Colombo Today Local News

දූෂණ මර්දන කාර්යාලය වැහුවේ බැඳුම්කරයේ විමර්ශන යට ගහන්නයි !

දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමුවේ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන කටයුතු යට ගැසීමට බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පවසයි.

ඊට හේතුව ලෙස සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීමත් සමඟ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයද ඉබේම වැසී යන බවයි.

විශේෂයෙන්ම බැඳුම්කර පිළිබඳ ජනපති විමර්ශන කොමිසම මේ මස 27 වැනි දිනෙන් අවසන් වන අතර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට එය දීර්ඝ කළ හැකි බව පවසන සමරසිංහ මහතා චෝදනා කළේ පවතින තත්ත්වය සමඟ එය කෙසේවත් සිදු නොවනු ඇති බවයි.

අදාළ කාර්යාලය වසා දැමුවා කියා බඳුම්කර හොරකම පිළිබඳ තමාට ආ ලොකුම චෝදනාවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ගැලවීමට නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් හර්ජුන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරයි. අධිකරණයේදී හෙළිවෙයි

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 76,000ක් දිවයිනට

colombotoday

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

වන්දි අරගෙන ගොවීන් කන්නේ සල්ලිද?

colombotoday