Colombo Today Local News

ක්‍රීඩා අමාත්‍යංශයේ වියදමින් නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු අතුරුදන්

නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල් ඉන්ද්‍රවංශ මහතා එහිදී අතුරුදහන් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් උපුටා දක්වමින් ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දින ඔහු අතුරුදහන් වී ඇති බවත් එම තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණී බවත් එම නිලධාරියා කීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම තරග සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු ඇතුළත්ව සිටි බව කී එම නිලධාරියා එම කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ද සඳහන් කළේය.

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය මේ මස 2 වැනිදා ආරම්භ විය.

Related posts

ඉල්ලීම් ලැබෙන තුරු බස් වර්ජනයේ.. රටපුරා මගීන් මහ පාරේ !

colombotoday

කොළඹ බස් හා දුම්රිය සේවා යළි ඇරඹේ

colombotoday

කුවේටයේදී අතුරුදන්වූ ගෘහ සේවිකාවගේ සිරුර වසරකට පසු අධි ශිතකරණයක තිබී සොයාගනී

colombotoday

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370ට නගී

colombotoday

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday