Colombo Today Local News

කුරානය තහනම් කරනු – පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක්

ඉස්ලාම් ආගමික ග්‍රන්ථය වන කුරනයට එරෙහිව ඊයේ කොළඹ කොටුව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ජමයතුල් උලමා සංවිධානය, ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය සහ සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ ප්‍රකාශකයන් වන “හාදි බුක් ඩිපෝ” නමැති ප්‍රකාශන ආයතනයට විරුද්ධව සිංහලේ ජාතික සංවිධානයේ සබාපති සාලිය ටී රණවක මහතා ඇතුළු, ජාතික සංවිධාන කිහිපයක නියෝජිතවරු පිරිසක් විසින් ඊයේ (30) සවස මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.

ලිඛිතව ඉදිරිපත් කරන ලද එම පැමිණිල්ල සැකවින් මෙසේය,

පැමිණිල්ල : උලමා සංවිධානය , තවුහිද් ජමාත් ආයතනය (SLTJ) හා හාදි බුක් ඩිපෝ ආයතනය ඇතුළු සංවිධාන අනුග්‍රහයෙන් පලකරනු හා පිටරට මුද්‍රණය කර මෙරටට ගෙන්වනු ලබන ලබන කුරානය ඇතුළු ආගමික ග්‍රන්ථ වලට එරෙහිව
උක්ත සංවිධාන මගින් ප්‍රකාශයට පත් කරනු ලබන ආගමික ග්‍රන්ථ වල හා විශේෂයෙන් කුරානයේ සඳහන් පහත දැක්වෙන වැකිවලින්,

Quran (2:191-193) – Quran (2:244) – Quran (2:216) – Quran (3:56) – Quran (3:151) – Quran (4:74) – Quran (4:76) – Quran (4:89) – Quran (4:95) – Quran (4:104) – Quran (5:33) – Quran (8:12) – Quran (8:15) – Quran (8:39) – Quran (8:57) – Quran (8:67) – Quran (8:59-60) – Quran (8:65) – Quran (9:5) – Quran (9:14) – Quran (9:20) – Quran (9:29) – Quran (9:30) – Quran (9:38-39) – Quran (9:41) – (9:42) – Quran (9:73) – Quran (9:88) – Quran (9:111) – Quran (9:123) – Quran (17:16) – Quran (18:65-81) – Quran (21:44) – Quran (25:52) – Quran (33:60-62) – .Quran (47:3-4) – Quran (47:35) – Quran (48:17) – Quran (48:29) – Quran (61:4) – Quran (61:10-12) – Quran (66:9) – (මුලාශ්ර3ය : කුරානය- ISBN # 978-8056-39-4 )
1) ඉස්ලාම් නොවන සියලු ආගම් ප්‍රතික්ෂේප කරමින් අන්‍ය ආගමිකයින් කෙරෙහි වෛරය පැතිරවීම
2) ඉස්ලාම් නොවන අන්‍ය ආගමිකයින් ට එරෙහිව යුද්ධ කිරීම, මරා දැමීම හා බෙලි කැපීම සාධාරණය කිරීම
3) එවැනි යුද්ධ වල යෙදෙන්නන්ට පරලොවෙහි වරදාන දෙමින් යුද්ධයට උනන්දු කිරීම
ආදී වූ කාරණා සිදු වන බැවින් මෙම ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන්, ඒ පදනම් කොට දේශනා කිරීමෙන් මෙම ග්‍රන්ථ වල කෙතරම් යහපත් දේ තිබුනද සමාජය යම් දිනක මෙම වගන්ති යොදා ගෙන විවිධ ලෙස අර්ථ නිරුපනය කිරීම තුලින් අප සමාජය ඉතාම භයානක විනාශකාරී අර්බුධයකට ගෙන යා හැකි යන බිය, මෙම වැකි කියවීමෙන් අනතුරුව සමහර මුස්ලිම් නායකයින් ඔවුන් 10% පමණ වූ ජනගහනයක් නියෝජනය කරමින් “ආයුධ ගැනීම, මරා ගෙන මැරෙනවා” වැනි ප්‍රකාශ කිරීම ඇසීමට ලැබීමෙන්, හා බුදු දහමට අපහාස වන වීඩියෝ නිකුත් කිරීම, බෞද්ධ පුරාවස්තු හානි කිරීම, වනාන්තර විනාශ කරමින් ඉස්ලාම් ජනපද පිහිටවීම, සමාජ බෙදුම්වාදී හලාල් සහතික ගෙන ඒම , ආරාබි ඇඳුම් වලට මාරු වීම, ෂරියා නීති හා උසාවි ඇති කිරීම, අනවසර පල්ලි ඇති කිරීම, ආගමික බැංකු පිහිටවීම, ආදී වූ කරුණු නිසා අනාගතයේදී යුද්ධ ඇතිවීම, ආගමික නිදහස අහිමි වීම ඇතුළු ජීවිත හානි වීම පිලිබඳ තත්වයන් අපගේ සිත් තුල භයානක ලෙස ස්ථාපිත වී ඇත. මෙවැනි තත්ව ඉතිහාසයේ කුරුසු යුද්ධ හා වර්තමානයේ ISIS ත්‍රස්තයන් විසින් පැහැදිලිව සිදු කරන බැවින් හා මේ තත්වය තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අප රටේ පුරවැසියන් ලෙස අපට හිමි කර ඇති සිතීමේ, භාෂණයේ හා කැමති ආගම් ඇදහීමේ හා අතහැර යාමේ නිදහස වැනි මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින්ද, රටේ සාමයට හා සමගියට හානි වන හා විය හැකි බැවින්ද, රටේ ආරක්ෂාවට හානි කර බැවින්ද මෙම ග්‍රන්ථ, ඒවා ප්‍රවර්ධනය කරනු ලබන පුද්ගලයින් හා ආයතන, විදේශ ආධාර ආදිය පිලිබඳ සොයා බලා වර්තමානයේ සහ අනාගතයේ දී සියලු ආගමික කණ්ඩායම් වලට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හා කටයුතු කිරීම අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙම පැමිණිල්ල තුලින් ඔබගෙන් ඉල්ලා සිටී.

Related posts

විනය භාර ගුරුවරයාට පහර දුන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ්

Admin

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

යහපාලන රජය පාලම හැදුවේ නැහැ.අනාරක්ෂිත පාරුවට අවසර දී ඇත්තේ කින්නියා නගර සභාවෙන් – නිමල් ලන්සා

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මෙන්න.

colombotoday

“යහපාලන රජයෙනුත් දමිළයන්ට කෲර වධහිංසා” යස්මින් සූකා කියයි. එදා මහහඩින් කෑගැසූ මානව හිමිකම් ඈයෝ දැන් කොහි සැගවුණිදෝ

colombotoday

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුමට ලබාදුන් විශේෂ පොලිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තීරණය කරයි

colombotoday