Colombo Today Local News

නැවත බලයට පත්වූවිට බලා ගන්නම් – ලණු ගිල්ල මහින්ද බොදු බලේට පුප්පයි

තම පාලනය බිඳහෙළීමට බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චමිපික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ චෝදනා කර සිටියි.

මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කරමින් වැඩිදුරටත් පැවසුවේය.

තමන් නැවත බලයට පත්වූවිට බොදු බල සේනා වැනි සංවිධාන පාලනය කළ යුතු ආකරය තමන් දන්නා බවද ඔහු පැවසීය.
ඊයේ (29) විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතිවාදය ඇතිකරන බොදු බල සේනා වැනි සංවිධාන ගැන ඉන්දීය මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

‘චම්පික විරුද්ධ වුණා’
බලයේ සිටියදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධ වෙමින් ප්‍රශ්න ඇති කළ බවය.

නීතිය ක්‍රියාත්මක නොවීම තම අඩුපාඩුවක් බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තේය.

අමාත්‍ය චම්පික රණවකට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට සහය දුන් බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.

දැන් බොදු බල සේනාව ආණ්ඩුව සමග හිතවත්ව කටයුතු කරන බව පැවසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑතකදී එම සංවිධානය වත්මන් ජනාධිපතිවරයා හමුවී ඔහුට ප්‍රශංසා කර තිබෙන බවද කියා සිටියේය.

‘වෙඩි තැබීමක් ගැන ඇසුවේ පළමු වතාවට’

2020 වසරේ රටේ ජනාධිපති වන්නේ චම්පික රණවක බවට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවමංගල උත්සවයකදී පවසා තිබෙන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය තම නිර්මාණයක් බවට නගන චෝදනා චම්පික රණවක අමාත්‍යවරයා මීට පෙර ප්‍රතික්ෂේප කළේ බිබිසියට අදහස් දක්වමිනි.

2014 වසරේ අළුත්ගම සිදුවූ කෝලාහලයේදී වෙඩි තැබීමකින් පුද්ගල මරණයක් සිදුවූ බවට තහවුරුවී තිබුනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ගැන යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ අලුත්ගම සිදුවීමේ වෙඩිතැබීමක් සිදුවූ බවට පළමු වතාවට තමන්ට අසන්නට ලැබුණේ අද බවය.

-BBC-

බොදු බල සේනා සංවිධානයට ඇමති රාජිත සේනාරත්න සහය දුන් බවට හිටපු ජනාධිපතිවරයා පවසද්දී, ඔහුගේ රජයේ ධීවර ඇමතිව සිටියදී රාජීත සේනාරත්න ඇමතිවරයා කළ ජවාරම් සම්බන්ධයෙන් බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හෙලි කලේ මෙසේය

[fbvideo link=”https://www.facebook.com/OfficialBoduBalaSena/videos/1306167536069937/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත විතානගේ මහතා තම ෆේස්බුක් ගිණුමේ තබා තිබුණේ මෙවැනි සටහනක්.

“මහින්ද මහත්තයො…
ඔබතුමා තාමත් සත්‍ය තේරුම් අරගෙන නැහැ….
බොදු බලය කාගෙවත් අතකොලු නොවේ…
බොදු බලේ හැදුවේ අපි….
සමහර දේශපාලකයින් බොදු බලයේ සහය ගන්න වගේම විනාශ කරන්න කටයුතු කරලා ඇති…
ර්‍ඒක පහසු නැහැ..
දැනට මාසයකට පෙර බොදු බලේට . අපේ හාමුදුරුවන්ට හා මට එරෙහිව පහර දෙන්න හා මාධ්‍ය මෙහෙයුමක් කරන්න මහින්ද හිතවාදි කණ්ඩායමක් රහසේ තීරණය කල බව එදිනම අපිට වාර්තා වුනා…
ඒත් මහින්ද මීට වඩා බුද්ධ්මත්ව කටයුතු කරයි කියලා අපි හිතුවා..
මහින්ද මහ්ත්තයො… ඔබතුමා බලයේ ඉන්නකොටත් බොදු බල කුමන්ත්‍රණ සොයා ගන්න බැරි උනා. අදත් බැහැ. හෙටත් බැහැ…
මොකද අපි කුමන්ත්‍රණ කරන අය නොවන නිසා…
අපිට කාවත් රජ කරන්න ඕනෙ නැහැ…
අපිට ඕනේ සිංහලයා ශක්තිමත් කරන්න. ආරක්ෂා කරන්න…
දුර්වලව සිටින ගෝලීය සුලුතරයක් වන සිංහලයා වෙනුවෙන් අවoකව දේශපාලකයෝ පෙනී නොසිටින නිසා. ඒවෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න …
කරුණාකරල බොරු කියලා මේ අවකාශය අපිරිසුදු කරන්න එපා..
මුස්ලිම් චන්ද ඉලක්ක කරගෙන මේ සිංහල බෞද්ධ ව්‍යාපාරයට අයුක්තිසහගත හා අසාධාරණ චෝදනා එල්ලකරලා විනාශ කරන්න එපා..
හේතුපල වාදය හා චතුරාර්‍ය සත්‍ය පදනම් කරගෙන දේශපාලනය කරන්න කටයුතු කරන්න…එලෙස කටයුතු කරන්න ඔබේ ගෝලයින්ට උපදෙස් දෙන්න…
ගැටලුවක් තිබේ නම් විවෘතව අපි සමග කතා කරන්න“

Related posts

ඉන්ධන නිකුත් කිරීමේ සීමා සං‍ශෝධනය කෙරේ

colombotoday

කර්මාන්ශාලා පවත්වාගෙන යාමට ඇදිරිනීති බලපත් නිකුත් කිරීම ආයෝජන මණ්ඩලය හරහා

colombotoday

අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් – ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

colombotoday

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday

ඇහැලියගොඩට සංචරණ සීමා

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගෝඨාබයට දීම නිවැරදියි – සරත් ෆොන්සේකා කියයි

colombotoday