Colombo Today Local News

ආණ්ඩුවට වැඩ බෑ – සාක්ෂි පෙන්වමින් මරික්කාර් ආණ්ඩුව පතුරු ගසයි (වීඩියෝ)

තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාත්මක නොකළ දේශපාලන අධිකාරිය මෙන්ම, රාජ්‍ය ආයතන සියල්ල මීතොටමුල්ල ඛේදවාචකයට වගකිව යුතු බවට කොළඹ දිස්ත්‍රීක් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා චෝදනා කර සිටියි.

ඔහු එම කාරණය අවධාරණය කලේ, මීතොටමුල්ල කසල ගැටළුව පිළිබද 28 පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.

ඔහු විසින් කසල ගැටළුව පිළිබදව ජනාධිපතිවරයාගේ සිට පහළට යොමු කරන ලද ලිපි ලේඛන සහ ඒවාට ලැබුණු පිළිතුරු දින වකවානු සහිතව සභාගත කරමින් දීර්ඝ කරුණු  පැහැදිලි කිරීමක් කල මන්ත්‍රීවරයා, කසල කන්දට එරෙහි වීම නිසා එල්ල වූ තර්ජන පිළිබදව ද සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතන වල නොසැලකිල්මත්භාවයත්,  කොළඹ මහා නගර සභාව තීන්දු තීරණ ලිපි වලට පමණක් සීමා කිරීමත්,  කොළොන්නාව නගර සභාව කසල වලින් කොමිස් ලබා ගැනීමට ඉඩ දුන් ආකාරයත්,  නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන වල කල් මැරීමත් මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

කසල සදහා වගකිවයුතු ආයතනයක් නොමැති වීම ද ඔහුගේ විවේචනයට බඳුන් විය.

Related posts

යතුරු පැදිය ට්‍රැක්ටරයක ගැටී යුවළක් මරුට

colombotoday

කොකේන් කිලෝවක් සමග සැකකරුවෙක් අල්ලයි

Admin

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

බූරු මූණා තවදුරටත් රිමාන්ඩ්

Admin

ශ්‍රීලනිප යේ බිම් මට්ටම ගොඩ ගන්න චන්ද්‍රිකා ගමින් ගම යයි

colombotoday

රනිල් අගමැති කරන්නම්. පුලුවන්නම් දිවුරුම් ප්‍රකාශ 113ක් අරගෙන එන්න – ජනපති එජාපයට කියයි

colombotoday