World

කටාර් ජාතිකයන් සමග සබදතා පැවැත්වුවොත් දැඩි දඩුවම්.. ඔස්ට්‍රේලියා ගුවන් සේවාත් කටාරය අතහරී !

කටර් ජාතිකයන්ට අනුකම්පාව දක්වන සහ ඔවුන් සමග සබදකම් පවත්වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාක්මක කරන බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව සිරගත කිරීමට හෝ දඩ මුදලක් නියම කල හැකි බව එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය යේ නීතිපති අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එමිර් රාජ්‍යයේ පවතින ෆෙඩරල් නීතිය අනුව වසර15ක් දක්වා වු සිර දඩුවමක් සහ එමිර් ඩිරාම් 500,000 (ඇ.ඩෝ 136,000) කට නොඅඩු දඩයක් නියම කල හැකිය.

වගකීම් විරහිතව ක්‍රියා කරන සහ එමීර් රාජ්‍යයේ ස්ථාවරත්වයට හානි කිරීමට උත්සහ කරන ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව උපදේශකයකු වන ආචාර්ය හමාඩ්සයිෆ්අල්ෂැම්සි Al Bayan පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මේ අතර ඕස්ට්‍රේලියාවේ කොන්ටාස් ගුවන් සේවයද මින් පසු කටාර් ජාතිකයක් තම ගුවන් යානාවල ප්‍රවාහනය නොකරන බවද නිවේදනය කර ඇති අතර පිලිපීන රාජ්‍ය ගුවන් සේවය ද කටාර් මගීන්ට තහනමක් පනවා ඇත.

ISIS, ජිහාඩ් ත්‍රස්තවාදීන්ට උපකාර ලබා දෙන්නේ යැයි චෝදනා කරමින් මැදපෙරදිග කලාපයේ රටවල් 4ක් ඇතුළුව ඉස්ලාමීය රටවල් 6ක් කටාරය සමග සියළු සබදතා අත්හිටුවන බව නිවේදනය කරේ පසුගිය සතියේය.

Related posts

චීනයට එරෙහිව ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ඕස්ටේ‍්‍රලියාව එක්ව කඳවුරු බඳී

colombotoday

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනී

colombotoday

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

colombotoday

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday

3D තාක්ෂණයෙන් යළි ප්‍රතිනිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

colombotoday

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin