Colombo Today Local News

රෑට රෑට හොරෙන් හදන කළුබෝවිල මුස්ලිම් පල්ලිය ගැන කීවාට එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් පොලීසි යයි !

ashoka 52

විහාරස්ථාන තුනකට අවහිර වන පරිදි කළුබෝවිල භාතියා මාවතේ රාත්‍රී කාලයේ ඉදිකරමින් පවතින අනවසර මුස්ලිම් පල්ලිය සම්බන්ධයෙන් නීතිඥ අශෝක සේරසිංහ මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් මුස්ලිම් ජනතාවට අපහාසයක් සිදුව තිබෙන බවත්, එම ප්‍රකාශය මගින් ජාතිවාදය ඇවිස්සෙන බවත් පවසමින් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ කොහුවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා නීතීඥ අශෝක සේරසිංහ මහතාට දඩුවම් ලබා දිය යුතු බවත් යහපාලනය යටතේ ජාතිවාදය ඇවිස්සීමට ඉඩ නොදෙන බවත් පවසමින් මන්ත්‍රිවරයා මෙසේ අදහස් දක්වා සිටියා.

පන්සල් තුනක් වටකර රෑට රෑට හොරෙන් හදන මුස්ලිම් පල්ලියක්, කළුබෝවිල මුස්ලිම් අන්තවාදීන් ආගමික ගැටුමකට මුළපුරයි !

කළුබෝවිල හත්බෝධිය පුරාණ විහාරය, ශ්‍රී මහා විහාරය සහ භාතිය මාවත සාරානාත් ධර්ම නිකේතනය යන විහාරස්ථාන තුනකට මැදිව දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් අනවසරයෙන් ඉදිකරමින් පවතින මුස්ලිම් පල්ලියක් හේතුවෙන් ප්‍රදේශයේ සාමාකාමී වටපිටාවට දැඩි බලපෑමක් එල්ලවෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් උද්ගත වෙමින් පවතී. මේ පිළිබදව දැනුවත් කිරීම සදහා පසුගිය ජූනි 19 වනදා කළුබෝවිල හත්බෝධිය විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර මුජිබර් රහුමන් මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලට තුඩුදී ඇත්තේ එම මාධ්‍ය සාකච්ඡාවේදී නීතීඥ අශෝක සේරසිංහ මහතා ප්‍රදේශයේ ආගමික සහජීවනය බාධා කරමින් හිස ඔසවන මුස්ලිම් අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයයි.

මාධ්‍ය හමුවේදී පූජ්‍ය එළමල්දෙණියේ සාරාන්නද හිමි සහ අධිනීතීඥ අශෝක සේරසිංහ මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්. (අශෝක සේරසිංහ මහතාගේ අදහස් දැක්වීම විනාඩි 8.47 සිට)

Related posts

කොළඹ සම්පුර්ණයෙන් වසා දැමීමට සාකච්ඡා ?

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

ජපාන තානාපති සහ ආරක්ෂක ඇමති අතර විශේෂ හමුවක්

colombotoday

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් කොවිඩ් රාජකාරි අත්හරිති

colombotoday

ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීමට රාජ්‍ය ඇමති සුදර්ශිනී විශේෂඥ කමිටුවක් පත්කර නෑ |කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්‍රමවේදයක සිට විසදුම් සෙවිය යුතුයි.

colombotoday