Colombo Today Local NewsHot News

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස විල්පත්තු, මුසලි ප්‍රදේශයේදී සමරනවා – අගමැති රනිල්


බදුර්දීන් විල්පත්තුව කැපුවේ නෑ – නැවත පදිංචි කිරීමක් කලේ

මුසලි ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ඔවුන්ගේ මුල් ඉඩම් නැවත ලබා ගත යුතු බවත්, එසේ ලබා ගැනීමේදී, නිවාස අහිමි ජනතාව විසින් විල්පත්තු වන රක්ෂිතය විනාශ කරන බවට විවිධ පුද්ගලයින් චෝදනා කරන බවත් “එක්සත් ජාතික පෙරමුණ”යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අපේක්ෂකයින්ට සහයෝගය දැක්වීමේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (5) සිලාවතුර ප්‍රදේශයේදී පැවසීය.

යහපාලන රජය පිහිටුවීම සඳහා ඇමති බදුර්දීන් වැදගත් කාර්යභාරයක් සිදුකල බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටියේය.

මුසලි ප්‍රදේශය සංවර්ධනය කිරීම හා ගොඩනැගීම සඳහා රිෂාඩ් දැඩි උත්සාහයක් දරන බව ප්‍රකාශ කර සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. එල්ටීටීඊය විසින් ජනතාව පන්නා දැමූ පසු, මුසලි හා සිලාවතුර ප්‍රදේශයේ පැවති ගම්බිම් වනාන්තරයක් බවට පත්වූ බවත් සරුසාර කෙත්වතු වනාන්තරයක් බවට පත්වූ බවත් පැවසීය. එම හේතුව මත ප්‍රදේශයේ අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවත් ප්‍රදේශයේ ජීවත්වූ ජනතාවට තම උපන් භූමිය නැවත ලබා දිය යුතු බවත් මෙහිදී පැවසීය.

ඉදිරියේදී තවත් ඉඩම් දෙනවා

“මෙම නිවාස නැති ජනතාව විසින් විල්පත්තු වන රක්ෂිතය විනාශ කරන ලද බවට චෝදනා එල්ලවිය. එබැවින් රිෂාඩ් බදුර්දීන් අධිකරණයේ නඩුවක් ගොනු කර මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කලා. අධිකරණය ඉදිරිරියේදී, ගොවිතැන් කටයුතු සහ වෙනත් කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් මෙම ප්‍රදේශයේ ජනතාව වෙත් නිදහස් කර ආපසු ලබා දෙනු ඇති” බව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේය.

එදා සීලවාතුර ප්‍රදේශයෙන් එළවා දැමු ජනතාව නැවත එම ස්ථානවල පදිංචි කිරීම සඳහා රජය ඉදිරියේදී පියවර ගනු ඇති බවත්, සිලාවතුර නගරය ගොඩනැගීමට පියවර ගන්නා බවත්, අතිරේක ඉඩමක් අවශ්‍යනම් අපි නාවික හමුදා කඳවුර සමඟ සාකච්ඡා කර අවශ්‍ය ඉඩම් ලබාදෙන බවත් අගමැතිවරයා මෙහිදී පැවසීය.

සිලාවතුර රෝහල වැඩිදියුණු කිරීම සහ කිලිනොච්චි ප්‍රදේශයේ කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා රිෂාඩ් දැනටමත් කටයුතු කරමින් සිටින බවත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ධිවර කටයුතු ඉහළ නැංවීම සහ තාක්ෂණ විද්‍යාලයක් පිහිටුවීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසිය.

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස මුසලි ප්‍රදේශයේදී සැමරීමට රජය තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය

Related posts

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්

Admin

ගැටුමට මුල්වු දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්ගේ වැඩ තහනම්

Admin

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

ඊජිප්තු ගිය ජනපති දිවයිනට

Admin