World

ලන්ඩනයේ මුස්ලිම් පල්ලියකට වෑන් රථයක් කඩා වදී..

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පල්ලියක සිටි ඉස්ලාමීය බැතිමතුන් පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කිරීමෙන් බ්‍රිතාන්‍ය වේලාවෙන් අද (19) අළුයම එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

ලන්ඩන් නුවර ෆින්ස්බරි පාක් මුස්ලිම් පල්ලියේ සිට නැවත යන පිරිසක් වෙතට වෑන් රථය ධාවනය කර තිබෙන අතර මෙය බ්‍රිතාන්‍යයේ තිබෙන විශාලතම පල්ලිව ලින් එකක් යැයි බ්‍රිතාන්‍යය මුස්ලිම් කවුන්සිලය නිවේදනය කළේය. මුස්ලිම්වරුන්ගේ රාමදාන් මාසය තුළ මෙම ප්‍රහාරය එල්ල වූ අතර රාත්‍රී යාච්ඤා සඳහා පැමිණ යමින් සිටි පිරිසක් වෙත වෑන් රථය කඩා වැදී තිබේ.

මෙම ක්‍රියාව ඉස්ලාම් ආගම කෙරෙහි බියක් තිබෙන බව පෙන්වීමට කරන ලද උත්සහයක් යැයි බ්‍රිතාන්‍යයේ විශාලතම මුස්ලිම් සංවිධානය සඳහන් කළේය.

පොලිසිය මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය. සිදුවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

“මේ සිදුවීම ඇසීමෙන් මම මහත් පුදුමයටත් කනගාටුවටත් පත්වුණා” යැයි විපක්ෂ නායක සහ කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් පැවැසීය.

Related posts

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin

දින දෙකක් තිස්සේ වාහන දහසකට වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගයක සිරවෙයි

colombotoday

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

චීන සහ ඉන්දියා ගැටුමින් ඉන්දීය හමුදා සෙබළුන් 20ක් මරුට

colombotoday

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

අමෙරිකාවේ කොවිඩ් මරණ ලක්ෂ 2 ඉක්මවයි – එය ලැජ්ජාවට කරුණක් බව ට්‍රම්ප් කියයි

colombotoday