Colombo Today Local Newsextremism & terrorism activities

ධනවත් කටාර් ජාතිකයෝ ලොවපුරා ඉස්ලාම් ව්‍යාප්තවාදයට, වහාබ්වාදයට යහමින් මුදල් වියදම් කරන හැටි මෙන්න

අරාබි ලෝකයේ ප්‍රධාන රටවල් පහක්‌ කටාර් රාජ්‍යයයේ හුදකලා කිරීම නිසා තිබෙන අර්බුදය ගැන අපට නිහඬව සිටීමට නොහැකිය. මන්ද ලාංකිකයෝ එක්‌ලක්‍ෂ පනස්‌දහසක්‌ එරට සේවයේ නිරතව සිටිති. 2022 පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ සත්කාරක රට වන්නේ කටාරයයි. එම නිසාම එරට සිදුකෙරෙන ක්‍රීඩාංගන හා අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලොව දස අතින් ශ්‍රමිකයන් අවශ්‍යව ඇත. මේ නිසාම ලාංකිකයන්ටත් වැඩි රැකියා අවස්‌ථා නිර්මාණය වී ඇති බව රහසක්‌ නොවේ. විශාල විදේශ විනිමයක්‌ කටාර් රාජ්‍යයේ සිට ලංකාවට ලැබෙන නිසා මේ අර්බුදය ලංකා ආර්ථිකය සෙලවෙන ප්‍රශ්නයක්‌ වීමට ද ඉඩ තිබේ.

කටාර් රාජ්‍යයේ සේවය කරන ලාංකිකයෝ ඒ හරහා තම ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීම ගැන අපි සතුටු වෙමු. නමුත් ධනවත් කටාර් වැසියෝ ලොව පුරා මුස්‌ලිම් ව්‍යාප්තිවාදයට මෙන්ම වහාබ්වාදයේ උන්නතිය උදෙසා යහමින් මුදල් වියදම් කරති. අප නිතරම විල්පත්තු වන විනාශය ගැන කතා කරමු.

ඇමැති රිෂාඩ් බදුර්දීන්ට විල්පත්තුවේ මුස්‌ලිම් ජනාවාස ඇති කිරීම වෙනුවෙන් මුදල් ලබා දුන්නේ කවර රටෙන් ද?. කටාර් රාජ්‍යයෙනි. 2012 මාර්තු 21 වැනිදා කටාර් රියාල් මිලියන 07ක්‌ යොදා මුස්‌ලිම් ගම්මාන හතරක්‌ ඉදිකිරීම සඳහා ෂේක්‌ ජසීම් බින් ජබොර් අල් කාන් නම් රාජ්‍ය නොවන සංවිධානය සමඟ ගිවිසුම් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම් අත්සන් කිරීමට ඇමැති බදුර්දීන් ද සහභාගි විය.

අරාබි වසන්තය ආරම්භ වීමත් සමඟම හොස්‌නි මුබාරක්‌ ජනපතිවරයාගේ ආණ්‌ඩුව පෙරළා දැමීමට කටාර් රජය පැහැදිලිව මැදිහත් විය. කටාර් රජයේ රූපවාහිනිය වන අල්ජසීරා චැනලය මුබාරක්‌ පාලනය බිඳ වැටීම ලෝකයට සජීවීව වාර්තා කළේ මහත් ප්‍රහර්ෂයෙනි. කටාර් රාජ්‍යයේ දේශපාලන අරමුණු අල්ජසීරා රූපවාහිනි වාර්තාකරණය අනුවම ප්‍රකට වේ. මුබාරක්‌ගෙන් පසුව බලයට පැමිණි මොහොමඩ් මොර්සි ජනපතිවරයා කෙළින්ම කටාර් රාජ්‍යයේ රූකඩයක්‌ විය. ඔහුගේ මුස්‌ලිම් සහෝදරත්වයට කටාර් රියාල් මිලියන ගණනින් ලැබෙන්නට විය. මේ නිසාම ඊජිප්තු හමුදාපති ජෙනරාල් අබ්දුල්ලා සිසි, මොර්සි ජනපතිවරයා පන්නා දැමුවේ හමුදා කුමන්ත්‍රණයක්‌ මගිනි. මොර්සි ජනපතිවරයා ද හිරේ දැමූ අබ්දුල්ලා පසුව අල් ජසීරා වාර්තාකරුවන් කිහිපදෙනකුට ද සිර දඬුවම් ලබා දුන්නේය. එදා මුස්‌ලිම් සහෝදරත්වයට යෑවුණු මුදල විල්පත්තුවේ මුස්‌ලිම් ජනාවාසකරුවන්ටත් ලැබුණු බව සහතිකය. එසේ නම් කටාර් රාජ්‍යයේ අරමුණු යහපත් ද?

කටාර් රාජ්‍යය හුදකලා කිරීම සඳහා අරාබි රටවල් පහක්‌ සියලු සබඳතා අත්හරින ලද්දේ පසුගිය සතියේදී ය. ඒ සවුදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, යේමනය හා එක්‌සත් අරාබි එමිරේටය යන රටවල්ය. මොවුන් තානාපති සබඳතා පමණක්‌ නොව ගුවන් සබඳතා ද නවත්වා ඇත. සවුදි අරාබිය කටාර් රාජ්‍යයට පිවිසිය හැකි සියලුම දේශසීමා වසා දැමීම නිසා උග්‍ර ආහාර ප්‍රශ්නයකට ඩෝනා වැසියන්ට මුහුණ දීමට සිදු වනු ඇත.

කටාර් රාජ්‍යය බහුතර සුන්නි රාජ්‍යයකි. එහි ජනගහනය මිලියන 2.2 කි. කටාර් හි එමීර් වරයා එනම් පාලකයා තමිම් බින් හමාඩ් අල් කානි වේ. ඔහුගේ පවුලේ උදවිය වසර දෙසීයක්‌ තිස්‌සේ මේ කුඩා රාජ්‍යය පාලනය කරති. කවරක්‌ නමුත් මේ රාජ්‍යයට ඇති ආර්ථික බලය බෙහෙවින් වැඩිය. ලොව සිව්වැනි ස්‌ථානයට ඛනිජ තෙල් හා ගෑස්‌ නිධි සතුව ඇත්තේ මොවුනටය. එසේ නම් මුස්‌ලිම් අන්තවාදය වෙනුවෙන් නොමසුරුව මුදල් වැය කළ නොහැකිද?. කටාර් රාජ්‍යයේ රූපවාහිනිය වන අල් ජසීරා පසුගියදා විශේෂ වැඩසටහනක්‌ ලොව පුරා ප්‍රචාරය කළේය. ඒ කවරක්‌ද? ඇෆ්ගනිස්‌ථානයේ වෙසෙන අයිසිස්‌ බළකාය පිළිබඳවය. ඒ පිරිසගේ අරමුණු කුමක්‌ද? රුසියාවට පහරදීමයි. දෙදහසකගේ පමණ බළකායක්‌ රුසියාවට පහර දීමට සූදානම්ව සිටින බව එම වැඩසටහන මගින් හෙළිදරවු කෙරිණි. එසේ නම් අල් ජසීරා රූපවාහිනිය අයිසිස්‌වරුන් උත්කර්ෂයට ලක්‌ කරන්නේ ද? අයිසිස්‌වරුන් ඇමරිකාවටත් වඩා රුසියාව ගැන වෛරයෙන් පසුවන බව රහසක්‌ නොවේ.

කටාර් රාජ්‍යයේ රූපවාහිනිය අයිසිස්‌වරුන්ගේ වැඩසටහනක්‌ ලොව පුරා ප්‍රචාරය කරද්දී 2011 සිට බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන කණ්‌ඩායම්වලට නොමසුරු ලෙස කටාර් රියාල් පොම්ප කෙරිණි. අල්කයිඩාවට සම්බන්ධ අල් නුස්‌රා කණ්‌ඩායමට කෙළින්ම කටාර් රාජ්‍යයේ අරමුදල් හා සහයෝගය තවමත් ලැබේ. සිරියාවේ පාලක බෂාර් අල් අසාද්ට එරෙහිව මුදල් යොදන කටාර් රාජ්‍යය අනෙක්‌ පසින් පලස්‌තීනයේ හමාස්‌ සංවිධානයටත් අරමුදල් සපයයි. මෙය අමුතු කතාවකි. මන්ද හමාස්‌ යනු ෂියා සංවිධානයකි. සිරියාවේදී හමාස්‌ සංවිධානය සටන් වදින්නේ ජනපති බෂාර් අල් අසාද් වෙනුවෙනි. නමුත් කටාර් රාජ්‍යය සිරියාවේ බෂාර් අල් අසාද්ට එරෙහිව සටන් වදින අල් නුස්‌රාවට සහයෝගය දෙන අතර අනෙක්‌ පැත්තෙන් පලස්‌තීනයේදී හමාස්‌වරුන්ට සහාය දෙයි. සුන්නි අන්තවාදයට මෙන්ම ෂියා අන්තවාදයටත් කටාර් රාජ්‍යය නොමසුරුව සහයෝගය දෙන බව පැහැදිලිය. ජනපති ට්‍රම්ප් සවුදි අරාබිය වැළඳ ගනිමින් කටාර් රාජ්‍යයට ටොක්‌කක්‌ ඇන ඇති බව නම් පැහැදිලිය. සවුදි අරාබිය සමඟÊඩොලර් බිලියන 150 ක පමණ වටිනාකමින් යුතු අවි ගනුදෙනුවලට අදාළ ගිවිසුම් අත්සන් කර උග්‍ර ඉරාන විරෝධී ස්‌ථාවරයක්‌ පෙන්වමින් රියාද් පාලනය තමන් නතුකර ගැනීමට ජනපති ට්‍රම්ප් සමත්ව ඇත. එනිසාම කටාර් රාජ්‍යය හුදකලා කිරීමට සවුදිය මූලික වී ඇත. හමාස්‌ සංවිධානයට සහයෝගය දීම මෙයට මූලික හේතුවද? මන්ද වහාබ් අන්තවාදීන්ට සවුදි අරාබිය ද නොමසුරු ලෙස මුදල් යොදවයි. අල් නුස්‌රාවට පමණක්‌ නොව අබුබකර් බැග්ඩැඩිගේ සහචරයන්ටත් සවුදි මුදල් ලැබී ඇත. නමුත් ඉරාන හිතෛෂී හමාස්‌ සංවිධානයට මුදල් යෙදවීම, කටාරය අරාබි ලෝකයෙන් හුදකලා වීමට මූලික හේතුවද? ඇත්තෙන්ම 2001 නිව්යෝර්ක්‌ ප්‍රහාරයට සම්බන්ධ වූ 19 දෙනාගෙන් 15 දෙනෙකු සවුදි ජාතිකයන් බව අමතක කළ යුතු නැත. කවරක්‌ නමුත් මුස්‌ලිම් අන්තවාදීන්ට මුදල් පොම්ප කිරීම නිසා කටාර් රාජ්‍යය දණබිම ඇණ ගනීද?

චතුර පමුණුව

Related posts

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් කෙටුම්පත් කෙරේ.. වෛද්‍ය උපාධිය ගන්න මින් පසු C-2යි S එකක් ඇති

colombotoday

පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය ගැන තීරණය වෙනස් වෙයි

colombotoday

පාතාලෙ දුනුමාල සරත් ඝාතනය කෙරේ

Admin

චන්ද්‍රිකා කල් ඉකුත් වූ පුඩිමකට සම කරයි…

colombotoday

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

“නැති දේ ඇති කරන, චාරයක් නැති පුද්ගලයෙක්” – මහබැංකු අධිපතිට රවීගෙන් චෝදනා

colombotoday