Colombo Today Local NewsNew Constitution

‘මහානාහිමිවරුන්ගේ නියෝජනය 62 ලක්ෂය ඉක්මවා යන්නක්’ – මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

ත්‍රෛයිනිකායික මහනායක හිමිවරුන් නියෝජනය කරන්නේ මෙරට සමස්ත බෞද්ධ ජනතාව බවත් ඒ ප්‍රමාණය මේ රජය බලයට පත් කරන්න ඡන්දය දුන් හැට දෙලක්ෂය ඉක්මවන බවත් රජයත් මැති ඇමැතිවරුනුත් මතක තබා යුතු යැයි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සම ‍ලේකම් මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියෝ සඳහන් කරති.

“අපිට ජනාධිපති හා අගමැති කියන දේ අනුව යෝජිත ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි තැන වෙනස් නොවන බව විශ්වාස කරන්න පුළුවන්. නමුත් මේ ව්‍යවස්ථා සම්පාදන කමිටු වාර්තාවල සඳහන් වන කරුණු සහ එම වාර්තාවලින් කර තිබෙන යෝජනා අනුව අපට බරපතළ සැකයක් මතු වෙනවා. මොකද මේ අතුරු කමිටුවල බෞද්ධ සිංහල සංස්කෘතිය නියෝජනය කරන අය නැති නිසා යැයිද හිමියෝ සඳහන් කළහ.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ආණ්ඩුවේ හා විපක්ෂයේ සුළු පක්ෂවල අය විවිධ මත පළ කරනවා. මේ ව්‍යවස්ථාවේ කෙටුම්පතක්වත් තවම සකස් කළේ නෑ කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. නමුත් රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියන්නේ හැට දෙලක්ෂයක් ජනතාව ඡන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න කියලයි.

අස්ගිරි මහානායක හිමියන් ප්‍රධානව ෙතේ‍රනිකායික භික්ෂූන් වහන්සේ හෑල්ලුවට ලක් කරමින් ඇතැම් උදවිය විවිධ කරුණු ඉස්මතු කර පෙන්වන්න හදනවා. නමුත් අස්ගිරි මහා නාහිමි ඇතුළු මහා සංඝරත්නය ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දක්වන්නෙ හුදෙකලාව නොවේ.

උන්වහන්සේලා නියෝජනය කරන්නේ මේ රටේ සමස්ත බෞද්ධ ජනතාවයි. අනෙක මේ යහපාලනය බලයට ගෙන එන්නත් මාදුළුවාවේ සෝභිත හිමි නායකත්වය ලබා දුන්නා. ඒවා අමතක කරලා මහා සංඝරත්නයේ යෝජනා හෑල්ලුවට ලක්කිරීම ගැන තමන් වහන්සේලා කනගාටු වන බවද සිරිසුමන නාහිමියෝ ප්‍රකාශ කළහ.

ඉකුත් සති අන්තයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වූ සිරිසුමන නාහිමියෝ මේ අදහස් ප්‍රකාශ කළහ. කාර්ය සාධක මණ්ඩලයේ සම ‍ලේකම් ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හිමියෝද මෙහිදී අදහස් ප්‍රකාශ කළහ.

ජයසූරිය උඩුකුඹුර

Related posts

දියතලාව බස් පිපිරීම සැක සහිතයි – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

ජිනීවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කර එක්සත් රටක් බිහිකරනවා – මංගල කියයි.. අනුර කුමාර වේදිකාවේ අත්වැළ අල්ලයි

colombotoday

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

colombotoday

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් විග්නේශ්වරන් ඉවත්වේ ?

colombotoday

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්ඡා කළා – ජනපති

colombotoday