගලවත්ත සහ බදුරලිය

මාතර –
කොටපොල, පස්ගොඩ, පිටබැද්දර සහ මූලටියන

හම්බන්තොට –
වලස්මුල්ල සහ කටුවාන

මහනුවර –
ගඟ ඉහ ඉද්දර කෝරළේ

Related posts

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

නවගමුවේ කප්පම් කල්ලියක් කොටු

colombotoday

කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

colombotoday

සති තුනක් තුල කල වැටලීම්වලදී ගිනි අවි 122ක් අත්අඩංගුවට

colombotoday

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin