Colombo Today Local NewsHot News

ඥාණසාර හිමි කුමන්ත්‍රණකරුවෙක්ද? ආණ්ඩුව වැට්ටුවේ ඥාණසාර හිමිද? – බොදු බලය පිළිතුරු දෙයි

‘හලාල් සහතිකයෙන් පටන්ගෙන් ඥාණසාර හිමි ආණ්ඩුවක් වැට්ටූ හැටි‘  නමින් පසුගිය සතියේ ‘ඉරිදා දිවයින‘ පුවත්පතට මාධ්‍යවේදී සී.ඒ. චන්ද්‍රප්‍රේම විසින් ලියූ ලිපියකට බොදු බල සේනා සංවිධානය විසින් පිළිතුරු ලිපියක් මේ සතියේ ‘ඉරිදා දිවයිනේ‘ පලකර තිබේ. 88, 89 භීෂණ සමයේ රාජ්‍ය අනුග්‍රහය ලැබූ ඝාතන කල්ලියක් වූ ‘ප්‍රා‘ කල්ලියේ සාමාජිකයෙක් වූ සී.ඒ. චන්ද්‍රප්‍රේම පසු කාලයේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ‘කොලපාට සමාජය‘ ග්‍රන්ථයද රචනා කළේය. ඔහුගේ ලිපිය මගින් බොදු බල සේනා සංවිධානය හරහා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පෙරළිම සදහා කුමන්ත්‍රණය කළේ යැයි  චෝදනා නගා තිබිණි. එම චෝදනාවලට බොදුබල සේනා සංවිධානය ලබා දුන් පිළිතුරු ලිපිය පහත දැක්වේ.

සිය දේශපාලන හා මූල්‍ය අවශ්‍යතා හා න්‍යායපත්‍ර උදෙසා ප්‍රබන්ධ නිෂ්පාදනය කිරීමේ කලාවේ දක්‌ෂයකු වන සී. ඒ. චන්ද්‍රප්‍රේම විසින් සුපුරුදු පරිදි සිය වර්තමාන ස්‌වාමීන්ට අත්‍යවශ්‍ය ලිපියක්‌ ප්‍රබන්ධ කොට “බොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌“ ලෙසින් හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥාණසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටූ හැටි නමින් පසුගිය දා “ඉරිදා දිවයින”ට ලියන ලද ලිපිය පිළිබඳවය.

මුලින්ම අසත්‍ය කරුණු පදනම් කොට පාඨකයාට සත්‍ය ලෙස හැඟෙන පරිදි බොහෝ දෙනා හොඳින් දන්නා ප්‍රසිද්ධ කරුණු ඉතා සුළු ප්‍රමාණයක්‌ සමග අති බහුතරයක්‌ චන්ද්‍රප්‍රේම නම් වූ ප්‍රබන්ධකරුවා ගේ හිතලු සමග මිශ්‍ර කර පිළියෙළ කළ මේ අච්චාරු ප්‍රබන්ධය තුළ වූ අසත්‍ය අන්තර්ගතයන් පිළිබඳ අපගේ විරෝධයත්, මුදලක්‌ ගෙවා මෙවන් අසත්‍ය කරුණු කියවීම ට සිදුවීම තුළින් ප්‍රබුද්ධ පාඨකයාට සිදු වූ පාඩුව පිළිබඳත් කනගාටුවත් පළ කරමු. එහෙත් මෙවැනි ප්‍රබන්ධ සාහිත්‍යයෙන් යම් වින්දනයක්‌ ලබන පිරිස්‌ද සිටින බව ද පැහැදිලිය.

මේ මාතෘකාව පිළිබඳව සමාජයට සාධාරණයක්‌ කරන්නට අප සමග ඕනෑම වේදිකාවක විවාදයක්‌ කරන්නට ප්‍රසිද්ධ අභියෝගයක්‌ චන්ද්‍රප්‍රේමට අපි ඉදිරිපත් කරමු. සුදුසු නම් අපගේ රාජගිරිය කාර්යාලය යොදා ගත හැක.

සිය දේශපාලන, ආගමික හෝ ජනවාර්ගික අවශ්‍යතා නිසා බොදු බල සේනාවට අනේක වූ උප්පැන්න සහතික නිකුත් කරන ප්‍රබන්ධකරුවන් හා ප්‍රබන්ධයන් පිළිබඳව බොදු බල සේනා බිහිකිරීමට මූලික වූ අපට සිනා සීම හා අනුකම්පා කිරීම හැර වෙනත් විකල්පයක්‌ නොමැත. කෙසේ වෙතත් අනුන්ගේ න්‍යාය පත්‍රවලට ලිවීම කළද සත්‍ය වෙත පිවිස සිය ලේඛන කරන ලෙසත් අපි යෝජනා කරමු.

කොල්ලුපිටියේ හයවන පටුමගේ තිබූ මාගේ කාර්යාලයේ පරිගණක භාවිත කරමින් හිටපු ජනාධිපති විඡේතුංග වෙනුවෙන් ව්‍යාපෘති සකස්‌ කොට මුදල් හා වාහන ලබා ගැනීමට යොදා ගනු ලැබූ චන්ද්‍රප්‍රේමගේ ප්‍රබන්ධ දක්‌ෂතාව හා බුද්ධිමත් බව මා හඳුනාගත්තේ 1993 දී පමණ වන අතර එම ප්‍රබන්ධ කුසලතාව ඔහුගේ ජීවනෝපාය ලෙස පසුගිය අවුරුදු 25 තුළ අතිශය දියුණු වූ බව මගේ පිළිගැනීමය. 1993 දී රන්ජන් විඡේරත්න දේශපාලන විද්‍යා පීඨයේ දේශකයෙක්‌ ලෙස මා චන්ද්‍රප්‍රේම හඳුනාගත් බව මතකය. එමෙන්ම ප්‍රා කල්ලිය සමග තිබු සම්බන්ධයන් අප සමග කිවූ බවද මතකය.

බොදු බල සේනාවේ අප සමග කිසිදු තොරතුරක්‌ හෝ අදහස්‌ විමසීමක්‌ නොකොට බොදු බල සේනාව ගැන අත්‍යවශ්‍ය සටහනක්‌ ගැන චන්ද්‍රප්‍රේමගේ ප්‍රබන්ධය ගැන අපට කියන්නට ඇත්තේ එය රවුµa හකීම් ගේ තේ µeක්‌ටරියේ ගින්න පිළිබඳ ප්‍රබන්ධයට නොදෙවෙනි බවය. සදාචාර සම්පන්න මෙන්ම වෘත්තිය මාධ්‍යකරුවෙකු යම් ආයතනයක්‌ පිළිබඳ විශ්ලේෂණාත්මක හා පර්යේෂණ මට්‌ටමේ ලිපියක්‌ සකස්‌ කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගෙන් විමසා කටයුතු කිරීම පිළිගත් වෘත්තීය සදාචාරයයි. එහෙත් ප්‍රබන්ධකරුවන්ට සිය අභිමතය පරිදි හිතලූ ලිවීමට ගැටලුවක්‌ නොවේ. ප්‍රබන්ධකරුවන්ට මුදල් ලැබෙන්නෙ ප්‍රබන්ධය සත්‍ය ලෙස ලියන තරමටය. බොදු බල සේනාව ගැන උප්පැන්න දෙන තවත් වින්නඹු තාත්තා කෙනෙක්‌ වූ රොහාන් ගුණරත්න ද මෙවැනිම ප්‍රබන්ධ බොදු බල සේනාව ගැන ලියා ඇත. දේශන පවත්වා ඇත. ඕනෑම බොරුවක්‌ සත්‍ය ලෙස ප්‍රබන්ධ කිරීමට චන්ද්‍රප්‍රේම රොහාන් මට්‌ටමටම දක්‌ෂ බව බොදු බල සේනාව ගැන සත්‍ය දන්නා අපට මේ ප්‍රබන්ධය කියවීමේදී පැහැදිලිය.

“හලාල් සහතිකයෙන් පටන් ගෙන ඥාණසාර හිමියන් ආණ්‌ඩුවක්‌ වැට්‌ටු හැටි“ යන ලිපිය විශ්ලේෂණාත්මක්‌ පර්යේෂණ ලිපියක්‌ නම් මාතෘකාව හා එහි අන්තර්ගතය පිළිබඳව යම් හැඳින්වීමක්‌ සඳහන් විය යුතුය. බොහෝ දෙනා නිවැරැදිව නොදන්නා හලාල් සහතිකය හා ඒ අර්බුදය පිළිබඳ කිසිදු හැඳින්වීමක්‌ හෝ විශ්ලේෂණයක්‌ මේ ලිපියේ නොමැත. අදාළ ආණ්‌ඩුව පරාජයවීම පිළිබඳව ද කිසිදු විශ්ලේෂණාත්මක විග්‍රහයක්‌ මෙහි නොමැත. ප්‍රබන්ධකරණයට එය අදාළ නොවීම නිසා එහි ගැටලුවක්‌ද නොමැත.

මොහුගේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථ කිහිපයක්‌ චන්ද්‍රප්‍රේමගේ ප්‍රබන්ධය කියවීමේදී ග්‍රහණය කර ගැනීමට අපහසු නැත.ඔහුගේ ලිපිය තුළින් ජනතාව නොමග යවමින් මූලික වශයෙන්

Ö බොදු බල සේනාව විසින් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා පරාජය කිරීමට කුමන්ත්‍රණය කළ බව

Ö බොදු බල සේනාව හෙළ උරුමයේ නිර්මාණයක්‌ බව හා චම්පික රණවකගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක සංවිධානයක්‌ බව

Ö බොදු බල සේනා හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ප්‍රචණ්‌ඩ ජාතිවාදී බව පෙන්වීම

Ö යන මත සමාජගත කිරීමට අසාර්ථක උත්සහයක්‌ දැරීමට කටයුතු කරන බව පැහැදිලිය.

බොදු බල සේනාවට එරෙහිව මෙවනි ප්‍රබන්ධ පළ කිරීමෙන් යම් දේශපාලන කණ්‌ඩායම් වල වරදාන ලබන බව අප හොඳින් දනිමු. ඒ අතර බොදු බල සේනා යනු ජාතිවාදී සංවිධානයක්‌ හා එහි නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරි හා ප්‍රචණ්‌ඩ භික්‌ෂුවක්‌ යන මතය සමාජගත කිරීම මෙන්ම මෙවැනි ප්‍රබන්ධ මෙම පුවත්පත මුලාශ්‍ර ලෙස ගෙන ජාත්‍යන්තර භාෂාවලට පරිවර්තනය කර බෞද්ධාගමට හා භික්‌ෂුන්ට එරෙහිව මත ගොඩ නැගීමේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග ඇති බවත් ඒ වෙනුවෙන් අරමුදල් පවා යොදවන බවත් ප්‍රකට කරුණුය.

මුලින්ම චන්ද්‍රප්‍රේම නම් වූ ප්‍රබන්ධකරුවාගේ මාතෘකාව විශ්ලේෂණය කර බලමු.

හලාල් සහතිකය

හලාල් සහතිකය යනු මුස්‌ලිම් අයගේ හලාල් නම් වූ ආගමික අයිතියට එහා ගිය ඉස්‌ලාමික වෙළෙද ව්‍යාපාරයක්‌ බවත් සමාජ බෙදුම්වාදයක්‌ බවත් එය ලෝකය පුරා ඉස්‌ලාම්කරණය සඳහා යොදා ගනු ලබන කුට උපක්‍රමයක්‌ බව ලියන්නට චන්ද්‍රප්‍රේමට කශේරුකාවක්‌ නොමැති බවත් අපිට පැහැදිලිය. 2012 අවසානයේ හලාල් සහතිකකරණයට එරෙහි වූ බොදු බල සේනාව එදා සිටම ප්‍රකාශ කළේ අවුරුදු සිය ගණනක්‌ භුක්‌ති විඳි හලාල් ආගමික අයිතියට අපට ගැටලුවක්‌ නොමැති බවය. එහෙත් 90% පමණ ඉස්‌ලාමික නොවන බෞද්ධ, හින්දු, ක්‍රිස්‌තියානි පාරිභෝගිකයින් පිට අනවසරයෙන් හා අයුක්‌ති සහගතව හා සදාචාර විරෝධී ව පටවන ලද, නීත්‍යානුකුල නොවන “හලාල් බද්දට“ අප විරුද්ධ බව පමණි. එයට සාධාරණ හේතු තිබුණි. එහෙත් ආගමික ගැටුම්වලින් ප්‍රයෝජන ලබන දේශපාලකයින් හා චන්ද්‍රප්‍රේම වැනි ප්‍රබන්ධකරුවන් මෙන්ම සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම සාධාරණ ගැටුම එනම් පෞද්ගලික ආයතන හෝ ආගමික සංවිධාන විසින් අලුත් ඉස්‌ලාමයක්‌ හා කුරානයක්‌ යොදාගනිමින් කරන ලද ආගමික බෙදුම්වාදයක්‌ නිර්මාණය කර අන්‍යාගමිකයින් හට වංචාකාරි ලෙස පටවන ලද “හලාල් බද්දට“ එරෙහිව කරන ලද සටන ආගමික අන්තවාදයක්‌ ලෙස ප්‍රචාරය කොට එය වෙනත් මානයකට ගෙන යැම පමණි.

බොදු බල සේනාව කළ මෙම “හලාල් බද්ද“ පිළිබඳ සටන නිසා කිසිම ප්‍රචණ්‌ඩකාරි ගැටුමක්‌ නිර්මාණය නොවුණි. එය හුදෙක්‌ වාද විවාද මත පදනම් වූ වාචික හා ලිත අරගලයක්‌ පමණක්‌ විය. කැනඩාවේ පර්යේෂණ ආයතනයක්‌ හෙළි කළ පරිදි එම රටේ හලාල් සහතික වලින් එනම් මෙම හලාල් බදු වලින් ඩොලර් මිලියන් 50 ක්‌ ජාත්‍යන්තර ත්‍රස්‌තවාදීන්ට දී ඇත. එමෙන්ම අපේ රටේ මෙම මුදල් ඉස්‌ලාම්කරණය උදෙසා යොදා ගන්නා බව පැහැදිලිය. වෙනත් රටවල හලාල් භාණ්‌ඩ මිලදී ගැනීමට වෙනම කඩ හෝ කවුළු තිබුණද අපේ අදූරදර්ශී නායකයින් නිසා හා නිසි පාලනයක්‌ නොමැති නිසා හා නිදා සිටින ජාතියක්‌ නිසා සමස්‌ත ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියම හලාල් කරණයට ලක්‌ වී ඇති බව ඉතා පැහැදිලිය.

හලාල් සහතිකය සම්බන්ධයෙන් අදාළ ආයතන විසින් සිංහල බෞද්ධයින් පමණක්‌ නොව හින්දු කතෝලික සියලු දෙනා රවටමින් “හලාල් බද්ද“ ඉතා කුමන්ත්‍රණකාරී ලෙස පටවා ඇති අතර අපගේ මෙම මුදල් ඉස්‌ලාම්කරණය වෙනුවෙන් පමණක්‌ නොව ෂීෂී ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් යොදා ගැනීsමේද අවදානමක්‌ ඇත. සිරියාවේ මුලින්ම මියගිය ශ්‍රී ලාංකික ෂීෂී සාමාජිකයා හලාල් සහතිකය මුලින් දුන් උලමා සංවිධානය සමග සම්බන්ධතා තිබු බවත්, යම් මුදල් ගෙවීම් කර ඇති බවත්, ඔවුන්ගේ යම් පැවරුම් වලට සම්බන්ධ වී ඇති බවත් අප කළ චෝදනා වලට මාස කිහිපයක්‌ ගතව වුවද පිළිතුරක්‌ නොදීම යම් සැකයක්‌ උපදී. බහුතරයක්‌ මුස්‌ලිම් පිරිස්‌ අන්තවාදී නොවුණ ද, මේ වහබ් වාදයට ඔවුන් ගොදුරු වීම හා අවසානයේදී ත්‍රස්‌තවාදයට යොමු වීමද අප විසින් වළක්‌වා ගත යුතුය.

චන්ද්‍රප්‍රේම වැන්නවුන් කියන පරිදි ඔවුන් කිසි විටක මුස්‌ලිම් අන්තවාදයේ හෝ ත්‍රස්‌තවාදයේ ගොදුරක්‌ නොවනු ඇත. ඔවුන් ඒ තීරණාත්මක මොහොතේ කිසිදු අරගලයකින් තොරව ඉස්‌ලාමය වැළඳ ගනු ඇත. එවන් පිරිසක්‌ සිටියහොත් මේ රටේ ඉස්‌ලාමික ත්‍රස්‌තවාදයක්‌ ඇති නොවන බවට චන්ද්‍රප්‍රේම නගන තර්කය සාධාරණය.

ආණ්‌ඩුව වැට්‌ටීම

මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ පරාජයට හේතුව බොදු බල සේනා හා මුස්‌ලිමයින් ඔහු වෙතින් ඉවත්වීමට හේතුව එයට ප්‍රධාන හේතුව බව පෙන්වීමට චන්ද්‍රප්‍රේම සිය ප්‍රබන්ධය මගින් අසාර්ථක උත්සාහයක යෙදී ඇති බව ඉතා පැහැදිලිය. බොදු බල සේනාවට පහර ගසා මුස්‌ලිමයින් සැනසීම මගින් සිය පාර්ශවයට බලය ලබා ගැනීමට මහින්දට උපදෙස්‌ දෙන වන්දිභට්‌ටයින් නිසා මහින්දට සිදු වනුයේ කොහොල්ලෑ බබාට වූ දේ විය හැකි බවට අපි අනතුරු හඟවමු.

අපට මහින්ද හිටපු ජනාධිපතිවරයාගෙන් අසන්නට ඉතා සරල ප්‍රශ්න කිහිපයක්‌ ඇත.

2014 මෛත්‍රිපාල සිරිසේන මහතා ඔබෙන් ඉවත්වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද? එය ඔබේ පරාජයට ප්‍රධානම හේතුවය.

Ö ඔබ වසර 2 කට කලින් ජනාධිපතිවරණය පැවැත්වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

Ö ඔබේ පක්‌ෂයේ හිටපු නායිකාව වූ චන්ද්‍රිකා මහත්මිය ඔබට එරෙහි වූයේ බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

Ö රනිල් වික්‍රමසිංහ මහතාට සිය අපේක්‌ෂකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතාට දීමට සිදුවීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

Ö ජාත්‍යන්තර ප්‍රජාව ඔබට එරෙහි වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද?

Ö රාජිත, චම්පික, දුමින්ද, ගුණවර්ධන වැනි ඇමතිවරුන් ඔබෙන් ඉවත් වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද ?

Ö ත්‍රිවිධ හමුදා, පොලිස්‌ ඇතුළු රාජ්‍ය සේවක ජන්ද ප්‍රතිශතය ඔබට අඩු වීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද ?

Ö තරුණ ඡන්ද ඔබට අහිමිවීම බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ ද ?

Ö ඔබ යුද්ධය ජයග්‍රහණය කළත්, රටේ පාරවල් හැදුවත්, ගුවන් තොටුපොළවල් හැදුවත්, වරායවල් හැදුවත්, ඔබට අපේක්‌ෂිත ඡන්ද නොලැබුණේ බොදු බල සේනා කුමන්ත්‍රණයක්‌ නිසා?

බොදු බල සේනා නිසා චම්පික) රතන හිමි සමග ඔබෙන් වෙන් වූ ඡන්ද රාශියක්‌ ඔබ සමග නතර වූ බව ඔබ විශ්වාස කරනවා? එසේ නොවුණා නම් ඔබගේ පරාජය මීට වඩා දරුණු වීමට ඉඩ තිබුණි.

මෙම ප්‍රශ්න තව දිග්ගැසීම තේරුමක්‌ නැත

ඔබට මුස්‌ලිම් ඡන්ද යම් ප්‍රමාණයක්‌ අඩු වීමට බොදු බල සේනා නම යොදා ගනු ලැබුවද බොදු බල සේනා පිළිබඳ වැරදි චිත්‍රය මැවුණේ ඔබගේ මාධ්‍ය විසින් සිදු වූ දේ පිළිබඳ සත්‍ය හෙළිදරව් කිරීමට පනවා තිබු වාරණ නිසාවෙනි. අදත් අලුත්ගම සිද්ධිය පිළිබඳ සත්‍ය සමාජයෙන් ඈත් වී ඇත. මුස්‌ලිමයින් හා බෞද්ධයින් හා විශේෂයෙන් බොදු බල සේනා හා ඥානසාර හිමි මේ අර්බුදවලට ඉලක්‌ක වූයේ බොරු ප්‍රබන්ධකරුවන්ට මාධ්‍ය තුළ ඉඩදී සත්‍ය හෙළි කරන්නට අපට ඉඩ නොදීමේ දේශපාලන කුහක කම නිසාවෙනි.

අප ඔබට ජනාධිපතිවරණයේ දී උදවු කළේ මුස්‌ලිම් ඡන්ද ඈත් කිරීමට නොව ඔබගේ වැරදි තිබුණ ද, බොදු බල සේනාවට යම් පාඩුවක්‌ වන බව ඒ අවස්‌ථාවේ පවා තේරුම් ගෙන තිබුණ ද අද නිර්මාණය වී ඇති රතන හිමි ඇතුළු බොහෝ දෙනෙකු අද දකින අරාජික තත්ත්වය 2014 අගභාගයේදී අදට වසර 2කට පෙර දකින්නට බොදු බල සේනාවට විචක්‌ෂණ ඥානයක්‌ තිබුණු බැවිනි.

මහින්ද ජනාධිපතිතුමනි, මට පෞද්ගලික වුණත් පහත කරුණ සියලු දේශපාලකයින්ට සාධාරණය.. එනම් වන්දිභට්‌ටයින්, ප්‍රබන්ධකරුවන් නිසා නායකයින් වැරදි තීරණ ගැනීමට පෙළඹීමය,

2013 දී අරලියගහ මන්දිරයේදී ඔබ මට කීවේ ඔබේ ආණ්‌ඩුව පෙරළීමට මා හාමුදුරුවරුන් යොදා කුමන්ත්‍රණය කරන බව හා පුළුවන් නම් ආණ්‌ඩුව පෙරළන ලෙස අභියෝග කිරීමය. ඒ ඔබ කුමන්ත්‍රණකරුවන් වූ වන්දිභට්‌ටයන් හා ප්‍රබන්ධකරුවන් ගේ කතා අසාය. ඔබගේ බුද්ධි අංශවලට එය හසු නොවුණේ එවැනි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ නොමැති වූ නිසාවෙනි. අප සංවිධනය රට, ජාතිය, ආගම ගැන කතා කිරීම කුමන්ත්‍රණයක්‌ ලෙස සිතන්නට තරම් ඔබව මේ ප්‍රබන්ධකරුවන් මුලා කර තිබුණි.

2014 බොදු බල සේනා කටයුතු නිසා මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ කරන බව ඔබට ඒත්තු ගන්වා මා අත්අඩංගුවට ගැනීමට හෝ යම් අනතුරක්‌ කිරීමටය. මේ ප්‍රබන්ධකරුවන් ශක්‌තිමත් වුවද ඔවුන් ඒ වෙනුවෙන් මාධ්‍ය මෙහෙයුමක්‌ ද ක්‍රියාත්මක කරන ලදී. මා ඊට පෙර ඉ තැපෑලක්‌ ඔබට හා මාධ්‍යට නිකුත් කිරීම නිසා මාගේ ආරක්‌ෂාව මා විසින්ම තහවුරු කර ගන්නා ලදී.

මේ කරුණු ඉදිරිපත් කළේ දේශපාලන වහලුන්, වන්දිභට්‌ටයින්, ප්‍රබන්ධකරුවන් නිසා නායකයින් අන්ධ වීම ගැන තේරුම් කරන්නටය. මේ ලිපිය අවසානයට කියවන විට චන්ද්‍රප්‍රේමගේ මහින්දට ඇති ප්‍රේමය, එදා විෙ-තුංගට, රනිල්ට තිබු තාවකාලික ප්‍රේමය ලෙස තේරුම් යනවා පමණක්‌ නොව අපට බොහෝ දෙයට පිළිතුරු සැපයීම අනවශ්‍ය බවය.

බොහෝ නායකයින්ට බලය ලැබුණු විට, ඡන්දයෙන්, ද්වේශයෙන්, භයෙන් හා ද්වේශයෙන් අගතියට යාම සිදුවන බව හා දේශපාලන වහලුන්, වන්දිභට්‌ටයින්, ප්‍රබන්ධකරුවන් විසින් මේ තත්ත්වය භයානක තත්ත්වයකට ගෙන එන බව සිහියට ගත යුතුය.

බොදු බල සේනාව

බොදු බල සේනාව යනු ගෝලීය බලවේග වන මුදල්, දේශපාලන, ආගමික හා මාධ්‍ය බලවේග හමුවේ ගෝලීය සුළුතරයක්‌ බවට පත් වී ඇති සිංහල බෞද්ධයින් , වසර 500 ක තිස්‌සේ විදේශික හා ඔවුන් විසින් පෝෂණය කළ දේශීය බලවේගවල අනෙක වූ තාඩන පීඩනවලට ලක්‌ වූ අසරණ සිංහල බෞද්ධයින් , ශක්‌තිමත් කොට නගා සිටුවා බුදු දහම අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති භික්‌ෂු, භික්‌ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වනක්‌ පිරිසේ දායකත්වයෙන් කටයුතු කරන නීත්‍යානුකුල ආයතනයකි.

චන්ද්‍රප්‍රේම ආදී වූ බොහෝ ප්‍රබන්ධකරුවන්ට අප සංවිධානය, අන්තගාමි, ජාතිවාදී, ආගම්වාදී, ප්‍රචණ්‌ඩ හෝ ත්‍රස්‌තවාදී ආයතනයක්‌ ලෙස ප්‍රචාරය වූ බව මාධ්‍ය ඔස්‌සේ අපට පෙනේ. එමෙන්ම සමහර ස්‌ථාන වල නොමග ගිය පිරිස්‌ විසින් කළ යම් සිද්ධිවලට අපව සම්බන්ධ කරන බවත් අපට ඉතා පැහැදිලිය. අපට සිනා යන්නේ ආයුධ සන්නද්ධ කල්ලිවලට සම්බන්ධ වී තුවක්‌කු භාවිත කර මිනිස්‌ ඝාතනවලට නායකත්වය දුන් සමහර පාර්ශවයන් පවා ගල් කැටයක්‌ පවා අතට නොගත් බොදු බල සේනාවට ආයුධ අමෝරා ගෙන මාධ්‍ය ඔස්‌සේ පෙනී සිටීමය.

අන් සියලු ආයතනවලට හා පුද්ගලයින්ට අදාළ පරිදි අපගේත් අඩුපාඩු තිබෙන බව අප මැදහත්ව පිළිගනිමු. එහෙත් බොහෝ දේශපාලකයින් මෙන් අපි ප්‍රචණ්‌ඩ කල්ලි මෙහෙයවා නොමැත. අප කර ඇත්තේ නිදා සිටින ජාතියක්‌ අවදි කරන්නට ටිකක්‌ සැරෙන් කතා කිරීම පමණි. අප මතු කළ බොහෝ කරුණු අද සත්‍ය වෙමින් පවතී. නායකයින් පවා බොහෝ කරුණු පිළිබඳ නිදා ගෙන මෙන් රගන විට අපට එසේ කළ යුතුව තිබුණි. අප මතු කළ යථාර්ථයන් මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙන්ම බහුතරයක්‌ ජනතාව පිළිගෙන ඇති බව පැහැදිලිය. සාම්ප්‍රදායික නායකයින්ට හා පක්‌ෂවලට නොමැති ජන ආකර්ෂණයක්‌ ඥානසාර හිමිත් සේනාවත් දිනාගනිමින් සිටින මොහොතක, විවිධ දේශපාලන පක්‌ෂවල වහලුන් ලෙස බෙදී භින්න වී ඇති සිංහලයින් රට, ජාතිය හා ආගම වෙනුවෙන් එක්‌ වෙමින් පවතින මොහොතක මෙවැනි ප්‍රබන්ධ සාහිත්‍යයක්‌ බිහි වීම අප අපේක්‌ෂා කරමු.

අප විසින් පසුගිය වසර 5 ක්‌ තුළ මේ රටේ ප්‍රධානම සමාජ බලවේගයක්‌ බවට පත් වූයේ ගල් කැටයක්‌වත් ප්‍රචණ්‌ඩකාරී ලෙස යොදා නොගෙනය. එහෙත් අලුත්ගම ඇතුළු බොහෝ සිද්ධිවලට අපට උප්පැන්න සහතික ලබා දීමට ප්‍රචණ්‌ඩ ප්‍රබන්ධ කරුවන් කටයුතු කරන බව පැහැදිලිය.

සිංහල බෞද්ධයා මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් නිදි කරවා සිටි ජනතාව මෙන්ම හොර නින්දේ සිටි නායකයින් අවදි කිරීමට අප ගත් උපායමාර්ගික උත්සාහයන් සාර්ථක වී ඇත. රට ගොඩ නගන්නට කළ යුතු දෑ බොහෝය. ඉදිරි වසර 5 තුළ ජනතාව එය අවබෝධ කර ගනු ඇත.

සිය මව්බිමේ ඓතිහාසික උරුමක්‌කාරයා වූ සිංහල බෞද්ධයා බහුතරයක්‌ වූ රටක බෝඩිම්කාරයින්ව ජීවත්වීමට සිදුවීම නිසා 1996 බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ කොමිසම් සභාවක්‌ද, 1959 බුද්ධ ශාසන කොමිෂන් සභාවක්‌ ද පත් කිරීමට සිදු විය. එම වාර්තා මෙන්ම 2007 සමස්‌ත ලංකා බෞද්ධ සම්මේලනයේ අන්‍යාගමිකරණය පිළිබඳ කොමිෂන් වාර්තාව කියවූ ඕනෑම කෙනෙකුට බෞද්ධයින් අසරණ වී ඇති බව හා රාජ්‍ය නායකයින් නිරන්තරයෙන් සිංහල බෞද්ධයින් රැවටීමත් , අන්‍යාගමිකයින් සැනසීමත් පැහැදිලිව දැකිය හැක.

එසේ නොවුනේ නම් 2001 ජුලි මස 18 දින ජනාධිපති චන්ද්‍රිකා බුද්ධශාසන ජනාධිපති කොමිෂන් සභාවක්‌ පත් කළේ ඇයි? 2002 ජුනි 28 වැනි දින අගමැති රනිල් සිය ආණ්‌ඩුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් මෙම වාර්තාව මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළේ මන්ද? යන ප්‍රශ්න අප විසින් විමසිය යුතුය. චන්ද්‍රිකා, රනිල්, මහින්ද පමණක්‌ නොව බහුතරයක්‌ දේශපාලකයින්, නිලධාරින්, උගතුන්, වෘත්තිකයින් මාධ්‍යවේදීන් පමණක්‌ නොව අපේ බොහොමයක්‌ භික්‌ෂුන් වහන්සේලා පවා මේ වාර්තාව කියවා නොමැත. එයට ප්‍රධාන හේතුව මෙම වාර්තාව සංකේතාත්මකව පළ කර මෙම තොරතුරු හැකිතරම් සඟවා තැබීමය. චන්ද්‍රප්‍රේම අවංකව මෙය කියවා තිබුණා නම් මෙම ප්‍රබන්ධය නොකරන බව පැහැදිලිය. බොදු බල සේනා 2012 දී බිහි වූයේ මක්‌ නිසාද යන්නට හේතුව 2002 මෙම බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාව බව හා දස වසක්‌ මෙහි නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටි අපගේ නායකයින් නිසා බව අප පැහැදිලිව ප්‍රකාශ කරමු. 2002 සිට 2017 දක්‌වා මේ රට පාලනය කිරීම හා යම් සම්බන්ධයක්‌ ඇති සියලු දෙනා මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක්‌ නොව මෙම වාර්තාව කියවීමට පවා උනන්දු නොවීම ජාතියේ අවාසනාවකි, ජාතික අපරාධයකි.

මෙම වාර්තාව පිළිබඳව සියලු දෙනා දැනුවත් කිරීම බොදු බල සේනා මේ වන විට ආරම්භ කර ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන හිටපු පාලකයින්ට එරෙහිව අප විසින් පොලිසියට ද පැමිණිලි කර ඇත. මේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයක්‌ ඉල්ලා සිටින ලෙස සිංහල බෞද්ධයාට හිතැති කොන්ද පණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි අභියෝග කරමු. බහුතරයක්‌ වූ සිංහල බෞද්ධයාගේ සිත් රිදවා කිසිදු සංහිඳියාවක්‌ මේ රටේ අද ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බව නායකත්වය දැරූ, දරන නායකයින් වන චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, රනිල් මෙන්ම මනෝ ගනේෂලිංගම් මෙන්ම තානාපති අංශ මෙන්ම රාජ්‍ය නොවන අංශ ද තේරුම් ගත යුතුය. සංහිඳියාව ගොඩ නගන්නට පූර්ව දැනුමක්‌ ලෙස මෙම ලේඛනය පරිශීලනය කළ යුතුය. සියලු භික්‌ෂූන් වහන්සේලා මෙය හෝඩිපොත ලෙස මෙය කියවිය යුතුය.

ක්‍රිස්‌තියානි මූලධර්මවාදීන් සිංහල බෞද්ධයින් ගැටුමට කැඳවන කුමන්ත්‍රණ හා කරනු ලබන හානිය මෙම කොමිෂන් වාර්තාවේ පිටු අංක 121- 135 පැහැදිලිව දක්‌වා ඇත. මුස්‌ලිම් ආක්‍රමණය ගැන මෙහි පිටු අංක 136 – 139 පැහැදිලිව දක්‌වා ඇත. කුරගල, මුහුදු විහාරය, දීඝවාපි ඇතුළු ආක්‍රමණ රැසක්‌ හෙළි කරන මේ වාර්තාව සිංහල ජනගහන අනුපාතය සාපේක්‌ෂව අඩුවන බව පැහැදිලිව දක්‌වා ඇත. මෙහි 141 පිටුවේ දක්‌වා ඇත්තේ 2002 වැනි විටත් මෙම ආගමික අර්බුද ප්‍රචණ්‌ඩත්වය දක්‌වා වර්ධනය වී ඇති බවය. ඒ අනුව නිසි පියවර වහාම ගතයුතු බව ප්‍රකාශ කරන කොමිසම සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

එසේ නොකළහොත් ශ්‍රී ලංකාවේ ආගමික ආරවුල් ඇති වී රටේ අස්‌ථාවර භාවයක්‌ පහළ විමට බොහෝ ඉඩකඩ ඇති බව අවවදාත්මකව ප්‍රකාශ කර ඇත.

කනගාටුව මේ දක්‌වා සිටි කිසිදු නායකයෙක්‌ මේ පිළිබඳව සංවේදී නොවීමයි. ඔවුන් හා ඔවුන්ගේ වහලුන් හා විජාතික බලවේග අද කරනුයේ මේ සත්‍ය වසන් කොට සියලු අර්බුදවලට ඥානසාර හිමියන් හා බොදු බල සේනාව බිල්ලට දීමේ පාපකාරි ක්‍රියාවේ නිරත වීම පමණි.

අවුරුදු 15 පෙර තිබු මෙම තත්ත්වය අද වන විට ඉතා කනගාටුදායක හා සංකීර්ණ තත්ත්වයකට පත් වී ඇත්තේ රට ජාතිය හා ආගම ගැන නොසිතා සිය පෞද්ගලික සුඛ විහරණය ගැන සිතන නූගත්, අදක්‌ෂ දේශපාලකයින් නිසාය.

යමෙක්‌ අද සංහිඳියාවක්‌ වෙනුවෙන්, නව ව්‍යවස්‌ථාවක්‌ වෙනුවෙන් පෙනී සිටින්නේ නම්, ඊළඟ ජනාධිපති සිහින දකින්නේ නම් මේ වාර්තාව අනිවාර්යයේ නම් කියවිය යුතුය. සිය ප්‍රතිපත්තිවලට මෙය පදනම් කර ගත යුතුය. මේ වෙනුවෙන් පෙනී සිටිය යුතුය.

සිය පෞද්ගලික මැඬිල්ල තරකර ගැනීමට වන්දිභට්‌ටකම් කරන ප්‍රබන්ධ රචනයේ යෙදෙන චන්ද්‍රප්‍රේමලා නොව රට, ජාතිය, බුද්ධ ශාසනය ප්‍රමුඛ කරගත් දුටුගැමුණුලා ඉල්ලා සිටින යුගයක්‌ බොදු බල සේනා හා විශේෂයෙන් ඥානසාර හිමිගේ අභීත සිංහ නාදය හා උන්වහන්සේ සමග එක්‌ව පෙනී සිටින මහා සංඝ රත්නය ඇතුළු සිව්වනක්‌ පිරිස විසින් නිර්මාණය කර ඇති බව ජනාධිපති සිහින දකින සියලු දෙනා පමණක්‌ නොව සමස්‌ත ජනතාවම සිහියට ගත යුතුය.

මේ ප්‍රබන්ධයේ මාතෘකාව හා කරුණු සම්බන්ධයෙන් හැකි ඉක්‌මණින් විවාදයකට පැමිණෙන ලෙස චන්ද්‍රප්‍රේමට කළ අභියෝගය නැවත සිහිපත් කරමු.

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරි – බොදු බල සේනා

Related posts

‘INS KABRA’ කොළඹ වරායට සේන්දු වෙයි

Admin

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් රට අවුලෙන් අවුලට…

colombotoday

වරාය, ගුවන්තොට විකිණීමට විරෝධය දැක්වූ 28ක් රිමාන්ඩ්

colombotoday

එජාපය සමඟ යහන් ගතවී සිටින ගමන් බොරු විරෝධයක් පෙන්වන ව්‍යාජ ප්‍රේමවන්තයන්ට රැවටෙන්න එපා

colombotoday

කොරෝනා වයිරසය ජයගැනීමට නබි තුමාගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගත හැකියි. අධිකරණ ඇමති අලි සබ්‍රිගෙන් පණිවුඩයක්

colombotoday