Colombo Today Local NewsHot News

නිලාවෙලි, විජයබා නාවික කදවුර TNA ඉල්ලීමෙන් ඉවත් කරයි ?- විශාලතම රේඩාර් පද්ධතියත් අහිමිවේ

මානුෂිය සටනේ නාවික හමුදා නැගෙනහිර රැකවලා වූ නිලාවේලි නාවික හමුදා කදවුර එම ස්ථානයෙන් ඉවත්කර දැමීමට සියල්ල සුදානම් කර තිබෙනවා. ඒ අනුව නාවික කදවුරේ මැනුම් කටයුතු මෙ දිනවල සිදුවන අතර TNA ඉල්ලීමකට අනුව කදවුර ඉවත්කර ද්‍රවිඩ පිරිසක් සදහා එම ඉඩම ලබා දෙන බවයි දෙමල ජාතික සංවිධානයේ නියෝජිතයකු සදහන් කර සිටියේ.

යුද්ධය පැවති 2008 වසරේදී කැනඩා රජයෙන් මිලදීගත් අති නවීන, එවකට දකුණු ආසියාවේ විශාලතම රේඩාර් පද්ධතිය ස්ථානගත කෙරුනේ නිලාවේලි විජයබා නාවික කදවුරේ වන අතර ඒ සදහා බලපෑ ප්‍රධාන හේතුව වන්නේ නැගනහිර මුහුදේ ආරක්ෂාව සදහා උපක්‍රමශිලිව ඉතා වැදගත්ම ස්ථානයක් වශයෙන් නිලාවේලි හදුනා ගැනීම බවයි නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කර සිටියේ.

ගැඹුරු මුහුද නිරීක්ෂණය කිරීම සදහා නාවික හමුදාව සතු වැදගත්ම රේඩාර් පද්ධතිය මෙය වන අතර ඉදිරි වසර 30ක කාලයක් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත්ව පවත්වා ගැනීමේ අරමුණ ඇතිව මෙවැනි නවීන රේඩාර් පද්දතියක සේවය නාවික හමුදාවට අත්‍යවශ්‍ය වීම හේතුවෙන් එවකට ආරක්ෂක බලධරයින් මෙම රේඩාර් පද්ධතිය මිලදී ගත්බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියේ.

8 7 6
2 3 4 5

 

Related posts

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි.

colombotoday

ලංකාවේ ඉදිවූ “ලොව ප්‍රථම ගව අනාථාගාරයට” ඔබේ උදව් අවශ්‍යයි

colombotoday

ආර්ථික කොරිඩෝව පරාක්‍රමබාහු රජතුමාගේ යෝජනාවක්.. ඇමරිකාව සමග MCC ගිවිසුම ගසා අපි ක්‍රියාත්මක කරන්නේ එම යෝජනාවයි !

colombotoday

“ආගමට අපහාස නතර නොකළොත්, මුස්ලිම් තරුණයන් අවි අතට ගනී“ – රාජ්‍ය ඇමති හිස්බුල්ලා

colombotoday

ක්ලේමෝ බෝම්බයක් සමග කොටි කතක් පරන්තන්හිදී අල්ලයි

colombotoday