Colombo Today Local NewsHot News

අස්ගිරිය නිහඩතාවය බිදී.. ‘සංහිදියාවට මුවාවී බෞද්ධ මර්ධනයක්‘ මහා නාහිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස් ප්‍රකාශන ශෛලිය කිසිසේත් අනුමත නොකරන නමුත්, උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජය වෙත අවධාරණය කරයි.

ඊයේ (20දා) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව මෙම විශේෂ නිවේදනය නිකුත් කළහ. ඉන් අවධානය කළ කරුණු 08 සැකෙවින් මෙසේය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ හැසිරීම් රටාව අනුමත නොකරන අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව අවධාරණය කරන්නේ උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන බවයි.

ජාතිවාදී, හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේ නිහඬ කිරීමට රජය දරණ උත්සාහය මහ නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාව හෙළා දැක තිබේ.

පවත්නා නීතිරීති වෙනස් කිරීමට යාමෙන් අර්බුදකාරී වටපිටාවක් සමාජය තුළ ඇති වීමට හේතු වන බවක් පෙනී යන අතර, සිංහල බෞද්ධයන් ඉලක්ක කරගෙන නව නීතිරීති හඳුන්වාදීමට යාම මෙම අර්බුදයට මූලික හේතුව බව උන්වහන්සේගේ මතයයි.

ජාතික සංහිඳියාවට මුවාවී සිදුකරනු ලබන රක්ෂිත හා ඒ ආශ්‍රිත ඉඩම් මංකොල්ලය මෙන්ම උතුරු නැගෙනහිර පුරාවස්තු විනාශ කිරීම වහා නතර කිරීමට රජය ක්‍රියාකළ යුතු බවද අද නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කරයි.

පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම පසෙක තබා එම ස්ථාන සංචාරක පාරාදීස බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග වහා නතර කළ යුතු බවද මහ නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව පෙන්වා දෙයි.

සිංහල ජාතිය වඳ කිරීමට ඇතමුන් ගන්නා උත්සාහය පිළිබඳව පළ වන විවිධ වාර්තා කෙරෙහි රජය වහා අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය විකෘති කරන ප්‍රකාශ පාලනය කිරීම සඳහා කෙටුම්පත් කර ඇති බෞද්ධ ප්‍රකාශන පනත් කෙටුම්පත වහා සම්මත කරන ලෙසද එම නිවේදනයෙන් සිහිපත් කරයි.

දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණයන් හමුවේ ත්‍රෛනිකායික මහා නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නයත්, දේශ හිතෛෂී ජනතා බලවේගයත් එක්සත්ව කටයුතු කිරීමේ වැදගත්කමද උන්වහන්සේ අවධාරණය කර තිබේ.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1570308749696044/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇමති විදුර වික‍්‍රමනායක පිස්සෙක්.. එවන් පිස්සෙකු පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලුවේ ඇයි. – මහින්ද පතිරණ

colombotoday

ජපානයේ ආගමික වැඩසටහන අවලංගුයි.. ඥාණසාර හිමි රටින් නොයයි..

colombotoday

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

colombotoday

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

ජාතික ආරක්ෂක සමුළුවට ජනපති එක් වෙයි

Admin