World

“මේ අල්ලා දෙවියන් වෙනුවෙන්, ඉස්ලාමය වෙනුවෙන්“ කියා ලන්ඩනයේ බෙලි කැපීමට පෙර IS ත්‍රස්තයෝ කරපු දේ මෙන්න

07 දෙනෙකුට මරු කැදවමින් ලන්ඩන් නුවරට ඉකුත් දා එල්ල වූ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන තිබෙනවා. ISIS සංවිධානය සිය වෙබ් අඩවියකට වීඩියෝවක් එක් කරමින් ඒ පිළිබදව ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ප්‍රහාරයට පිටත් යෑමට පෙර ත්‍රස්තයන් ඔවුන්ගේ දෙවියන් නමදින ආකාරය ද එම වීඩියෝවේ දක්වා තිබෙනවා. ලන්ඩන් නුවරට එල්ල වූ මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලැබුවා.

ප්‍රහාරකයන් පිළිබඳ මාධ්‍ය වෙත විස්තර කරමින් ඇසින්දුටුවෙකු වන ගෙරාඩ් කියා සිටියේ “මේ අල්ලා දෙවියන් වෙනුවෙන් ඉස්ලාම් ආගමට සහ මගේ පවුලට.., යැයි කෑ ගසමින් ඔවුන් ඒ මෙහෙ දුව ගියා. ඔවුන් ගැහැණු ළමයෙකුට දහ පාරක් නැතිනම් පහළොස් පාරක් පිහියෙන් ඇන්නා” යනුවෙනි.

ප‍්‍රහාරයට පැමිණි ත‍්‍රස්තවාදීන් 03 දෙනෙකු ද පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්විණි.

Related posts

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin

චීනයෙන් “හැන්ටා” නැමති තවත් වෛරසයක්. පළමු මරණය අද වාර්තා වේ.

colombotoday

චීන ගුරුවරුන් ඉලක්ක කර ගත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

colombotoday

ආරක්ෂාවට සිටි හමුදා සෙබළා ඇමතිට වෙඩි තියයි

Admin

ඉන්දියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ගින්නක් – රෝගීන් 13ක් මරුට

colombotoday