Colombo Today Local Newsextremism & terrorism activities

මරාවි හමුදා ප්‍රහාරයෙන් ‘ලාංකික ISIS ත්‍රස්තවාදීනුත්‘ මිය ගිය බව පිලිපීන ජනපති තහවුරු කරයි

පිලීපීන රජයේ හමුදා විසින් එරට ‘මරාවි‘ නගරය තුළ ත්‍රස්තවාදීන් ඉලක්ක කොට පසුගිය දා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර වලින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සාමාජිකයන් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ත්‍රස්තයන්ද මියගොස් ඇතැයි පිලීපින ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ තහවුරු කර ඇති බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මාසයේ මරාවි නගරයේ අයි.එස් ත්‍රස්තයන් ඉලක්ක කරමින් එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් 329 දෙනෙකු මියගොස් තිබූ අතර එයින් 225 දෙනෙකු ත්‍රස්තවාදීන් බව ජනාධිපතිවරයා පැවසූ බව එම මාධ්‍ය වාර්තා පවසයි.

“මරාවීහීදී සිදුකළ ගුවන් ප්‍රහාරවලින් මියගොස් ඇති අය අතර ශ්‍රී ලංකාව, සිරියාව, ඉන්දුනීසියාව, මැලේසියාව සහ මැදපෙරදිග රටවලින් පැමිණි අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ සාමාජික විදෙස් ත්‍රස්තයන් විශාල ප්‍රමාණයක් ඔබට සොයා ගන්න පුළුවන්. අපි ගුවන් ප්‍රහාර එල්ල කළේ අපි ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට වඩා ඉදිරියෙන් සිටින නිසා. ඔවුන් ඉගෙනගෙන ඇත්තේ ඝාතනයේ කෘරත්වයයි. ඔවුන් විනාශ නොකළේ නම් ඔවුන් ඔබව පුලුස්සාවි. ඔබගේ ගෙල සිදීවි“ යනුවෙන් පිලිපීන ජනාධිපතිවරයා ප්‍රහාරයෙන් සතියකට පසුව හමුදා සාමාජිකයන් සමග කදවුරක ගමන් ගන්නා අතරතුර පවසා තිබේ.

මූලාශ්‍රය 

Related posts

මුහුණු ආවරණ අවිධිමත් ලෙස බැහැර කලොත් අත්අඩංගුවට

colombotoday

මිලියන 125 ක් අල්ලස්ගත් රේගු නිලධාරීන්ට ඇප දීලා

colombotoday

චීනයේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් ලංකාවට කොරෝනා පරීකෂණ කට්ටල 20064ක පරිත්‍යාගයක්

colombotoday

ධීවර රැකියාවට කොරියා යන්න 700 ක් බඳවා ගැනේ. අයදුම්පත් නිකුත් කිරීම 19 දා සිට.

colombotoday

ඔනේෂ් සුබසිංහව ඝාතනය කර ඇත්තේ දේපළ සහ ජීවිත රක්ෂණය ගන්න

Admin

ප්‍රදේශ කිහිපයකට තද වැසි

colombotoday