Colombo Today Local News

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

අස්ගිරි මහ නාහිමි ඇතුළු කාරක සංඝ සභාවේ හිමිවරුන් පෙරේදා (20දා) සිදුකළ ප්‍රකාශයට උරණ වූ රජය අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කිරීමට කටයුතු කරන බවත් මෙය ගැටඹේ රාජෝපවනාරාමයට කටුකම්බි ගැසීමට සමාන දෙයක් බවත් රන්ගිරි දඹුලු විහාරාධිපති අස්ගිරි ජේ‍යෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම මංගල හිමියෝ ඊයේ (21දා) සවස මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ.

රංගිරි දඹුලු රජමහා විහාරය රජයට පවරාගෙන සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලට දෙන බවට අපට දැනගන්න ලැබුණා. මේ සඳහා අගමැතිවරයාගේ සහයෝගයෙන් අකිල විරාජ් ඇමැතිතුමා පුරාවිද්‍යා කටයුතු ඇමැතිවරයා බවට පත් කළා. අස්ගිරි විහාරයේ සිද්ධස්ථානයක් වන බෞද්ධ දේවාලගම් පනත යටතේ ක්‍රියාත්මක වන රංගිරි දඹුලු රජමහා විහාරය දැන් පවරා ගන්න කටයුතු කරන බවට දැනගන්න තිබෙනවා.

අප අස්ගිරි විහාරයේදී පසුගිය 20 වන දින අස්ගිරි කාරක සංඝ සභාව එක්රැස්වී රටේ වත්මන් තත්ත්වයක් පිළිබඳව සාකච්ඡා කළා. එයට සමගාමීව අප රජයට ප්‍රකාශයක්ද නිකුත් කළා. ඒ ප්‍රකාශයේ යම් යම් කටයුතු සඳහා මමත් සම්බන්ධ වුණා. ඒ නිසා අපට රිදවීම සඳහා රන්ගිරි දඹුලු සිද්ධස්ථානය රජයට පවරාගෙන පාලනය කරන්න උත්සාහ කරනවා. ගැටඹේ රාජෝපවනාරාමයටත් කටුකම්බි ගැසුවේ මේ ආකාරයටමයි. මේ සිද්ධීන් දෙක අතර යම් සම්බන්ධයක් පවතිනවා. ඒ යහපාලන රජයේ තත්ත්වයන් කියා අප සිතනවා. අප මේවාට කම්පා වන්නේ නැහැ. අප මහා විහාරයීය භික්ෂුන් වහන්සේලා ලෙස ඉදිරියටත් රට ජාතිය සමාජය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරන බව අප අකිල විරාජ් ඇමැතිවරයාට නොබියව පවසනවා.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1475606439144296/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

ඉෂාලිනිගේ දේහය ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන යන ලෙස අධිකරණයෙන් නියෝග

colombotoday

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday

රනිල් වික්‍රමසිංහ පැරදිලා ලෝක වාර්තා තැබූ පුද්ගලයෙක් : Video

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

පරම්පරා තුනකට හම්බන්තොට චීනයට.. චීන සමාගම අවසන් ඔප්පුව සකසා අවසන් !

colombotoday