Colombo Today Local NewsHot News

රටටම හොරෙන් මංගල සමරවීර කළ මහා පාවාදීම.. ඇමති මහින්ද සමරසිංහ හෙළිකරයි !

යුද ජයග්‍රහණයට දායක වූ හමුදා නිලධාරීන්, දේශපාලන නායකයන්ට චෝදනා ගොණුකර විදේශ රටවලදී පවා දඩුවම් කිරීමට මග පෑදෙන ‘අතුරුදන් කරවීම වැළැක්වීම සදහා වූ ජාත්‍යන්තර ප්‍රඥප්තියට‘ එවකට විදේශ ඇමති මංගල සමරවීර විසින් රටටම හොර රහසේ අත්සන් තබා ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා හෙළිදරව් කළේය.

මේ සතියේ ඉරිදා දිවයින පුවත්පත ඒ සම්බන්ධයෙන් පලකර ඇති වාර්තාව පහත දැක්වේ.

“මේ අතර පසුගිය සතියේ මහින්ද සමරසිංහ ඇමැතිවරයාද එක්‌තරා පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවනු ලැබුවේ රට හමුවේ තවත් වැදගත් සත්‍යයක්‌ හෙළිදරව් කිරීමටය. ඒ සත්‍යය වූකලී බලහත්කාරයෙන් අතුරුදන් කරවූවන් ආරක්‍ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳව රටට ඇත්ත පැහැදිලි කිරීමයි.

මෙම පනත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට සියලු කටයුතු සැලසුම් කර තිබියදී අතරමග නතර වූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසාය. ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතිය විමසා බලා රටට ඇත්ත හෙළි කිරීමේ වගකීම පැවරෙන්නේ මහින්ද සමරසිංහටය.

මහින්ද සමරසිංහ මේ සත්‍ය තත්ත්වය හෙළිදරව් කළේය. මේ සම්මුතිය ලංකාව, මාලදිවයින, ඉන්දියාව යන රටවල් තුනට ජාත්‍යන්තරය විසින් ඉදිරිපත් කර ඇති අතර අනෙක්‌ රටවල් එහි අවදානම තේරුම් ගෙන අවසන් නිගමනයකට කැමැත්ත පළ කර නැත. එහෙත් ලංකාව පමණක්‌ එයට අත්සන් තබා එකඟතාවයට ද කැමැත්ත පළ කර තිබීමෙන් සහතික කර තිබිණි.

ලංකාවේ එවකට විදේශ ඇමැති ලෙස ක්‍රියා කළේ මංගල සමරවීරය. විදේශ ඇමැති මෙය අත්සන් තැබීමට පෙර හා අවසන් එකඟතාව ලබාදීමට පෙර රට දැනුවත් කර පාර්ලිමේන්තුව දැනුවත් කර පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබාගැනීමට තිබුණේ යෑයි මහින්ද සමරසිංහ පෙන්වා දුන්නේය. ඔහු එය හෙළි කළේ මෙවන් අවදානම් සහිත භයානක ගිවිසුමක්‌ අත්සන් තැබීමට පෙර අදාළ ඇමැතිවරයා ගිවිසුම හොඳින් කියවා තේරුම් ගෙන බරපතළකම දැන රට ගැන සිතා කටයුතු කළේ නම් රට මේ අවදානමෙන් මුදාගන්නට ඉඩ තිබුණා යෑයි රටටම හැඟෙන පරිදිය.

කෙසේ වෙතත් දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා විශාරදයෝ පසුගිය සතියේ පෙන්වා දුන්නේ ලංකාව එම ගිවිසුමට අත්සන් කර අනුමත කර ඇති බැවින් දැන් මේ පනත සම්මත කර දිය යුතුම කාරණයක්‌ වී ඇති බවය.“

Related posts

ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

කොඳු ඇටපෙළ හොඳමට ගෙවිලා.. අළුත් සැප වාහනයක් මටත් ඕනා” – විජිතමුණි සොයිසා

colombotoday

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

colombotoday

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ත්‍රිකුණාමලේ බුදු පිළිම කඩා දැමීම : ‘මහසොහොන්‘ නම් බලකායක් තොප්පිය දමා ගනී !

colombotoday