Entertainment

නිලියෙක් මාධ්‍යවේදියකුගේ කන පලලා

‘ෆ්‍රොසන්’ නම්වූ චිත්‍රපටය මෑතකදී ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා.

කාටුන් චිත්‍රපටයක් වූ එහි එන ඇනා කුමරියගේ චරිතය හඬ මුසු කළ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් බෙල් රූපවාහිනී මාධ්‍යවේදියකුට කම්මුල් පහරක් එල්ල කළ පුවත උණුසුම් ආරංචියක් බවට පත්ව තිබෙනවා.
ක්‍රිස්ටීන් රඟපෑ අලුත්ම චිත්‍රපටයක මංගල දර්ශනය පසුගිය දා පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිනමා ශාලාවකයි. චිත්‍රපටය නැරැඹීම සඳහා එයට එක්වූ සිනමා නළු නිළියන් අතර ක්‍රිස්ටීන් ද සිටියා.

රතු පලස මතින් සිනමා ශාලාවට පියමනිමින් සිටින ක්‍රිස්ටීන් වෙත ළංවූ රූපවාහිනී නාළිකාවක මාධ්‍යවේදියකු ඇගෙන් ප්‍රශ්න කිහිපයක් විමසුවා. ඒවාට පිළිතුරු දුන් ක්‍රිස්ටින් සිනමා ශාලාව වෙත පා තබද්දී මාධ්‍යවේදියා ඇගේ අතකින් ඇද ‘බේබි’ යනුවෙන් ආමන්ත්‍රණය කළා.

එයින් දැඩි ලෙස කෝපයට පත් මේ සුරූපී නිළිය, ඔහුට අත දිග හැර කම්මුල් පහරක් ගැසුවා. ඒ ‘ප්‍රහාරය’ කොතරම් දරුණු දැයි කිවහොත්, මාධ්‍යවේදියා බිමටම පතිත වුණා.මේ සිද්ධිය අවට සිටි සියල්ලෝම පුදුමයෙන් බලා සිටිද්දී අපහසුවෙන් නැගිට ගත් ඔහු, ‘ක්‍රිස්ටන්, ඉට්ස් ඕකේ’ යැයි කියමින් එතැනින් ඉවත් වුණා.

Related posts

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday

“ඔබ මා හමුවුනදා” හින්දියෙන්

colombotoday

කවදා හරි මම බඳින්නේ නියම සිංහල කොල්ලෙක් – සෙනාලි

colombotoday

අධිරාජ්‍ය ආක්‍රමණයට එරෙහිව නැගූ සිංහලේ පොදු ජන අරගලයක සිනමාරූපකරණය ‘සක්කාරං’

colombotoday

ආදරය දැනිච්ච, ආදරය ලැබිච්ච , ආදරය නැති වෙච්ච හිත් වලට… සබකෝල සබන්බෝල

colombotoday

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday