Articles

“ආරියරත්න ඇතුගල නැමති නරුමයා වෙත ලියමි” – රත්තනදෙණියේ මේධානන්ද හිමි.

ආරියරත්න ඇතුගල නැමති මහඇදුරෙකු විසින් අද (ජනවාරි 29) පවත්වන ලද දේශනයක හඬපටයක් අසන්නට ලැබිණි. ඒ කැලණියේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියට අදාලව ඔහු විසින් සංස්කෘතිය පිළිබඳ පවත්වන ලද දේශනයකි. දේශනය ඇරඹී මද වේලාවකින් “ජනප්‍රිය” යනු කුමක්දැයි ඔහු සිසුන්ගෙන් බැරෑරැම් ලෙස විමසයි. අනතුරුව ජනප්‍රිය යනු “ජනතාව ප්‍රියකරන” බවට ඔහුගෙන්ම මාර විදග්ධ අර්ථකතනයක් අසන්නට ලැබෙයි. එතැන් සිට ඔහු ඉදිරියට යන්නේ සංස්කෘතිය ඔස්සේය. සංස්කෘතිය යනු කුමක්දැයි නිරවුල්ව අර්ථදක්වා ගැනීමටවත් නොහැකිව සියවස් ගණන් පරණ පාර්ශවීය වාක්‍ය දෙක තුනක එල්ලෙන මේ තකතීරු ඇදුරා මද වේලාවකින් දේශීය සංස්කෘතිය ගැන සුපුරුදු අඳෝනාවකට ප්‍රවේශ වෙයි. එය අමුතු දෙයක් නොව මෙරට විකල්ප ගෝත්‍ර පඬියෝ අනාදිමත් කාලයක සිටම ඝොස නඟන සංස්කෘතික විරෝධී, අන්ත ජාතිවාදී, එන්ජීඕ ඝෝෂාවේ කාබන් කොපියක්ම පමණි. සැකෙවින්ම කිවතොත් මෙහිදී සන්නස්ගල වැනි වදුරු කුණුහරප කාරයෙකු සහ ඇතුගලගේ මතය අතර දේශපාලනිකව කිසිදු වෙනසක් පරස්පරයක් නැත. එකම වෙනස වන්නේ ඇතැම් විකල්ප පඬියන් විශාල දාර්ශනික හරඹ ආවරණ සහිතව වදාරන ගොන් කථා ඇතුගල ඉතාම සරල ලෙස ග්‍රාම්‍ය කුණුහරප හා ලාබාල විහිළු සහිතව ඔන්න ඔහේ කියාපෑම පමණි. මෙහිදී ඇතුගලගේ ගොන් කතාවලට අප එරෙහි වන්නේ සංස්කෘතිය ගැන ඇති අන්ධ ආදරයකින් නොවේ. ඇතුගල කියන විචාර බුද්ධිය, තර්ක ඥානය ඔස්සේම ඔහුව පතුරු ගැසීමට මුං ඇටයක් තරමේ මොළයක් වුවද ප්‍රමාණවත් වෙයි. ඔහු තම ඊනියා දේශනයේදී මතු කළ සියලු කාරණා අවශ්‍ය නම් එකින් එක ගෙන ඒ සියල්ලේ ඇති පුස් බව, තක්කඩිකම හා එම තර්ක දේශපාලනිකව ස්ථානගත වන්නේ කෙතරම් විනාශකාරී තැනකද යන්න ගල් වැලි නැතිව පෙන්වාදීමට අපට හැකිවුවත් දැනට කාරණා කීපයකට සීමාවීමට සිදුවෙයි.

මේ කියන ඇතුගල යනු පසුගිය මහින්දගේ ආණ්ඩුව වෙනුවෙන් රෙදි නැතිව කඬේ ගිය අයෙකි. ඒ වෙනුවෙන් ඇති පදම් තනතුරු වරදාන හිමිකරගත් බත්බැලයෙකි. මහින්දගේ ආණ්ඩුව යනු ඇත්තට හෝ බොරුවට සිංහල බෞද්ධ ජාතිකවාදී යැයි කියන ආණ්ඩුවකි. දේශප්‍රේමය, සිංහල බෞද්ධ හෙජමොනිය, සංස්කෘතික ජාතිකවාදය ආදී කාරණා ඔස්සේ විකල්ප පුස්සන්ගේ බුර බුරා නැගෙන වෛරයට පාත්‍ර වූ ආණ්ඩුවකි. පුදුම සහගත කාරණය වන්නේ අද දේශීයත්වයේ දෙ යන්නට පවා සමච්චල් කරන ඇතුගල එදා ඒ ආණ්ඩුවේ බලවත් කොටස්කාරයෙක් වීමය. එදා ඔහු තම මතවාදය හා තම භූමිකාව එකට සමපාත කොට ගත්තේ කුමන තර්ක ඔස්සේද ? එක්ස් කණ්ඩායමේ හෝ රනිල්ගේ ගල් කොලු බලකායකට ගැලපෙන ඇබිත්තයෙකු රාජපක්ෂ හෙජමොනිය නඩත්තු කිරීමට දායක වූයේ කෙසේද? වරදාන හමුවේ මාර දේශප්‍රේමියකු වී සිටි ඔහු යහපාලන විප්ලවයෙන් පසු මැරී ඉපදුනාවත්ද? මේසා විශාල පරස්පරයක් පුද්ගලයෙකු සම්බන්ධව තිබිය හැකි නම් එක්කෝ ඔහු අමුම අමු ඔල්මාදකාරයෙකු විය යුතුය. නැතහොත් මුදලට මයිල් ගස් පවා කණපිට හරවන අමුම අමු තක්කඩියෙකු විය යුතුය.

ඇතුගලගේ මතය හරි නම් දේශන ශාලාව තුළදී ඔහුට අමු කුණුහරපයෙන් බැනීමට වුවද සිසුවකුට නිදහස තිබිය යුතුය. එපමණක් නොවේ. ඇතුගලගේ බිරිඳ හෝ දියණිය දූෂණය කිරීමට වුවද කිසිවෙකුට නිදහස තිබිය යුතුය. ඒ මන්ද යත් ස්ත්‍රී දූෂණය වරදක් යන අදහසද දෘෂ්ටිවාදීව හා කථිකාමය වශයෙන් ගොඩනංවන ලද්දක් මිස ස්වභාවික හා ඊනියා වාස්තවික යථාර්ථයක් නොවන නිසාය. විවාහය දා නිළමේ ඇඳුම අඳින්නට සිදුවීම නිසා තමාට දහදිය දැමූ බවද ඇතුගල පවසයි. බටහිර සියල්ල ඔහුට අනියමින් මාර ඒවා වන බැවින් යුරෝපා මංගල ඇඳුමට ඇතුගලයන්ගේ ශ්‍රී දේහයට මාර සීතලක් දැනෙනවා විය යුතුය. ඔහු මංගල උත්සවය දා හෙළුවෙන් සිටියේ නම් එය මේ කිසිදු ඇඳුමකට වඩා යෝග්‍යය. ඒ ඔවුන්ගේ ඊනියා සංස්කෘතික කථිකාවල අවසාන සාරාර්ථය මිනිසා තිරිසනා කිරීම වන බැවිනි. සියල්ල අවසානයේ අපට දැඩි වේදනාවක් ඇත්තේ මෙවැනි මජර අමනයන් හා නරුමයන් සරසවි මහාචාර්යවරුන් බවට පත්වූ මේ රට ගැනය. මෙවන් ලයිනස් සහිත අපරාධකාරයන්ට ලක්ෂ ගණන්වලින් පඩිගෙවන රටේ ජනතා මුදල් ගැනය. මෙවැනි තක්කඩියන් පිරිවරාගෙන දේශප්‍රේමය ගැන කතා කළ මහින්දට යුද්ධය නිමා වී වසර පහකට පසු ගෙදර යාමට සිදුවීමද මේ අනුව එක අතකින් පුදුමයක් නොවේ.

 

රත්තනදෙණියේ මේධානන්ද හිමි.

Related posts

තෙල්දෙණියේ මුස්ලිම් ගමක් රැකගත් ලොකු හාමුදුරුවන්ගේ මෙහෙයුම…

colombotoday

නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!

colombotoday

යලි ඉපැදුනු ඥානසාර හිමි අල්ලා කූඩු කරන්න දඟලන ඩොලර් කාක්කෝ

colombotoday

බෝ නොවන රෝගවලින් වසරකට මිය යන ගණන එක්ලක්ෂ තිස්දාහක්…!

colombotoday

ආහාර සංස්කෘතියෙන් මනුෂ්‍යත්වයේ සෙනෙහස පවුල තුළ ගොඩනගමු!

colombotoday

ලිංගික සන්තර්පනයේ උත්තරීතර අපේක්ෂාව මනුෂ්‍ය පරපුරේ පැවැත්ම සහතික කිරීමයි. මුස්ලිම් උපත් වැඩිවීමට බලපාන කුරානයේ එන ඉගැන්වීම්

colombotoday